ගායිකාව තමන්ගේ බිරිඳ බව පොලීසියට කියලා...
ජා ඇලට ආසන්න ප්‍රදේශයක පදිංචි මෙරට ජනප්‍රිය ගායිකාවකගේ පස්සෙන් නිතර පැමිණ කරදර කරන බව කියන පුද්ගලයෙකු කඳාන පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා මෙම ගායිකාවගේ නිවසට හොර රහසේ ඇතුළුවීමට උත්සහ කර ඇති බවත් පසුව නිවසේ සිටි පුද්ගලයෙකු මෙය දැක ඔහු අල්ලා දණගස්වා පහරදී පොලිසියට බාරදී ඇති බවත් සඳහන්.
පසුව අදාළ පුද්ගලයාගෙන් පොලිසිය කළ ප්‍රශ්ණ කිරීමකදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ එම ගායිකාව තමන්ගේ බිරිඳ බවයි.
ඔහු සතුව ඇයගේ පුවත්පත් වාර්තා සහ ඡායාරූපද ඇති බවට පොලිසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මානසික රෝගියෙකු බවත් ඔහුට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝහලට ඇතුලත් කළ බවයි.
මෙම පුද්ගලයා කඳාන ප්‍රදේශයේ පාලු නිවසක පදිංචිව සිටි අයෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා