Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
"මට රඟපාන්න චරිත නොලැබුණත් මම කරීනා එක්ක රඟපාන්නේ නැහැ.." ඩයනා පෙන්ටි - Photos

- "මට රඟපාන්න චරිත නොලැබුණත් මම කරීනා එක්ක රඟපාන්නේ නැහැ.." ඩයනා පෙන්ටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,957 Views
"මාව සිනමාවට ගෙනාවේ සාහිෆ්.."

"සල්ලි දීල තමන් විසින් තමන්ගේ ජීවිතේ විනාස කරගන්නව..."

ලංකාවේ වගේම බොලිවුඩයටත් හැමදාමත් නළු නිළියන් බිහි වෙනවා.බොලිවුඩයට ගැලපෙන කටහඬක්‌, හැඩරුවක්‌ එක්‌ක සාහිෆ් අලී ඛාන් බොලිවුඩයට හඳුන්වා දුන්නු ඩයනා පෙන්ටි කල එළි බහින්නේ කෝක්‌ ටේල් චිත්‍රපටයෙන්. ඇය වර්ෂ 1985 නොවැම්බර් මස දෙවැනිදා මොම්බායිවල උපන්නේ.කොක් ටේල් හරහා සිනමාවට එන ඇය විවිධ චරිත එක්ක තෝරා ගත් නිර්මාණවල විතරක් රගපාමින් ජනයාගේ හිත දිනා ගත් ඇය එරට පුවත්පතකට මෙලෙසින් කතා බහ කරලා තිබුණා.

මේ දවස්වල ඩයනා ඔබේ වැඩ කටයුතු කොහොමද ?
හැමදාම කාර්යබහුල කෙනෙක්‌ නොවුණු මට මේ දවස්‌වල නම් ටිකක්‌ විතර කාර්යබහුලයි. ඒකට ලොකුම හේතුව මගේ අලුත්ම චිත්‍රපටය. එහි මම නිරූපණය කරන්නේ හමුදා සෙබළියකගේ චරිතයක්‌. චිත්‍රපටයේ ගොඩක්‌ වැඩ ඉවරයි. නමුත් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් සහභාගි වෙනවා.

අලුත් චරිතය ගැන සතුටින් ද ඉන්නෙ?
අනිවාර්යෙන්ම. ඒක ගොඩක්‌ වෙනස්‌ චරිතයක්‌ වගේම මට ලොකු අත්දැකීමක්‌ ලබාදීපු චිත්‍රපටයක්‌. වෙඩි තැබීම්, සටන් වගේම ත්‍රාසජනක දර්ශනත් මෙහි අන්තර්ගතයි. ඒ නිසා හැම දෙයක්‌ම මට පුහුණු වෙන්න වුණා. ඒ දේවල් මම කළේ ගොඩක්‌ කැමැත්තෙන්.

සාහිෆ් එක්‌ක ආයෙමත් වැඩ කරන්න කැමති නැතිද ?
මාව සිනමාවට ගෙනාවේ සාහිෆ් තමයි. එහෙම කියල එයත් එක්‌ක කරන්න ලැබෙන හැම චරිතයක්‌ම කරන්න මට බැහැ. මට ගැලපෙන නිර්මාණවල විතරයි මම වැඩ කරන්නෙ. හොඳ වැඩක්‌ ලැබුණොත් සාහිෆ් එක්‌ක ආයෙම වැඩ කරයි.

"ෂොපින් යන පිස්‌සුව තවම තියනවද?"
ගෑනු ළමයකුගෙන් ඒ වගේ දෙයක්‌ අහන එක හරි නෑ වගේ නේද? අම්මෝ ඒක නම් ඇත්තටම පිස්‌සුවක්‌. මාසෙකට සැරයක්‌ මම මගේ හොඳම යාළුවත් අරගෙන ෂොපින් යනවම තමයි. ඒක වෙනමම අත්දැකීමක්‌. ගොඩක්‌ වෙලාවට මම වැඩිපුරම මිලට ගන්නේ පාවහන් තමයි.

