Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
09
ලංකාවෙන් ගිය හේතුව ගැනයි අඩ නිරුවත් මියුසික් වීඩියෝ ගැනයි ටීෂා අමෙරිකාවේ ඉඳන් කියපු කතාව - Video & Photos

- ලංකාවෙන් ගිය හේතුව ගැනයි අඩ නිරුවත් මියුසික් වීඩියෝ ගැනයි ටීෂා අමෙරිකාවේ ඉඳන් කියපු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
"ලංකාවේ දැන් නිරුවත රැල්ලක් වෙලා"

"හිත කලකිරෙන සිදුවීම් කීපයක් උනා"

ටීෂා නොහොත් තිසරු පෙරේරා අපේ රටේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායිකාවක්ව සිටි කෙනෙක්.

නමුත් ඇය වසර 10 කට පමණ පෙර විදෙස්ගත වෙන්නේ සිය අරමුණු කරා යාමේ බලාපොරොත්තු ඇතිවයි. මේ වන විට අමෙරිකාවේ ජීවත් වෙන ඇය ජාත්‍යන්තර මට්ටටමේ වැඩකට අතගහල තියෙනවා.

ශ්‍රී ලාංකීක තරුණියක් වශයෙන් ඇගේ දක්ෂතා ලොවටම පෙන්වමින් ඇගේ ඉදිරි ගමන් මග ජයගැනීමට මේ වන විට ඇය සමත්ව තිබෙනවා. විදෙස් රටක සිටියත් ලංකාවේ රසිකයන්ගෙන් තවමත් ඇයට ආදරය කරන්නේ ඇගේ එම දක්ෂතාවය නිසයි.

ඇගේ නවතම තොරතුරු සහ සංගීත ජීවිතයේ අලුත්ම අඩිතාලම ගැන අහන්න අපි හිරු ගොසිප් සංවාදයට ඇයව එකතුකරගත්තා. එම සංවාදය පහතින්

ටීෂා මොනවද අලුත් තොරතුරු ?
මේ දවස් වල මගේ දෙවෙනි ගීත album එකේ අවසාන වැඩ කටයුතු කරමින් ඉන්නවා . ඒ වගේම මගේ අලුත්ම Music Video  එක  “ Take Me Home” Youtube හරහා release කළා . මේ ගීතය මගේ පළමු වෙනි American ගීත ඇල්බම් එකේ එන ගීතයක් . දැනට විවිද ප්‍රාන්ත වල  American shows කරගන යනවා  ඒ වගේම World Tour එකකටත් ආරාධනා ලැබිලා තියෙනවා  . ජීවිතේ ගොඩක් කාර්ය බහුල වෙලා තියෙන්නේ . ඒ එක්කම  අ‍ගෝස්තු 26 වෙනිදා Seattle වල පැවැත්වෙන Sri Lankan show එකකට ලෑස්ති වෙනවා . Desmond De Silva තමා මාත් එක්ක එහි ගීත ගායන කරන්නෙ. මම මෙහෙ හිටියට ගොඩක් Sri lankan  shows කරනවා. 
 
මොකක්ද ඔබේ ඇත්ත නම ?
මගේ ඇත්ත නම තිසරු පෙර්රා. ඒ වුනාට මාව හැමෝම දන්මන් ටීෂා කියන නමින්.

අමෙරිකාවේ ගෙවන ජීවිතය ලංකාවට වැඩිය හුඟක් වෙනස් නේද?
අමෙරිකාවේ ගෙවන ජීවිතය ලංකාවේ ජීවිතයට වඩා ගොඩක් වෙනස් . අඳින පළඳින විදිහ , කන බොන විදිහ , අපි ආශ්‍රය කරන කට්ටිය සහ එදිනෙදා ජීවිතය  ගොඩක් වෙනස් . මෙහෙ ලංකාවේ   වගේ අනුන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන අය නෑ. හැමෝම තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගෙ  දියුණුව වෙනුවෙන් වැඩ කරගෙන ඉන්නවා. ඒක තමයි මම  දැකපු ලොකුම වෙනස .කොපමණ කාර්ය බහුල උනත් මම ඉතාමත් සැහැල්ලුවෙන් සහ  සතුටින් මගේ ජීවිතය ගෙවනවා.  

ලංකාවේ ප්‍රසංග වේදිකාව ගැන මතක් වෙන්නේ නැද්ද?
2005-2008  මම ලංකාවේ ප්‍රසංග මේදිකාවේ නැතුවම බැරි ගයිකාවක් වෙලා හිටියා . ඒ නිසා තාමත් මට ලංකාවේ ප්‍රසංග මේදිකාව මතක් වෙනවා . එත් මම දැන් ඊටත් වඩා ලොකු වැඩක් පටන් ගෙන ඉන්න නිසා හිතේ කිසිම දුකක් නෑ.

