අකුරැස්ස පැරණි පාලමෙන් නිල්වලා ගඟට පැන අතුරුදන්වු පාසල් සිසුවියගේ මළ සිරුර හමුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඇය ගඟට පනිනු ලැබු ස්ථානයේ සිට මීටර් 200 ක පමණ දුරකින් තිබී පස්වරු 3 ට පමණ සිරුර සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාරඹ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.
ඇය පෝරඹ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුමි ලබන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබු බව සඳහන්.
ඊයේ පස්වරු 1.30 ට පමණ ඇය නිල්වලා ගඟට පැන ඇති අතර ඊයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද සිරුර සොයා ගැනීමට හැකිවුයේ නැහැ.