කෙසෙල් කියන්නේ පළතුරක් බව හැමෝම දන්නවා. එහි ගුණය හා රෝග සදහා කොයිතරම් ප්‍රතිකර්මයක්ද බව බොහෝ අය දන්නේ නැහැ. සම වර්ණවත් වෙනවා වගේම විටමින් බහුල පළතුරක් වන කෙසෙල් ආහාර දිරවීමට ශාරීරයේ ඇති අධික සීනී නැති කිරීමට ඇස් පෙනීම ඇති කිරීමටත්, අමිල පිත්තය නැති කිරීමටත් ඉවහල් වෙනවා.
නමුත් ඒ කුමන වර්ගයේ කෙසේල්වලින්ද යන වග හරියටම දැනගෙන භාවිතයට ගත යුතුයි. මේ ඒ ගැනයි.
අපේ රටේ අපේම දේශීය පලතුරක්‌වූ කෙසෙල් වර්ග රාශියක් තිබෙනවා ඒ,
1. සුවඳැල් - අම්ලපිත්ත රෝගය නැසීමේ ගුණය.
2. ආනමාළු - අම්ලපිත්ත රෝගය මර්දනය කිරීමේ ඖෂධීය ගුණය.
3. ඇම්බුන් - රක්‌තවාතය සහ අම්ල පිත්ත රෝගය සුවකිරීමට හැකි ඖෂධයක්.
4. කෝලිකුට්‌ටු (පුවාළු) - අතීසාර රෝග අවස්‌ථාවේ යෙදිය හැකියි.
5. රත් කෙසෙල් - ශාරීරික දාහය නසන ඖෂධීය ගුණය රදා පවතීනවා.
6. නේත්‍රපලම් - අම්ලපිත්ත රෝගය සුවකරන වකුගඩු ආශ්‍රිත රෝග සුවකිරීමේ සාධකයක් වගේම ඇස්‌පෙනීම ඇතිකිරීමේ මහඟු ගුණයක් පවතිනවා.
7. හොරන මාළු (ඇඹුල් කෙසෙල්) ඇඹුල් හොරන - මළබුරුල් කිරීමේ හැකියාව සහ ඉක්‌මනින් ආහාර දිරවීම පහසුකරවීමේ ගුණය.
8. රට හොරණ - ඉතා මිහිරි රසයෙන් යුතුය.
9. රත් ආනමාළු
10. බිම් කෙසෙල් (නැව් කෙසෙල්)
11. පුවාලු (යාපනේ පුවාලු)
12. මොර්තවාලු
13. හැටඇවරි
14. ගජ දන්ත (වදන කෙසෙල්)
15. අළු කෙසෙල් (වෑංජන සඳහා) ඖෂධීය ගුණය වනුයේ මළ වියලීමේ ප්‍රවනතාවය
16. දියමෝදන් (මෝදන්) වෑංජන සඳහාත් පලතුරු සඳහාත් ගැනේ.
17 ඇටිකෙසෙල් පලතුරකි.