Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
"මම දැන් පෙම්වතෙක් ළගදීම විවාහ වෙනවා.." උපුල් තරංග ආදරේ ගැන මුල්වරට හෙළි කරයි. - Exclusive - Photos

- "මම දැන් පෙම්වතෙක් ළගදීම විවාහ වෙනවා.." උපුල් තරංග ආදරේ ගැන මුල්වරට හෙළි කරයි. - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,635 Views
"මාව සතුටින් තියෙන ඒක තමයි එයාට වැදගත්.."

"විශ්‍රාම යන්න තව කල් තියෙනවා.."

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉන්දියානු කණ්ඩායම ලංකාවට පැමිණ තිබෙනවා තරගාවලි කිහිපයකයකට. ඉන්දියාව හා ලංකාව අතර මේ දින වල පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස හා එක්දින තරග සදහා නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංග.ආරම්භක පිතිකරුවෙක් විදිහට පිවිසෙන උපුල්  වමත් පිතිකරුවෙක්. 

මුල් පෙළ හෝ මැද පෙළ එහෙමත් නැත්තම් පසු පෙළ ක්‍රීඩා කරන්න ලැබුණත් ඔහු කවදත් පිත්තේ දක්ෂතා පෙන්නුවා. ඉදිරි තරග හා ඔහුගේ පුද්ගලික ජිවිතේ තොරතුරු හිරුගොසිප් තුලින් කතා කරන්න අපි හිතුවා. මේ ඔහු ගැනයි.

උපුල් මේ දවස්වල විවේක සුවයෙන්ද..?
නැහැ. ඉදිරි තරග පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ  ක්‍රීඩාංගනයේදී. මේ දවස්වල කණ්ඩායම පුහුණුවීම් වල නිරත වෙනවා. විවේකයක් නම් නැති තරම්.

උපුල් දැන් පෙම්වතෙක්ලු නේද .?
ඔව්. මට පෙම්වතියක් ඉන්නවා.

ඇය මුස්ලිම් යුවතියක්  කියලා රාවයක් පැතිරුණා. ඒ කතාව ඇත්තද..?
එයා ගැන ඉදිරියේදී දැන ගන්න පුළුවන්. එයා කවුද මොනවාද කරන්නේ කියලා.

විවාහයට කලවයස හරි කියලා හිතෙන්නේ නැද්ද..?
විවාහ වෙන්න දැන් කාලය හරි කියලා මටත් හිතෙනවා. ළගදීම මම විවාහ වෙන්න ඉන්නේ.

ඔබට ඇයව මුණගැහෙන්නේ ටික කලකට පෙරයි. ඔබ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. ඒ කාලේ ඇය ඔබට මොනවාද කිව්වේ..?
මම ජාතික කණ්ඩායමේ ටික කාලයක් හිටියේ නැහැ. නමුත් ක්‍රීඩා සමාජ තරග සදහා සම්බන්ධ වුණා. එයා ඒ කාලේ මගේ  මානසිකත්වය හදන්න උත්සහ ගත්තා. මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක එයාට වැදගත් නැහැ. එයා නිතරම හිතන්නේ මම ක්‍රීඩකයෙක් විදිහට සාර්ථක වෙන්න ඕන කියන එක හා මම සතුටින් ඉන්න ඕන කියන එකයි. මම ඉන්න හැම තරගයක්ම එයා බලනවා. විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා.

උපුල් තරංග කියන්නේ ඉතාමත් කාර්යබහුල ජිවන රටාවක් එක්ක ජිවත් වෙන කෙනෙක්. මේ කාර්යබහුලකම එක්ක පුද්ගලික ජිවිතේට පෙම්වතියට ඉඩක් වෙන් කරන්න කාලය මදි ඇති. නිදහසේ ඔබට ජිවත් වෙන්න වටපිටාව පෙම්වතිය සකස් කරලා දෙනවද..?
එයා මගේ කාර්ය බහුලකම දන්නවා. ඒ නිසා මට නිදහසේ ජිවත් වෙන්න මානසිකසුවයෙන් ඉන්න අවශ්‍ය වපසරිය එයා හදලා දෙනවා. විවේකය ලැබුණු ගමන් මමත් පුද්ගලික ජිවිතේ ගැන හිතනවා.

ඔබට නායකත්වය ලැබුණු හැම තරගයක්ම ඔබ ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඊළගට ඔබ නායකත්වය ලබා දෙන තරගාවලියට සුදානම කොහොමද...?
හොද සුදානමක් තියෙනවා. ඉන්දියාව කියන්නේ තුන් ඉරියව්ව්වෙන්ම දක්ෂතා දක්වන කණ්ඩායමක්. අපි එංගලන්ත කණ්ඩායම පරාජය කරලා පෙන්නුවා. ඒ වගේම ඉදිරි තරගවලත් හොදින් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැගෙන එන්න හැමෝම උත්සහ ගන්නවා. අපේ කණ්ඩායමත් සමබර කණ්ඩායමක්.

පළපුරුදු ප්‍රවීණ ක්‍රීඩකයින් දෙතුන් දෙනෙක් හා නවකයින්ගේ සුසංයෝගයක් තියෙන ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන ඒක ඔබට අභියෝගයක් වෙන්න ඇති..?
අපේ කණ්ඩායමේ දැන් ඉන්නේ ප්‍රවීණ ක්‍රීඩකයින් කිහිප දෙනයි.ඒ අතර නවකයින් ඉන්නවා.ඒ අයත් දක්ෂයි.පිටියට පිවිසුණාට පස්සේ හැමෝම තමන්ගේ උපරිම දක්ෂතා පෙන්වන්න ඕන. කණ්ඩායමේ නායකයා විදිහට මම ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පසුබිම අපි ලගම තියෙනවා. කැපකිරීම එක්ක හොදින් ක්‍රීඩා කළොත් අලුත් පරණ කියලා භේදයක් නැහැ. දිනන්න පුළුවන්.

පසුගිය දවසක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ සමච්චලයට ලක් වුණා. ඔබ ඒ ගැන මොනාද කියන්නේ..?
මම ඒ සිදුවීම දැක්කේ නැහැ. එහෙම සිදුවීම් ඕන තරම් වෙනවා. දරුණුවට කවුරුත් විවේචනය කරන්නේවත් සමච්චලයට ලක් කරන්නේවත් නම් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් හැටියටයි මම දකින්නේ.කිසිම ක්‍රීඩකයෙක් එක්ක පුද්ගලික තරහක් නැහැ කිසි කෙනෙකුට. නමුත් පිටිය තුලදී නම් පිතිකරුවන්ව පිඩනයට ලක් වෙන අවස්ථා තියෙනවා. එහෙම කරන්නේ ඉක්මණට දවා ගන්න. ඒක ඕනෑම කණ්ඩායමක් කරන දෙයක්.

උපුල් තරංග දැන්ම විශ්‍රාම යන්න බලාපොරොත්තුවක් නැතුව ඇති නේද..?
දැන්ම නම් විශ්‍රාම යන්නේ නැහැ. තව ටික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව එක්ක ඉන්න තමයි මම බලාපොරෝතු වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිම දායකත්වය දෙන්න මම උත්සහ ගන්නවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  3,238 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,379 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,655 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,047 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  517 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,612 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,388 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  5,380 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  601 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top