කරීනා සමඟ වැඩ කරන්නෙ නැහැ කියන තැන ද තවමත් ඉන්නෙ?
මට රඟපාන්න චරිත නොලැබුණත් මම මගේ ප්‍රතිපත්ති වෙනස්‌ කරන්නේ නැහැ. ඒක තීරණය කරල තිබුණේ එයාම තමයි. හේතුව මොකක්‌ද කියන්න අදටත් මම දන්නෙ නැහැ. අහංකාර ගැහැනුන්ට ඕනි විදිහට නටන්න මම ලැහැස්‌ති නැහැ. මම නිදහස්‌ කාන්තාවක්‌.

රූපවාහිනිය පැත්තට යන්නේ සිනමාවේ චරිත නැති නිසාද?
ඒ කථාව සම්පූර්ණයෙන්ම විහිළුවක්‌. මම රූපවාහිනියට ගොඩවෙන්නෙ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන්ම විතරයි. ඒක වරදක්‌ නෙවෙයි. රූපවාහිනිය ඇතුළෙත් මට වෙනමම ප්‍රේක්‍ෂක පිරිසක්‌ සිටිනවා. ඒ ගැන මට සතුටුයි.

දීපිකා සහ කංගනා අතරින් වඩාත් දඟම කවුද කියල ඇහුවොත්...
ඒකට උත්තර දෙන්න වෙන්නෙ දෙවිදිහකට. මොකද ඒ දෙන්නම ගොඩක්‌ දක්‍ෂ දෙන්නෙක්‌. දීපි එක්‌ක මමත් වැඩ කරල තියෙනවා. මෙයාල අතරින් ගොඩක්‌ දක්‍ෂ කංගනා. හැබැයි ගොඩක්‌ වාසනාවන්ත දීපිකා. වාසනාව ඇතුළෙ දඟකමයි ජනප්‍රියත්වයයි දෙකම තියෙනවා.

කවුරුත් නොදන්න ඔබේ සැඟවුණු දක්‍ෂතා මොනවද ?
ඒ වගේ දේවල්නම් ගොඩක්‌ තියෙනවා. ලස්‌සනට බටනලා පිඹින්න වගේම ලස්‌සනට සින්දු කියන්නත් මට පුළුවන්. ඒ වගේම තමයි මම උයන කෑම කන්නත් ගොඩක්‌ අය කැමතියි. යාළුවන්ට පාටි දෙනකොට උයන්නෙ මම ම තමයි.

ඔබ ගොඩක්‌ චිත්‍රපට නරඹනව කියන්නෙ ඇත්තද?
ඔව්. මම ඒකට කොයි තරම් ඇබ්බැහි වෙලා ද කියනවනම් නිවාඩු දවස්‌වලට මම චිත්‍රපට තුනක්‌ විතර නරඹනවා. එතැනදී මට භාෂාව අදාළම නැහැ. හිතට වදින ඕනිම ෆිල්ම් එකකට මම කැමතියි. හැබැයි කොරියන් ෆිල්ම් විශේෂයි.

පෙම්වතා ගැන කියන්න කැමති නැතිද?
එහෙම කෙනෙක්‌ හිටියා. නමුත් දැන් එහෙම කෙනෙක්‌ නැහැ. ඉන්නවනම් කියන්න බැරිකමකුත් නැහැ. මගේ කැමැත්ත කොරියන් තරුණයකුට. අනේ මන්ද ඒ වගේ රූපයක්‌ තමයි මගේ හිතේ ඇඳිල තියෙන්නෙ.

ඔබේ ජීවිතයේ වටිනාම පුද්ගලයා කවුද?
ඒ මගේ අම්මයි තාත්තයි. එයාල තරම් මට ආදරය කරන මට නිදහස දෙන වෙනත් කෙනෙක්‌ මේ ලෝකයේ නැති තරම්. එයාලගෙ තැනට එන්න කිසිම කෙනකුට ලැබෙන්නෙ නැහැ. මම ගොඩක්‌ වාසනාවන්තයි. ඒ වගේ දෙන්නෙක්‌ ලබන්න.

තරුණයන්ගේ දුම් බීම ගැන ඔයා මොනවද හිතන්නෙ?
මොනව හිතන්නද ? ඒක මහ මෝඩකමක්‌. සල්ලි දීල තමන් විසින් තමන්ගේ ජීවිතේ විනාස කරගන්නව. ඒ වගේ අය දකින කොට මට ඇතිවෙන්නෙ පිළිකුලක්‌ විතරයි. පව් අසරණ තාරුණ්‍යය. එයාල පණ නහගන්න මේ තරම් කැමතියිනෙ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  725 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top