අමෙරිකාවේ අය ඔබට හඳුන්වන්නේ විශේෂ නමකින්ලු ? ඇයි ඒ ?
මාව American music industry එකේ අය   හඳුන්වන්නේ  The Sri Lankan Queen කියලා . එකට හේතුව මම  ශ්‍රී ලාංකිකයෙක් වීම ,මගේ තියෙන පෙනුම සහ කටහඩ කියලා තම එයාල කියන්නේ .

ලංකාවෙන් ගිහින් කොච්චර කල් වෙනවද?
ලංකාවෙන් මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 10 කටත්  ලඟයි.

ඇයි ලංකාවෙන් යන්න හිතුනේ ?
හිත කලකිරෙන සිදුවීම් කීපයක් උනා  . ඒ වගේම මට ලොකු උවමනාවක් තිබුන කොහොමහරි International level එකට යන විදිහෙ වැඩක් කරන්න . ඉතින් මගේ අනාගතේ ගැන  හිතල  සහ මගේ ලොකුම හීනය වෙනුවෙන් ගත්ත තීරණයක් තමයි ලංකාවෙන් පිටවීම.

අලුත් සිංදුව ගැනත් මතක් කරමු ?
මගේ අලුත්ම ගීතය “Take Me Home”  දැනට Youtube එකේ Release  කරලා තියෙන්නේ . ඒවගේම  Sony Music වලින් හැම රටකම මේ සින්දුව distribute කරනවා . මේ video එක මම මෙතෙක් කරපු වෙනස්ම video එකක් කියල කියන්න පුළුවන් . මේ ගීතය මගේ පළමුවෙනි ඇල්බම් එකේ එන ගීතයක් . මේ ගීතය මගේම තනුව සහ පද රචනයක් . Hotshor2 Star Power තම මේකේ  music කලේ.

ලංකාවේ ගායිකාවක් විදිහට ඡාත්‍යන්තරයට යන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
ලංකාව වගේ පුංචි රටකින් ඇවිත් ජාත්‍යන්තරයට යන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා . ඒක මගේ හිතේ හැමදාමත් තිබුණු හීනයක් . අද මම ඉන්න තැන ගැන හිතන කොට පුංචි ආඩම්බරයකුත් හිතෙනවා .මම තාම පටන් ගත්ත විතරයි . තව ලොකු දුරක් යන්න තියෙනවා . ඒ දුර ගමනට සුදානමින් හැම දේම හරියට කරගෙන යනවා . American Record Label එකක්  එක්ක ගිවිසුම් අත්සන් කල පලවෙනි ශ්‍රී ලාංකික ගායිකාව වීම ගැන මට ගොඩක් සතුටුයි. ගොඩක් දෙනා අමෙරිකාවට ආවම එයාලගේ හැකියාවන් අමතක කරනවා . ඒ වගේම ලංකාවෙදී කරගෙන ආපු හැමදේම නතර කරනව . මම අමමරිකවට  ආපු දවසෙ ඉඳල මගේ හැකියාවන් වැඩි කරගෙන ඉදිරියට යන්න තමා  උත්සහ කළේ. දැන් මම ඉංග්‍රීසි බාසාවෙන් ගීත ගායනා කරනවා වගේම මගේ ගීත මගේ අතින් මමයි ලියන්නෙත්. මගේ ගීතයක් Bill Board එකේ රැඳවීම තමා මගේ ඊලඟ බලාපොරොත්තුව .

කාන්තාවක් විදිහට ඔබ අඩනිරුවත අනුමත කරනවද?
කාන්තාව කියන්නේ ඉතාමත් සුන්දර වස්තුවක් . කාන්තාවක් විදිහට අපි දැනගන්න ඕනේ අපේ වටිනාකම පලුදු නොකර ඉන්න . ලස්සන දේවල් පෙන්නුවට කමක් නෑ , එත් අනවශ්‍ය විදිහට පෙන්නුවොත් එකේ වටිනාකම අඩුවෙනවා . හොඳ නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත අවශ්‍ය පමණට එක් කලාට වැරැද්දක් නෑ . ගීතයට හානියක් නොවෙන විදිහට.

