ක්‍රීඩකයින් උපයා දෙන මුදලින් නඩත්තුවන මෙරට ක්‍රිකට් බලධාරීන් එම ක්‍රීඩකයින් හිතා මතා අමතක කරන වාර අප අනන්තවත් දැක තිබෙනවා.
නමුත් එදා වේලවත් පිරිමසාගන්නට නොහැකි වූ මෙරට සමහර ක්‍රීඩා ලෝලීන් එම ක්‍රීඩකයින්ට සලකන්නේ දේවත්වයෙන්.
එවන් වූ ක්‍රීඩා ලෝලියෙක් මහේලගේ සමුගැනීම වෙනුවෙන් සිදුකළ ධෛර්යයවන්ත ක්‍රියාවක් ඔබට කියන්නටයි අපේ මේ සූදානම. පුත්තලම - කරුවලගස්වැව ප්‍ර දේශයේ පදිංචි මිල්ටන් පෙරේරා කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වුවා.
දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙව්වත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ඇල්මට අගහිගකම් බාධාවක් කර ගත්තේ නැහැ. තම ජීවිතයේ වීරයෙක් ලෙස සලකන මහේල ජයවර්ධනගේ සමු ගැනීම වෙනුවෙන් මිල්ටන් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.
පිලිකාවකින් සහ වකුගඩු රෝගයකින් පීඩා විදින තම බිරිදගේ ප්‍රතිකාර වලට තබා සිව් දෙනෙකුගෙන් යුත් පවුලක එදා වේල පිරිමසා ගැනීමට හෝ නිසි ආදායම් මාර්ගයක් නැති මිල්ටන් මේ බැනරය සකස් කිරීම පසුපස ඇත්තේ ද ඉතා සංවේදී සිදුවීම් පෙළක්.
එහි වීඩියෝව පහතින්....