මංජුලා කොහොමද ජීවිතේ?
මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. තව චූටි සාමාජිකයෙකුත් පවුලට එකතු වෙලානේ ඉන්නේ.
ඩිල්ශාන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වුණ එක ගැන මොකද හිතන්නේ. ?
ඒක ලොකු ආඩම්බරයක්, බිරිදක් විදියට. ඇත්තටම මම මෙහෙම දෙයකුත් කියන්න ඕනි මම ලොකුවට ඒ පැත්තෙන් දකින එක්කෙනෙක් නෙමෙයි. මම ඩිල්ශාන් සෙල්ලම් කරන විදියට තමයි ගොඩක්ම ආස කළේ. නමුත් මේ කාලේ මම් හිතන්නේ ඩිල්ශාන්ගෙන් මම ඒ ආස කරපු විදිය ටිකක් නැවතිලා තියෙනවා කියලා මට පේනවා. මට ඒක ආපහු ඩිල්ශාන්ගෙන් දකින්න ඕනි. ඩිල්ශාන්ගේ කැප්ටන්සි එකත් එක්ක එයා ඒ තත්ත්වෙට එනවා දකින්නයි මට ඕනි.
ඩිල්ශාන් මේ තනතුරට සුදසුයි කියලා ඔයා හිතනවද?
මෙහෙමයි. මට ඒක ඇත්තටම කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස නම් නායකත්වයේ සුදසු නසුදසුකම් ක්‍රිකට් කියන වටපිටාවට තමයි අයිතියි. මං ඒකට සම්බන්ධ නෑ. මම ඒ වටපිටාව ගැන දන්නෙත් නැහැ. ඇත්තටම මට ඒක අවශ්‍යත් නැහැ. ගෙදර කැප්ටන්සි එක මම දන්නවානේ. මට ඒ ඇති.
ඩිල්ශාන්ගේ නායකත්වය ගැන කතා කරද්දි කතා කරන්න ඕනි තව දෙයක් තමයි ඉවසීම සම්බන්ධයෙන්. බොහෝ දෙනෙක් ඩිල්ශාන්ගේ මේ ඉවසීම නැතිකම විවේචනයට පවා ලක් කරලා තියෙනවා. ඉතින් ඉවසිම නැතිකම නායකත්වයට සුදසුද?
ඕක හරිම සාමාන්‍ය දෙයක්. අපේ ලංකාවේ පොඩිදේත් ලොකු කර ගන්නවානේ. සාමාන්‍යයෙන් ජවය ඇති ක්‍රීඩකයෙක් තුළ ඇති වෙන සාමාන්‍ය හැගීමක්. සමහරු ඒක ප්‍රකාශ කරනවා. සමහරු හංගගෙන ඉන්නවා. ඉතින් මම් හිතන්නේ ඩිල්ශාන්ගේ විදියත් එක්ක ඒක ඩිල්ශාන් යන ක්රමයේ හැටි. ඕක ඔච්චර ලොකුවට කතා කරන්න දෙයක් නෙමෙයි. මම් හිතන්නේ අපි ප්‍රශ්න නොකර ඒගොල්ලන්ට ජයග්‍රහණය කරා යන්න සුදසු වටපිටාව හදලා දෙන එක තමයි අපිට කරන්න පුළුවන් දේ.
හැබැයි නායකයෙකුට ඒක සුදසුද ?
ඔව් ඒක තමයි. මම ක්‍රිකට්වල ඉතිහාසය ගැන ගොඩක් දේවල් දන්නේ නෑ. කොහොම වුනත් ඉතිහාසයේදීත් මේ වගේ ක්‍රිඩකයෝ හැසිරිලා ඇති. ඇත්ත. දිල්ෂාන්ගෙත් හදාගන්න දේවල් තියෙනවා කියලා දිල්ෂාන් ම කියලා තියෙනවා. ඉතිං ඒ වැරදි හදාගෙන යන ගමන මේ. කාට වුණත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි කවුරුත් සම්පුර්ණ වෙච්ච අය නෙමෙයිනේ. මේ නිසා එයාට ඒ ගමන යන්න මං නම් කියන්නේ කාලය එයාගේ පාර හදලා දෙයි කියලා.
මංජුලා හිතන විදිහට අපේ ක්‍රිකට් ටීම් එකේ මෙතෙක් බිහි වෙච්ච හොඳම නායකයා කවුද?
මම ක්‍රිකට් ක්‍රිඩකයෙකුගේ බිරිඳක් වුණාට ඒ නායකත්වයක තියෙන වගකීම කියන එක සරල ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. ඕකේ පැති ගොඩක් තියෙනවා. අපි සරලව හිතලා කියන උත්තර ගොඩක් අයගේ හිත රිදෙන්න පුළුවන්.
නව නායක දිල්ෂාන්ගේ බිරිඳ විදිහට මම කියන්න කැමැතියි මම දකින නායකයන් අතරින් මහේල කියන පුද්ගලයාගේ හොඳ ගතිගුණ, හොඳ විදිහක් මම දැක්කා. මම හිතන්නේ නායකත්වයේ ලොකු පරාසවල් තියෙනවා. ඉතිං ඒවා ගැන කතා කරන්න මට දැනුමක් නැති නිසා පුද්ගලයින් වශයෙන් දැක්ක අයගෙන් මම හිතනවා මහේල හොඳ නායකයෙක් වෙලා හිටියා කියලා.
හරි මංජුලා බො හොම ස්තුතියි. හිරු වෙබ් සයිට් එකත් එක්ක කතා බහට එකතු වුණාට.
මංජුලා සමග කළ සජීවී සංවාදය මෙතැනින්....