Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"දවසක ඔහු වෙනස් වුණොත් මාත් වෙන කෙනෙක්ගෙන් ආදරයක් බලා‍පොරොත්තු වෙයි.." ලෝචනා ඉමාෂි - Photos

- "දවසක ඔහු වෙනස් වුණොත් මාත් වෙන කෙනෙක්ගෙන් ආදරයක් බලා‍පොරොත්තු වෙයි.." ලෝචනා ඉමාෂි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,641 Views
"විරහවේ රහ විඳලා තියෙනවා ඕන තරම්..."

"රාගය අනිවාර්යයි.."

ආදරය කියන්නේ තවත් කෙනෙකුට වචනයකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජිවත් වෙන්න ජීවිතය එපා කරවන්නත් මේ කියන ආදරයට පුළුවන්. ලෝචනා ඉමාෂි කියන්නේ හැමෝගෙන්ම ආදරය ලබන නිලියක්. ඇය පුවත්පතකට ආදරේ ගැන කතා කරලා තිබුණේ මේ විදිහට.

ආදරයට නිර්වචනයක් දෙන්න.
ලබාගන්න පුළුවන්කමක් තිබුණොත් සතුටක්. ලබාගන්න නොහැකි වුණොත් දුකක්. මේ තමයි මං දකින ආදරය.

 ආදරය හිතට දැනෙනකොට වයස කීයද?
මුලින්ම ආදරේ හිතට දැනෙනකොට වයස 18ක් විතර ඇති.

 පාසල් ප්‍රේමය මතකද?
මතක හිටින්න පාසල් ප්‍රේමයක මතකයක් තිබිලා නැහැ මගේ ජීවිතේ.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
ප්‍රථම ප්‍රේමය මතකයේ තිබිම හෝ අමතක කිරීම එකිනෙකාට සාපේක්ෂයි. මං නම් ප්‍රථම ප්‍රේමයේ මතකයන් නැතුව ලස්සනට ජීවත් වෙනවා.

පෙම්වතකුගෙන් ලැබුණු මුල්ම තෑග්ග මොකක්ද?
මුලින්ම ලැබුණු තෑග්ගක් ගැන නම් මතකයක් නෑ.

පෙම්වතකුගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
ඔහුගෙන් ලැබුණු වටිනාම තෑග්ග අපේ බබා තමයි ඉතින්.

 ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද?
මං හිතන විදිහට නම් ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි පාර්ශ්වයෙන් තමයි.

 ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවාද?
එහෙම හැඟීමක්වත් දැනිලා නැහැ.

 ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?
නෑ, කවදාවත් මං මුලින්ම ආදරෙයි කියලා නෑ.

 ඔබ වශී වෙන්නෙ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද?
නිතරම මං ගැන හොයලා බලන, ආදරෙන් කතා කරන, කරුණාවන්ත හදවතක් හිමි නම් මං බලා‍පොරොත්තු වන ගතිගුණ ඔහු සතුයි.

 ජනප්‍රිය නළුවෝ කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
වැරදීමකින්වත් ජනප්‍රිය චරිතයකට මං කවදාවත් ආදරේ කරලා නැහැ.

 ආදරය ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොපමණද?
ආදරය තුළ රාගයක් ඇතිවීම, ආදරය කරන පුද්ගලයා මත තීරණය වන කාරණාවක්. ආදරය කරන මුල් කාලයේ රාගය ගැන තේරුමක් නෑ. ඒ ආදරේ විවාහයක් දක්වා ගියාම රාගය අනිවාර්යයි.

 ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද?
ලෝචනා තමයි ඉතින්.

 ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?
මං කතා කරන්නේ ලසන්ත කියලා.

විරහව කී වතාවක් විඳලා තියෙනවාද?
විරහවේ රහ විඳලා තියෙනවා ඕන තරම්.

 ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?
ආදරේට සීමාවක් නෑ. එතැනදි ආදරේ ඇතිවන තරම්ම විවාහයක් දක්වා යන්න පුළුවන්කමක් නෑ. ජීවිතේට විවාහයකින් එකතු කරගන්න පුළුවන් එක්කෙනෙක් විතරනේ. එහිදී විරහවත් අනිවාර්යයි.

පෙම්වතා නිතරම වැඩිමහල් වෙන්න ඕනද?
ඒ දේ නම් අනිවාර්යයි. සැමියා තෝරාගැනීමේදිත් ඔහු මට වඩා වැඩිමහල් වීම බලපෑවා. ඔහුගේ දැනුම, ඉවසීම, අත්දැකීම් හැම දෙයක්ම ඉහළයි. එහිදී වයසින් වැඩිමහල් වීම අතිශයින් වැදගත්.

 ඔහු තරහා වුණාම ඔබ යාළු කරගන්නේ කොහොමද?
ප්‍රශ්නයකදී ඒ ගැන වැඩිපුර කතා නොකර ඔහු ඒක එතැනින්ම නතර කරනවා. අනිත් දවස වෙනකොට ඒ ප්‍රශ්නය ඉවරයි.

 අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවාද?
ආදරේ කරලා තියෙනවා. ආදරේ ලබලා තියෙනවා. නමුත් කවදාවත් හිතින් ආදරේ කරලා නම් නෑ.

 විවාහයෙන් පිට ආදරයක් මුණ ගැහුණොත්?
අපිත් සාමාන්‍ය මිනිස්සු. එහෙම විය හැකියි. ඒත් තවම විවාහයට පිටින් ආදරයක් හමුවෙලා නෑ. දැනට සැමියගේ ආදරේ උපරිමයෙන් ලැබෙනවා. දවසක ඔහු වෙනස් වුණොත් මාත් වෙන කෙනෙක්ගෙන් ආදරයක් බලා‍පොරොත්තු වෙයි.

 දැන් ඔබගෙ කුමාරයා මුණගැහිලද ඉන්නේ?
මට සිහින කුමාරයෝ නැහැ. උපතින්ම ලැබෙන්න පෙරුම් පුරපු හොඳම කෙනා මගේ සැමියා විදිහට මට ලැබුණා කියලා මං හිතනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  377 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,479 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  28,991 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,017 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,560 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,466 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,764 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,233 Downloads



Top 10 Commenters

Latest Comments

Top