Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
"බස්‌ හොල්ට්‌ එකේ ශ්‍රියන්ත එක්‌ක ඉන්නව මාමා දැකලා අම්මාට ගිහින් කියලා තිබුණා.." ශ්‍රියන්ත රේණුගේ ආදර කතාව

- "බස්‌ හොල්ට්‌ එකේ ශ්‍රියන්ත එක්‌ක ඉන්නව මාමා දැකලා අම්මාට ගිහින් කියලා තිබුණා.." ශ්‍රියන්ත රේණුගේ ආදර කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,787 Views
"ඔහුට පෙම්වතියක්‌ හිටිය බවත් මම දැනගෙන හිටියා..."

"මේ ජනප්‍රියත්වය අතහරින්න කියලත් කිව්වා.."

ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ රංගනයෙන් බොහෝ දක්ෂතා  පෙන්නු කලාකරුවන්. මේ දෙන්නාගේ ආදරේ මුණගැහෙන්නෙත් රගපෑම ඉදිරිදීමයි. ඒ ගැන කුසුම් රේණු මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා. මේ  ඒ ගැනයි.

ශ්‍රියන්ත ඔබට මුණගැහෙන්නේ අහම්බයකින්ද? අසල්වැසියන් විදිහටද ? එහෙමත් නැතිනම් වෘත්තීය මිතුරන් විදිහටද?
නාට්‍ය කලාව නිසා 1982 අවුරුද්දේ අපි දැනහඳුනා ගන්නවා. ඒ දැන හදුනාගැනීම තවත් දියුණු වෙන්නේ ශ්‍රියන්තගේ මල්ලිගේ නාට්‍යයේ වැඩ කරද්දී. නමුත් ඒක ප්‍රේමයකට මුල පුරන හදුනාගැනීමක්‌ නෙවෙයි. ඒ වෙද්දී ශ්‍රියන්තට පෙම්වතියක්‌ හිටිය බවත් මම දැනගෙන හිටියා.

ආදරයට ඇරයුම් කරන සමය එළැඹෙන්නේ ඉන් පසුවද ?
1984 වර්ෂයේ අග භාගය වෙද්දී එයාගේ පැවති ප්‍රේමයත් බිදවැටිල ගෙවීගන සමයක තමයි ශ්‍රියන්ත මට ආදරයකට ඇරයුම් කරන්නේ. මේ ආදරය දලුලන්න රුකුළක්‌ වෙන අපූරු සිදුවීමක්‌ වෙනවා. සයිමන් නවගත්තේගමගේ පණ්‌ඩුකාභය වේදිකා නාට්‍යයේ ඔහු දීඝ ගාමිණී, මම උන්මාද චිත්‍රා, එවකට හිටිය අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ වුවමනාවටයි ටවර් හෝල් පදනම යටතේ ඒ නාට්‍ය නිපදවෙන්නේ. පණ්‌ඩුකාභය පුහුණුවීම් නරඹන්න පැමිණෙන අගමැතිතුමා කියනවා රේණු ඔය ළමයාට ටිකක්‌ ළංවෙලා රගපාන්නකෝ හොඳ ළමයෙක්‌නේ කියලා.

එදා උන්මාද චිත්‍රා විදිහට රගපාද්දී ළංවුණ ළංවීම ජීවිත කාලයම ළංවෙලා ගෙවන්න සුදුසුයි කියල කුසුම් තීරණය කරනවා ?
මම නාට්‍ය කලාවෙන් ඈත්වෙලා මගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක්‌ කරන්න ඕනෑ කියල තීරණය කරල ඉන්න කාලේ තමයි සයිමන් නවගත්තේගම මහතා උන්මාද චිත්‍රා චරිතයට ඇරයුම අරන් එන්නේ. එදා මම මගේ අරමුණ ඔහුට පවසනවා. මම රැකියාවක්‌ කරන්නයි ඉන්නේ ආයේ රගපාන්න එන්නේ නැහැ කියලා. පසුව උන්මාද චිත්‍රා ලෙස මාවම ගන්න උවමනා නිසා මට ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ රැකියාවක්‌ සමඟ රාජකාරි නිවාඩු ලබාදෙනවා නාට්‍ය හොදින් කරන්න. උන්මාද චිත්‍රා විදිහට රගපාමින් ඉන්නකොට එක දවසක දීඝගාමිණී අහනව මම ඔයාට ආදරෙයි කිව්වොත් ඔයා මොකද කියන්නේ කියලා. ඒක ටිකක්‌ කපටි විදිහේ විමසුමක්‌නේ. මොකද ආදර ඉල්ලීම ප්‍රතික්‌ෂේප වුණොත් හිත හොදින් නාට්‍යයේ කටයුතු කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක්‌ ඉතිරි කරගෙනයි ශ්‍රියන්ත ඔය ප්‍රශ්නය මගෙන් අහන්නේ.