ලංකාවේ දැන් හැදෙන අඩනිරුවත් මියුසික් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ දැන් නිරුවත රැල්ලක් වෙලා . ගොඩක්  ගීත රසාත්මක අතින් හරිම පහල මට්ටටමක තියෙන්නෙ . ඒ ගීත Hit කරන්න නිරුවත භාවිත කරනවා කියන එක ගොඩක් පැහැදිලියි . මම  දන්නේ නෑ ඒ වගේ ගීත කොපමණ කාලයේ රසිකයා අතර රැදෙයිද කියල . ඕනෑම කෙනෙක් කැමතියි ගීතයක් රස විඳින්න . ගීතයකින් කන පිනවෙන්නේ නැත්නම් ඒ ගීතයට ආයුෂ අඩුයි. ඒ වුනාට හොඳ කලාත්මක නිර්මානයක නිරුවත හෝ අඩ  නිරුවත හරි විදිහට පාවිච්චි කිරීමේ වරදක් මම දකින්නේ නෑ

සිංදු කියනවට අමතරව ටීෂා විනෝදාංශයක් විදිහට මොනවද කරන්නේ?
සින්දු කියනවට අමතරව මම විනෝදාංශයක් හැටියට චිත්‍ර අඳිනවා . ඒ වගේම ගීත ලිවීම, පොත් කියවීම , වගේම ලස්සන තැන් නැරඹීම. ඒ වගේම shopping කිරීම . ගොඩක් විනෝදාංශ තියෙනවා. මම හරි කැමතියි අලුත් දේවල් ඉගන ගන්න සහ අත්හදා බලන්න .

ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය කියන්මන්  ඉතාමත් ගැඹුරු වගේම ලස්සන දෙයක්.  ඒක පිරිසිදු හැගීමක්. අපි ආදරය කරනකොට ගොඩක් දේවල් කැපකරනවා අනික් කෙනාගේ සතුට වෙනුවෙන් .ඒක තමා සැබෑ ආදරය.

Living Together සංකල්පය ගැන මොකද හිතෙන්නේ?
Living Together එකේ කිසිම  වැරද්දක් මම දකින්නෙ  නෑ  . දෙන්නෙක් කසාද බැඳලා වෙන් වෙනවට වඩා  හොඳයි  ටික දවසක් එකට ජීවත් වෙලා දෙන්නට දෙන්න ගැලපෙනවද කියල දැනගන්න එක. විවාහ නොවී එකට ජීවත් වෙන එකේ කිසිම  වැරැද්දක් මම දකින්නෙ නෑ . දෙන්නට දෙන්න තේරුම් ගැනීමට  සහ අවස්ථාව අනුව හැඩගැහීමට ඒ මගින් අවස්ථාවක් ලැබෙනවා .

ලංකාවේ රසිකයන්ගෙන් දැන් ලැබෙන ප්‍රතිචාර අඩුවෙලාද?
ලංකාවේ රසිකයන්ගේ ප්‍රතිචාර තාම  අඩු වෙලා නෑ. අවුරුදු 9 කට  පස්සෙත් තාම  මන් වටා මගේ රසිකයන් එදා වගේම ඉන්නවා. ලංකාවට අපහු එන්න කියල හැමදාමත් එයාලගෙන් මට ආරාධනා  ලැබෙනවා. ඒ වගේම ලංකාවේ shows කරන්නෙ කවදද කියලත් අහනවා.

රංගනයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?
රංගනයට එන්න දැනට නම් අදහසක් නෑ. එත් මෙහෙ මට යමක් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුනොත් මම රංගනයටත් අවතීර්ණ වෙයි . ඒක අපි ඉදිරියට බලමු

අනාගත බලාපොරොත්තු?
ලොකුම බලාපොරොාත්තුව තමා  ගයිකාවක් විදිහට අමෙරිකාවේ නමක් තියන එක. ඒ වගේම මගේ මව්  රටට ගෞරවයක් ගෙන ඒම .

ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද ?
ලංකාවට කෙටි  නිවාඩුවකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා . කවදාවත් ලංකාව අමතක වෙන්නෙ නෑ . ඒ නිසා එන්නම ඕනේ .

ලංකාවේ ඔබේ රසිකයන්ට දෙන්න තියෙන පණිවුඩය?
මගේ රසිකයන්ට කියන්න තියෙන්නෙ මම හැමදාමත් ඔයාලට ආදරෙයි . මගේ අලුත් Music Video එක "Take me Home" බලන්න . මම ඉදිරියටත් අලුත් නිර්මාණ වලින් ඔයාල හමුවට එනවා. මගේ අලුත්ම විස්තර ඔයාලට බලන්න පුළුවන් මේ web page එකෙන්. www.Hotshot2starpower.com . බොහෝම ස්තුතියි මට ආදරය කරනවට සහ  එදා වගේම අදත් මාත්  එක්ක ඉන්නවට.

සම්පූර්ණ වීඩියෝ සංවාදය පහතින් බලන්න




ඇගේ නවතම ගීතය "TAKE ME HOME" පහතින් බලන්න



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top