Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
"එළිසබත් මහා රැජිණටත් වඩා වැඩි වත්කමක් ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රථම බිලියනපතිනිය වැඩට යන්නේ බයිසිකලයෙන්.." - Photos

- "එළිසබත් මහා රැජිණටත් වඩා වැඩි වත්කමක් ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රථම බිලියනපතිනිය වැඩට යන්නේ බයිසිකලයෙන්.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,522 Views
"පවුලේ අය නිතරම කියනවා බයිසිකලයේ යන්න එපා කියලා.."

"මම සතුටින් ජිවත් වෙන ගැහැණියක්.."

 ලෝකයේම අවදානයට ලක් වුණු කාන්තාවන් ලෝකේ බොහෝ රටවල ඉන්නවා. දක්ෂතාවය උනන්දුව කැපකිරීම විශ්වාසය තිබුණොත් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒකට ලිංග භේදයක් නැහැ. මේ කියන්න යන්නෙත් එහෙම කෙනෙක් ගැන. ඇය නමින් Dame Mary Perkin. ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රථම බිලියනපතිනිය කිව්වොත් හරි.

ගැහැණුකම පැත්තකින් තියලා ලෝකයම අල්ලන්න ඇය උත්සහයක් ගත්තා. ඒ උත්සාහය සාර්ථක වුණු නිසා බොහෝ දෙනාගේ අවදානයට ගන්න ඇයට අද පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඇය සදහන් ලිපියක් පරිවර්තනය කර මෙසේ පලකරන්න හිරු ගොසිප් අපි හිතුවා.

ඇයගේ උත්සාහය රැදුණේ  Specsever  කියන ඇස් කන්නාඩි නිෂ්පාදනය කොට ලෝකයටම බෙදා හරිමෙනුයි. වයස අවුරුදු 73යි. තවමත් කඩිසරකමින් ඇය මේ නිෂ්පාදනය නගා සිටුවන්න වෙහෙස ගන්නවා. ඇගේ වත්කම පවුම් බිලියන 1.6 කට වඩා අධිකයි.ඔටුන්නක් හිස දාරාගෙන සිටින එළිසබත් මහා රැජිණටත් වඩා වැඩි වත්කමක් ඇය සතුයි. ඒ නමුත් ඇය නිරහංකාරයි. කොතරම් පොහොසත් යාන වාහන තිබුණත් ඇය ඇගේ ගමන යන්නේ බයිසිකලයෙන්. නිරෝගිමත් දිවිපෙවතකට එය උපකාරී වන බවයි ඇය මාධ්‍ය සාකච්ජාවකදී ප්‍රකාශ කරන්නේ.

'මගේ පවුලේ අය නිතරම කියනවා බයිසිකලයේ ගමන් යන්න එපා.. වාහනයකින් යන්න කියලා. ඒත් මම කියන්නේ මේ ගමන මම සතුටින් යන්නේ මම ගැන කරදර නොවී ඉන්න කියලයි.."

ඒ ඇගේ නිරහංකාර වචනයි.

 ගුවන් යානා, හෙලිකොප්ටර හා මෝටර් රථ වැනි වාහන තිබියදීත් ඒ නිරහංකාර කාන්තාව වඩාත් කැමති සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන්නට නෙමෙයි. සරළව ජිවත් වී සතුටින් කාලය ගත කිරීමටයි. ඒ සරළ ජීවිතය ගත කරන්නට ඇය විටෙක පොත්පත් කියවනවා. තවත් විටෙක ගීත රසවිදිනවා.

" මම මගේ දරුවන් තුන්දෙනාව මේ ව්‍යාපාරය සදහා යොදා ගත්තේ ඒ අයට වයස අවුරුදු 12ක් පමණ තියෙද්දී. ඇත්තටම කිව්වොත් මම දරුවන්ව යොදා ගත්තා නෙමෙයි. ඒ අයම ස්වකැමැත්තෙන් සම්බන්ධ වුණා. සමහර විට මම මහන්සි වෙනවා දැකලා වෙන්න ඇති..."

ඒ වගේම ඔහුගේ ආදරණිය සැමියා Doug ඇයට ශක්තියක් වී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 74යි. නමුත් ඔහු ගැහැණිය කියා සිමා මායිම් දමා ඇයව සිමා කර නැහැ. නිදහසේ වැඩකටයුතු කරගන්නට ඉඩ සලසා දී තිබෙනවා.

ඒ වගේම මේරී ඩියග් දේශීය පාසැලේ අර්ධ කාලීනව දේශන පවත්වා තිබෙනවා. එපමණක් නෙමෙයි  මේරි පුරවැසි උපදේශක කාර්යාංශයට ස්වෙච්ඡා දායකත්වය ලබා දී සේවය කර තිබෙනවා.

මේ හැමදෙයකින්ම ඇය ඇගේ හැකියාව නතර කර නැහැ.වර්ෂ 1984 දී මාග්‍රට් තැචර් විසින් දෘෂ්යාබාධිතයන් වටා දැඩි රෙගුලාසි ලිහිල් කළ පසුව පළමුවරට මහජනතාවට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රචාරයට  කිරීමට ඉඩ දුන් නිසා මේරි හා  ඩග් මිල කළ හැකි වීදුරු සහ කාච ලබාදීමේ හැකියාව ලබා ගෙන තිබෙනවා. ඒ ඇගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය හැටියට ඇය පෙන්වා දෙනවා.

ඇය මුලින්ම කාමරයක් තුළ කාර්යාලයක් පිහිටුවාගෙන  ස්පර්ශක වෙළඳනාමය වන සියුම් දර්ශන කුටියක් සඳහා ඔවුන්ගේ දර්ශනය සවි කර තිබෙනවා. එසේ ආරම්භ කළ Specsever ඇස් කණ්නාඩි වෙළෙදාම ඇයව දිරිමත් ගැහැණියක් කළ බවයි ඇය  සදහන් කරන්නේ.

 එමෙන්ම මේරි නම් වූ බිලියනපතිනිය ගැහැණියට ආදර්ශයක් කිව්වාට වරදක් නැහැ. හේතුව මේ සියලු රාජකාරි මැද නියම ගෘහණියගේ රාජකාරියත් ඉටු කරන කාන්තාවක් නිසයි.පෝෂණවේදියෙක්,ගෘහ සේවිකාවන්, රියදුරු, විලාසිතා ශිල්පිණියක් හෝ සූපවේදියෙකු ඇයට නැහැ. ඉන්නේ අවුරුදු 30 ක් පමණ වූ ඇගේ පක්ෂපාති පිරිසිදු කරන්නා පමණයි.

බැකිම් හැම් මාලිගාව තරම්ම සුවපහසුවෙන් ජිවත් වන්නට ඇයට මිල මුදල් තිබුණත් ඇය දරුවන් ආදරණිය සැමියා වගේම ඇගේ රාජකාරි කටයුතු සදහා සිටින සියල්ලන් සතුටු කිරීම හොදින් සැළකීම ලස්සනට නිරෝගිව ජිවත් වීම පමණයි ඇයට අවශ්‍ය බව ඇය පවසනවා. " මම මගේ ව්‍යාපාරය ගැන ඕනවට වඩා හිතනවා. ජනතාවට හොදම සේවාවක් ලබා දීම තමයි මගේ එක පරමාර්ථය. මම සතුටින් ජිවත් වෙන ගැහැණියක්.." ඇය අවසන් වශයෙන් එසේ සදහන් කරනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  725 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top