Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
අමානුෂිකව පහරදී කුළියාපිටියේ වතුපාලකවරයා මරා දැමූ හැටි අඹු සැමි යුවළ වමාරයි - Video & Photos

- අමානුෂිකව පහරදී කුළියාපිටියේ වතුපාලකවරයා මරා දැමූ හැටි අඹු සැමි යුවළ වමාරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,158 Views
ඝාතනයට සත්මස් වියැති ගැබිණි බිිරිඳත් සම්බන්ධ වෙලා....

බහින්බස්වීමක් දුර දිග ගිහින් උදලු මිටකින් පහරදීලා ...

නීතියෙන් සැඟව තැන තැන මගහරිමින් සිටි කුලියාපිටිය අලලුව ප්‍රදේශයේ වතුපාලකවරයෙකු ඝාතනය කොට පලායාමේ සිද්ධියට සැකපිට එම වත්තේ සේවයකළ අඹුසැමි යුවලක් මහත් පරිශ්‍රමයක් දරමින් ඊයේ අලුයම (07) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ වත්තේ මුරකරු ලෙස සේවය කළ අඹුසැමි යුවලක්.

පසුගිය 23 වන දා සිද්ධියෙන් මියගොස් තිබුනේ පොතුහැර කුරීපොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 61 හැවිරිදි සුභසිංහ ආරච්චිලාගේ අශෝක කුමාර සුභසිංහ නැමති වතුපාලකවරයායි.

පොලිසිය විසින් මෘතදේහය සොයාගන්නා අවස්ථාව වනවිටත් ලණු ආධාරයෙන් මරණකරු වධහිංසනයට ලක්කොට ගැටගසා තිබූ බවත් සඳහන්.
පොලිසිය සැකකර තිබුනේ පහරකෑමට ලක්ව වතු පාලකවරයා මියගිය බවටයි.

දේහය ලේ විලක් මැද වැටී තිබියදී සොයාගන්නා විටත් එම වත්තේ සේවය කළ මුරකරු යුවල එම වත්ත හැරදමාගොස් තිබූනා.

එබැවින් පොලිස් ඇස ඒ දෙසට යොමුව තිබූ බවත් ඒ හරහා වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවූ බවත් පවසන පොලිසිය සැකකරුවන් පදිංචියැයි පවසන මීගමුව හා රත්නපුරය ආදී ප්‍රදේශවලද විමර්ශන කටයුතු සිදුකළ බව පැවසෙනවා.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බැලුම්මහර ප්‍රදේශයේ සැකකරුවන් පදිංචි බවට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකවී ඇති පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරා අලුතින් පදිංචිව ඇති පවුල් පිළිබඳ කළ පරීක්‍ෂණවලදී කුකුළු ගොවිපොලක එසේ මුරකරුවන් වශයෙන් නව පදිංචිකරුවන් පැමිණ ඇතිබවට ලද තොරතුර ඔස්සේ දිනගණනක් කළ විමර්ශනවලින් අනතුරුව රත්නපුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු හා මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඔහුගේ සත්මස් වියැති ගැබිණි බිිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය වූ බව කියන පසුගිය මස 23 වැනිදා සැකකරුවන් වතුපාලකවරයාගෙන් මුදල් ඉල්ලාසිටි බවත් එහිදී මුරකරුගේ නොසැලකිල්ල මත වත්තේ යන්ත්‍රයක් කැඩීයාම පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගී එය බහින්බස්වීමක් දක්වා දුරගිය බවත් සඳහන්.

එහිදි සැකකරු විසින් ඒ අසළ තිබූ උදලු මිටකින් වතුපාලකවරයාට එල්ලකළ පහර හේතුවෙන් ඇද වැටුන බවත් පසුව අදාළ කාන්තාව විසින්ද උදලූ මිට පහර කිහිපයක් හිසට එල්ලකර තිබූ බවත් අනාවරණය වී තිබෙනවා.

නැවතත් එම උදලුමිටම රැගෙන සැකකරු විසින් පහර කිහිපයක් එල්ලකරන අතරවාරයේ බිරිඳ ගොස් ළිදේහි බාල්දිය ලිහා එහි කඹය ගෙන එක් කොනක් ජනේලයේත් අනෙක් පසින් වතුපාලකවරයාගේ ගෙලෙහි හා සිරුරෙහි බැඳ  දමා තිබෙනවා.

වතුපාලකවරයාගේ යතුරුපැදියේ ඉන්ධන බට කපා අල්මාරියෙහිවූ  මුදලක් සහ වතුපාලකවරයාට අයත් ජංගම දුරකථනයද රැගෙන ත්‍රිරෝද රථයකින් කුලියාපිටිය නගරයට පැමිණ එතනින් කොළඹ බලා පිටත්වූ බව මූලික පොලිස් පරීක්‍ෂණ වලින් හෙළිව තිබෙනවා.

සැකරුවන්ගේ ප්‍රකාශ අනුව වත්තේ ලඳු කැලෑවක තිබී පහරදුන්බව කියන උදලු මිටද පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වුනා.

මරණකරුගෙන් පැහැරගෙන ගිය මුදලින් රුපියල් 10500ක් පමණ වටිනා ටැබ් පරිඝනකයක්ද මිළදීගන තිබූ බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් හා වතුපාලකයාට පහරදුන් උදලලු මිට හා අනෙකුත් සැකකටයුතු උපකරණ සමගින් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ නියෝග හා උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපතිි උප පොලිස් පරීෂක වික්‍රමනායක, අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ උප පොලිස් පරීක්‍ෂක සිරිසෝම සහ පොලිස් සැරයන් වරුන් ඇතුළු නිළධාරීහු පිරිසක් දිනගණනක් සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  16,046 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,205 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,410 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,673 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,605 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,793 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,567 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,321 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top