BBC සජීවී ප්රවෘත්ති විකාශය අතරතුරදී තිරයේ පිටුපසින් සිදු වූ සිදුවීමක් පිළිබදව විදෙස් මාධ්‍ය අවදානය යොමු වෙලා. ඒ ප්රවෘත්ති නිවේදිකාව ක්‍රීඩා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් සිටියදී පසුපස තිරයේ දිස්වුණු දර්ශනයක් වෙත.ඇයගේ දකුණු පස කෙලවරක පරිඝණක තිරයේ වීඩියෝවක් විකාශය වෙලා.
එහිදී යුවතියක් උඩුකය නිරුවත් වන පරිදි ඇදුම ඉවත් කරන ආකාරය හොදින් පෙනී තිබෙනවා.එමෙන්ම ඒ අසල තවත් පිරිමි පුද්ගලයෙකු උඩුකය නිරුවතින් බිම දිගාවී සිටින අයුරුත් දර්ශනය වෙනවා.
එම අවස්ථාව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙන අතර එම වීඩියෝව පුද්ගලයෙකු tweete කර තිබෙනවා. එම අවස්ථාව මිලියන 3.8ක් නරබා තිබෙන බවත් සදහන් වෙනවා. BBC වැනි වගකිවයුතු සජීවී ප්රවෘත්ති විකාශයක් අතරතුරදී මෙවැනි සිදුවීමක් වීම එතරම් හොද දෙයක් නොවන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.