තම සහෝදරියගේ ස්වාමිපුරුෂයා අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියාවේ මදුරෙයි ප්‍රාන්තයේ රාජ්කූර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
16 හැවිරිදි අදාල සිසුවිය නිවසේ තනිව සිටින අවස්ථාවක සිය සහෝදරියගේ ස්වාමිපුරුෂයා පැමිණ ඇයව දූෂණයකර තිබෙනවා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් බියට පත්ව සිටි ඇය සිදුවීම දෙමව්පියන්ගෙන් සැඟවීමට උත්සහ ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් 16 හැවිරිදි මෙම දැරිය ගැබ්ගෙන ඇති බවට දැනගත් මව්පියන් සිදුවූ සිදුවීම පිළිබඳව ඇයගෙන් කරුණු අනාවරණය කරගෙන් ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.
පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය සහෝදරියගේ 28 හැවිරිදි ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැබිණියක්ව සිටි 16 හැවිරිදි දැරිය ඊයේ දිනයේදී සියදිවි හානි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ කලකිරීම හේතුවන් අය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇතැයි සැකකෙරෙනවා.