ප්‍රේම සම්බන්ධයක් බවටත් සැකයක්..
විදුහල්පතිට ෆෝන් එක අහුවෙලා...
පසුගිය 9 වනදා අකුරැස්ස පැරණි පාලමෙන් නිල්වලා ගඟට පැන සිය දිවි නසාගත් පුවතක් වාර්තා වුණා.
මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව සිටි මාරඹ ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවිය නිලවලා ගඟට පැන සිය දිවි නසා ගැනීමට හේතුව මේ වනවිට පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
සිසුවිය සියදිවි නසා ගැනීමට හේතුව ලෙස මුලින්ම සැක කර තිබුනේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙම සිසුවිය ගඟට පනින්නට ඇති බවත්ය.
නමුත් පසුව පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මියගිය සිසුවිය විසින් පාසලට ගෙන ගිය ඇගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසාවෙන් විදුහල්පති ඇයගේ මවුපියන්ට පාසලට පැමිණ දුරකථනය රැගෙනයන ලෙස අවවාද කරීම නිසා සිත් තැවුලට පත්ව ඇය අකුරැස්ස තිබ්බටුවාව පාලමෙන් පැන සියදිවි නසා ගෙන ඇති බවයි.
පසුගිය 09දා සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගත් අතර එහි තිබී ඇයගේ ජාතික හැඳුනුම්පතට අනුව ජේ.කේ. තරුෂි සඳරුවනි යනුවෙන් හඳුනාගෙන තිබුණා.