Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
06
ඇමති රවී ගැන දියණිය ඔනෙලා සිත් තැවුලෙන් බුකියේ දැමූ සටහන - Photos

- ඇමති රවී ගැන දියණිය ඔනෙලා සිත් තැවුලෙන් බුකියේ දැමූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
"ඇයි මගේ තාත්තට විතරක් චෝදනා"

"හැමෝටම නිදහසේ කථාකරන්න අයිතියක් තියෙනවා"

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව සිටින හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවී කරුණානායක සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වන්නේ  සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන දේවල් නිසා තම පියාගේ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් පසුගිය වසර දෙකක කාලයේ රට වැසියන්ට බොහෝ හොඳදේ සිදු කර නරක කිසිවක් නෑසූ පියා අවසානයේ සියලු සෘණාත්මක චෝදනා වලට ලක්කර වරදකරුවෙකු කිරීම අසාධාරණ බවයි.

සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තමා ගරු කරන නමුත් එක් පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කරන මෙම පහරදීම ගැන නැවත සිතා බලන ලෙසත් විවෘත මනසින් ඒ ගැන සොයා බලා කරුනු තේරුම්ගන්නා ලෙසත්ඇය ඉල්ලා සිටිනවා.

ඔනෙලාගේ ෆේස්බුක් සටහන පහතින්

"මම සාමාන්‍යයෙන් මගේ අදහස් ප්‍රකාශ කරන්න සමාජ ජාලාවල Status පණිවිඩ පළකරන කෙනෙක් නෙමෙයි.නමුත් අද මට කණගාටුයි මගේ පවුලේ චරිතය ඝාතනය වන අවස්ථාවදීත් මම අඩුම තරමින් මගේ හඬ අවදිකළ යුතුයි.

මගේ පියා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලවල දිගු කාලයක පටන් සංසරණය වන ආකාරය මම දැක්කා. නමුත් ප්‍රථම වරට මට දැනුනා මම මේ සඳහා මැදිහත් වීම කළයුතු බව. මගේ පියාගේ චරිතය දැඩි ලෙස පහතට දැමීමේ අරමුණින් යුතුව ඔවුන් දේශ සහගත ලෙස පියාගේ චරිතයට දැඩි ප්‍රහාර එල්ල කරන අවස්ථාකදී මෙම පුවත් සමාජ ජාල තුළ බොහෝම පහසුවෙන් හුවමාරු වුණා. නමුත් එක් නමක් පමණක් සහිතව මම දැක්කේ මගේ පියාගේ නම පමණයි.

එහෙම වෙන්නෙ ඇත්තටම පහුගිය අවුරුදු කිහිපයේ මේ ආණ්ඩුව කරපු හැම දේකටම වගකිව යුත්තා එක මිනිහෙක් බව හැමෝම විශ්වාස කරන නිසාද? එහෙම නැත්නම් මේ විකාරය දැන් විලාසිතාවක් වෙලා නිසා ද??.

යමක් සිදුවූ විට අපි එහි ගැඹුරට ගොස් දේවල් හා එයට වගකිවයුතු අයෙකු සොයන බව මම දන්නවා. නමුත් ඔබ විශ්වාස කරනවද මෙය අනෙකුත් දේශපාලනයේ සිටින්නන් ඔවුනට විරුද්ධව ඇති වැරදි වසා ගන්නට හොඳින් සැළසුම් සහගත ලෙස සියළු සාක්ෂි එක් පුද්ගලයෙකු මත ඝෘණාත්මක ලෙස පටවා ඇති බව.

හැමෝටම නිදහසේ කථාකරන්න අයිතියක් තියෙනවා. හානිකර අදහස් වගේම සත්‍ය තොරතුරු දැන ගැනීමටත් අයිතියක් තියෙනවා.
ඔබ හැමෝම මගේ පවුල ගැන දකින විදිහ ගැන අදහස් වෙනස් කරන්න මට බෑ . මම ගෞරවණීය ලෙස ඉල්ලනවා නිකමට අහලා බලන්න  මෙවැනි චෝදනා සිදුකරන්න පෙර.

ඔබ මුදල් ලබාගෙන චරිත ඝාතණය කරන්නන්ගේ ගොදුරක් බවට පත්වෙලා. මම වසර කිහිපයකට වඩා දේශපාලනය කියන අපිරිසිදු ක්‍රීඩාව ඉගෙන ගෙන තිබෙනවා.

ඔබට මෙය සම්පූර්ණයෙන් කියවන්න පුළුවන් නම් මම ඉල්ලා සිටින්නේ හිතන්න කියලා. හිතන්න එක මිනිහෙක්ට හැම වෙලාවෙම මේ වගේ දේවල් කරන්න පුළුවන්ද ? තමන් ගැනම ඝෘණාත්මක ප්‍රචාරණයක් ලබාගන්න එකම දේ නැවත නැවත සිදුකරන්න පුළුවන්ද?

කරුණාකර එක් පැත්තක විතරක් ඉඳලා බල්න්න එපා. ඇ.ත්තටම පේන දේ නෙමෙයි දේශපාලනය කියන්නේ.

ඔබ මේ වෙන දේ ගැන සියළු තොරතුරු දන්නවා නම් ඔබ පුදුමයට පත්වේවි මේ වෙන දේ ගැන.

ඔබෙන්ම අහලා බලන්න මෙච්චර ලොකු ආණ්ඩුවක ඇයි එක් පුද්ගලයෙකුගේ නමක් පමණක් ඉස්මතු වෙන්නේ කියලා.

තමන් දන්න තොරතුරු අනුව අපි හැමෝටම හිතන්න නිදහස තියෙනවා. නමුත් හිතලා බලන්න මගේ පවුලේ අයගේ පැත්තෙන් මේ ගැන.

කරුණාකර ඔබේ දෑස් හැර මදක් සිතාබලන්න මෙයට කිසිඳු කොමිසමක් නැහැ. මෙහි නඩුකාරයා , ජූරි සභාව හා අලුගෝසුවා ( නඩුව අසන්නා, අසන තැන හා දඬුවම් දෙන්නා) වන්නේ මාද්‍ය හා මහජනතාවයි.

මගේ තාත්තා කොමිසමට ගිහින් එද්දි කිව්ව දේ තමයි " මට දරාගන්න් පුළුවන් හතුරෙකුගේ ඊතල පහරක්. නමුත් මිතුරෙකුගේ පුංචි කටුවකින් ඇනීමත් මට මහත් වේදනාවක්" කියලා".




මේ අතර මෙම සටහන සම්බන්ධයෙන් මුහුණු පොතේ තවත් සටහනක් හුවමාරු වනවා එම සටහන පහතින්





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top