ජපානයේ සාම්ප්‍රධානුකුලව පවත්වාගෙන යන අවන්හලක් ලෙස 'sake-house' අවන්හල ජපානයේ ප්‍රසිද්ධයි. මේ අවන්හලේ විශේෂ වේටර්වරයෙක් ඉන්නවා. ඔහුගේ නම Fuku-chan.
මනුස්සයෙක් නම් නෙමෙයි. වදුරෙක්. මේ වදුරා මිනිස්සු වගේම ලස්සනට ඇදුම් ඇදලා ප්‍රසන්න විදිහට ඉන්නේ.ඇතැම් විට ඇය බ්ලවුස් එකක් හා කෙට් සායක් අදින්නේ. අවන්හලට එන පාරිභෝගිකයින්ට හොදට සලකන්න ඇය උත්සහ කරනවා.
ඔවුන්ට අවශ්‍ය වතුර හෝ බියර් වර්ග ලබා දෙන්නේ මේ වදුරයි. බොහෝ පාරිබෝගිකයින් ආහාර ගන්න මේ අවන්හලට එන්නේ මේ වදුරා නිසා කියලත් කියනවා. ඒ වගේම මොහුට ගෙවීමක් වෙනුවට දෙන්නේ කෙසෙල් කියලත් ආරංචියි.