ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ පත් කර තිබෙනවා.
මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ආර්.එම්. කුමාරසිරි රත්නායකයි.
නව පළාත් අමාත්‍ය අනුර විදානගමගේ ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා.
මේ අතර, මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් කලක් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂය සමඟ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.