සැමියා සඳහා ම පැලයක් සිටුවා එයට සාත්තු කරමින් එයින් පලදාව ගෙන සැමියාට ඉරීමට දුන් බිරිඳක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය කර ඇත්තේ සැමියාට පාවිච්චි කිරීම සඳහා ගංජා වගාකර ඊට සාත්තු කිරීමයි.
කහටගස්දිගිලිය - කෝන්වැව මාර්ගයේ පදිංචි ගෙවිලියක් මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.
කහටගස්දිගිලිය පොලිසියේ දූෂණ මර්දන අංශය මෙම වැටලීම කරන විට නිවස පිටුපස ගංජා පැලය සිටුවා තිබූ අතර එය අඩි හතක් උසට හොදින් වැඩි තිබූ බව සඳහන්.
සැකකාර කාන්තාව ගංජා පැලය ද සමග අත්අඩංගුවට ගැනුනා.
මෙම ගෙවිලියගේ සැමියාට ගංජා සුරුට්ටු ඉරීම සදහා ගංජා වවන බවට ලැබුණු තොරතුරක් මතයි වැටලීම කර තිබුනේ.
සැකකාරියේ නිවස පිටුපස පිහිටි ජල කරාමය ආසන්නයේ ගංජා පැලය වවා තිබූ අතර ඇගේ සැමියා ගංජා සුරුට්ටු ඉරිමට තදින්ම ඇබ්බැහිවී සිටින අයෙක් බවත් සඳහන්.
තම සැමියාගේ මෙම අයහපත් පුරුද්ද හේතුවෙන් තමන් ඇතුළු පවුල මහත් අසරණව සිටින බවත් ඒ හේතුවෙන් තමන් මෙලෙස නිවසේ ගංජා පැළයක් වගාකිරීමට පෙළඹුණු බවට ඇය අනාවරණය කළ බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
සැමියා ද අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කල අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර ගෙවිලිය සැමියාගේ අවශ්‍යතාව සදහා ගංජා පැලය සදා වතුර දමමින් ඊට සාත්තුකර තිබෙන බවත් විටින් විට ගසෙන් පලදාව ලබාගෙන තිබෙන බවත් අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවටගත් ගංජා පැලයේ තිබු ගංජා දළු සහ කොළවල බර කිලෝග්‍රෑම් එකක් පමණ වනවා.
ඒවා වියළුණු පසුව ග්‍රෑම් 250ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
පනස් හැවරිදි දෙදරු මවක් වන ගෙවිලිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගෙන තිබෙනවා.
දඩුවම් නියම කිරීම සැප්තැම්බර් මස 17 වනදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.