ඉටුවේදෝ නොවේදේ කියන සැකසංකාවෙන් ඉදිරිපත් කළ පැණයට හොද උත්තරයක්‌ ලැබෙනවා?
ඔව්. ශ්‍රියන්ත ඒ කාලේ වේදිකා රංගන ශිල්පියෙක්‌. අද වගේ රූපවාහිනිය තිබුණෙත් නැහැ. ලොකුවට ජනප්‍රියත්වයක්‌ තිබුණෙත් නැහැනේ. අනික ඔහු වෘත්තීය ගුරුවරයෙක්‌. මම තේරුම් අරන් හිටිය මට ඔහු අනුව ජීවත්වෙන්නත් ඔහුට මට අනුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මම පැතුවේ සරළ ජීවිතයක්‌. මම කැමැත්ත දුන්නා. නමුත් ආදරය කරන්න පටන් අරන් මම පැතූ සරළ ජීවිතය පවතින්නේ සතියක විතර කාලයක්‌. ඔය එක්‌කම ශ්‍රියන්ත පළිගු මැණිකේ ටෙලිනාට්‍යයේ සූරසේන වෙනවා. එක රැයකින් ඔහු රටේම ජනප්‍රිය නළුවෙක්‌ වෙනවා.

මේ ජනප්‍රියත්වය ඔබලාගේ ආදරයටත් බලපෑම් කරනවාද ?
බලපෑම් කියන්නේ මම පැතුවේ රැකියාවට ගිහින් හවසට ගෙදර ඇවිත් චිත්‍රපටියක්‌ නාට්‍යයක්‌ බලල නිස්‌කලංකව ජීවත්වෙන ජීවිතයක්‌ ගෙවන්න. මගතොටේ යද්දී පවා මිනිසුන්ගේ අවධානයෙන් පිරෙන ජීවිතය ගැන හිතද්දී මම ඔහුගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේ ජනප්‍රියත්වය අතහරින්න කියලත්. නමුත් ඒක තමයි දෛවය.

ඒ කාලෙ සෙල්ලක්‌කාර සූරසේනට දුව දෙන්න දෙමව්පියො කැමැති වුණාද ?
අපි ආදරවන්තයෝ වෙලා ඉස්‌සරලාම එළිමහනේදී මුණගැහිලා කතා කරන්න තීරණය කරපු දවසේම මේ ප්‍රේමය ගෙදරට සැළවුණා. මම බස්‌ හොල්ට්‌ එකේ ශ්‍රියන්ත එක්‌ක ඉන්නව අපේ මාම දැකලා අම්මාට ගිහින් කියලා තිබුණා, අන්න ලොකු දුව සූරසේන එක්‌ක බස්‌ හොල්ට්‌ එකේ හිටිය කියලා.

අම්මා ආදර කතාවට එරෙහි වුණාද ?
ඔව් නේ. විවිධ හේතු දක්‌වමින් අම්ම මේකට කැමැති වුණේම නැහැ.

ආදරය කියන්නෙ විටකදී බොළද සොදුරු තැන් හොය හොයා යන හැගීමක්‌නේ. ශ්‍රියන්ත හා කුසුම්ගේ ප්‍රේම කතාවේ පළමු ආදර සිහිවටනය වුණේ මොනවාද ?
එයා මට මගේ උපන් දිනයට ගීත කැසටි පටියක්‌ තෑගි දුන්නා. මම මගේ යාළුවකුගේ ගෙදරට ගිහින් මමම නිර්මාණය කරපු බතික්‌ සරමකුයි කමිසයකුයි එයාට තෑගි දුන්නා.

ඔබලාගේ ප්‍රේමය සීමා මායිම් නීතිරීති වලින් බැදුන එකක්‌ද ?
ආදරය කරන්න පටන් ගත්ත කාලේ නීති රීති තිබුණා. ශ්‍රියන්ත කිව්වේ රගපාන්න නොගිහින් ගෙදර නවතින්න කියලයි. මම හොදම වේදිකා නිළිය ලෙස සම්මාන ගත්ත පළමු අවස්‌ථාවේම ශ්‍රියන්තගේ කැමැත්තට ඉඩදීලා මම රංගනයෙන් ඈත්වුණා. නැවත විවාහයෙන් බොහෝ කලකට පසුවයි මම රගපාන්න එන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  659 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,009 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  6,323 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  5,301 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  954 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  907 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  419 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  1,834 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,930 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  37,365 Downloads



Top 10 Commenters

Latest Comments

Top