Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
"මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්" - රවී කරුණානායක තනතුර අත්හරිමින් කියපු කතාව - Video

- "මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්" - රවී කරුණානායක තනතුර අත්හරිමින් කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,044 Views
තමා විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.



සිය ප්‍රකාශය කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ තමා නීතිවිරෝධී ආකාරයට මුදල් උපයා නොමැති බවයි.

සිය දේශපාලන ජීවිතය මුදල් ඉපයීම සඳහා යොදා නොගත් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සිය අමාත්‍ය ධුරය භාවිතා කළේ ජනතාවට සේවය කිරීමට බවයි ඔහු සිය විශේෂ ප්‍රකාශය මගින් තවදුරටත් සඳහන් කළේ.

ඉතිහාසය සහ කාලය තමාට හිමිතැන තීරණය කරනු ඇති බව ද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී තවදුරටත් කියා සිටියා.

ඇමති රවී පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්



---------------------------------

අමාත්‍ය රවී කරුණානායක මේ වන විට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටිනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා ඒ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා..

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (09)ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා.

ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙවැනි හමුවක් සිදුවූ බව සනාථ කළා.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඊයේ රැදී සිටින ආකාරය ද එහි ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඊයේ පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටියේ නැහැ.

එමෙන්ම, ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී අමාත්‍ය රවී කරුණානායකට එම ධුරයෙන් ඉවත්වන ලෙස හෝ ඔහු ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර, අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දිනය පිළිබඳව අද රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.

අද පස්වරු 04 ට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමේදී යළිත් වතාවක් අමාත්‍ය රවී කරුණානායකගේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  375 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  3,479 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  1,918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  28,988 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,017 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,560 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,464 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  22,763 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,454 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  4,232 Downloads



Top 10 Commenters

Latest Comments

Top