Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
"කුලී මනුස්සයෙකුට සල්ලි දෙන්න නැතිකම නිසා අම්මයි මායි ගේ හදද්දි වැලි ඇද්දා..." - දමිතා අබේරත්න - Photos

- "කුලී මනුස්සයෙකුට සල්ලි දෙන්න නැතිකම නිසා අම්මයි මායි ගේ හදද්දි වැලි ඇද්දා..." - දමිතා අබේරත්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78 Views
"මම මෙතනට උඩින් වැටුණු කෙනෙක් නෙමෙයි.."

"දරුවෙක් හදාගන්න මාත් ආසයි.."

දමිතා අබේරත්න කියන්නේ රංගනයට පෝෂණය වූ තාත්වික රංගනයක් එක් කරන නිළියක්. විවිධ රංගන පරාසයන් තුළ රගපාන ඇය ඇය ගැන සංවේදී කතාවක් පුවත්පතකට කියලා තිබුණා. නිර්මාණවලින් දකින ඇය ගැන තොරතුරුයි මේ.

දමිතා.... හැමදෙයක්ම කතාකරන්න කලින් මේ දවස්වල මොකද කරන්නේ... කියලා කියමුකෝ...?
මේ දවස්වල ටෙලිනාට්‍ය වල රූගත කිරීම් කරනවා. සුපුරුදු පරිදි මගේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. විදේශ රටවල් කිහිපයක ප්‍රසංග කීපයකුත් තියෙනවා. ඒ දේවලුත් එක්ක වැඩ ටික කරගෙන සුපුරුදු පරිදි ඉන්නවා.

එකදිගට වැඩකරලා ලැබෙන පුංචි හරි විවේකයේදී මොකද දමිතා කරන්නේ?
ගොඩක් වෙලාවට ලැබෙන පුංචි හරි විවේකයේදී මම මගේ අම්මි එක්කයි, මගේ බලු පැටව් දෙන්නා එක්කයි, මගේ අයියාගේ දරුවෝ එක්කයි තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. පොඩි හරි කාලයක් ලැබුණොත් ඒ අය එක්ක කෑමකට එළියට යනවා. ෆිල්ම් එකක් බලන්න යනවා.

දමිතා කරපු රංගනයන් අතරින් අභියෝගාත්මක රංගනයන් මොනවාද?
මගේ ජීවිතේ මට ලැබුණු හැම රංගනයක්ම මට අභියෝගයක්ම තමයි. මිනිස්සු අභියෝග ගන්නේ බොහෝ වෙලාවට තවත් කෙනෙක්ගේ ජීවිත එක්ක. එක්කෝ තව කෙනෙක් වගේ වෙන්නනේ. නමුත් මට හැමදාම ලොකුම අභියෝගය වුණේ මම කරන හැම චරිතයක්මයි. මම මේ අවස්ථාවේ කරන චරිතය මට ලොකු අභියෝගයක්. ඒක ජයගන්න තමයි මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ. චරිතය හොඳට කළොත් තමයි මම ඒක ජයගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මට ලැබුණු හැම චරිතයක්ම අභියෝග කරගන්නේ.

ජීවිතේ ආසාවෙන් රඟපාපු චරිත ඇති නේද...?
ඔව්... ජීවිතේ විවිධත්වයෙන් යුතුව කරපු චරිත බොහොමයක් තියෙනවා. ඒ අතරින් සුළං කිරිල්ලී චරිතය, දඬුබස්නාමානයේ පාලිගේ චරිතය, සෙනෙහෙවන්තයෝ චරිතය, කෙළිමඬල චරිතය වගේ චරිත කීපයක්ම මම ආසාවෙන් කරපු චරිත වුණා.

ඒ වගේම මම විශ්වාස කරනවා ඔබේ ජීවිතයත් අභියෝගයක්.... එහෙම නේද..?
ඔව්... සත්තකින්ම. මම මෙතනට උඩින් වැටුණු කෙනෙක් නෙමෙයි. පස්සෙ ගෙනා මනමාලි ටෙලිනාට්‍යය කළාට පස්සේ මොකක් හෝ මගේ තිබිච්චි දක්ෂතාවයක් දැකලා මට මගේ පළවෙනි චිත්‍රපටය වුණු මී හරකා චිත්‍රපටය ලැබුණා. එහෙම ආපු ගමන තමයි අද මේ තාමත් ඉන්නේ. ඇත්තටම කලබල වෙලා ජනප්‍රිය වෙන්න ඕනෙයි කියල හිතාගෙන මගේ ජීවිතේ මම මුකුත්ම කරලා නෑ. හැබැයි මම කරපු චරිත දැකලා මට වැඩදීලා එහෙම ආපු ගමන තමයි අද මේ මම රුඳිලා ඉන්නේ.

මේ ගමන එන්න මම වගේම මගේ අම්මිත් ගොඩක් දුක් වින්දා. අද මෙහෙම ලොකු ගෙයක් තිබුණට ඒ ගේ හදන්න පාරේ ඉඳන් වැලි ටික ඇද්දේ මායි මගේ අම්මයි. තාච්චිවලට අත කැපිලා අතින් ලේ ආපු දවස් අනන්තයි. ගෙයි සිමෙන්ති පොළොවේ නිදාගත්තු අතීතයක් අපිට තිබුණා. ඒ ගැන කියන්න මම ලජ්ජ වෙන්නෙ නෑ. කුලී මනුස්සයෙකුට සල්ලි දෙන්න නැතිකම නිසා අම්මයි මායි ගේ හදද්දි වැලි ඇද්දා. ගඩොල් ඇද්දා. ඒත්.... එහෙම මහන්සි වුණු ගෙයි අපි අද ජීවත් වෙද්දී ගොඩක් සතුටුයි. ඒ අපේ මහන්සිය. ඒ අපේ දාඩිය. මගේ අම්මවයි මේ විශ්ව ශක්තියයි මම විශ්වාස කරනවා. මේ ආපු ගමනෙදි කවදාවත් වැඩ නැතිව තිබිලා ඉඳලත් නැහැ. හැමදාමත් එකම විදිහට යන්න වාසනාව මට ලැබුණා.

ඔබ අධ්‍යක්ෂවරු යටතේ පමණක් නොව ඉනෝකා සත්‍යංජලී, තුෂාරි අබේසේකර වැනි අධ්‍යක්ෂවරියන් යටතේ රඟපෑ සම්මාන හිමිවූ කලා ශිල්පිනියක්. ඒ ලබපු අත්දැකීම්...?
ඔව්... ඇත්තටම කියනවා නම් අපේ රටේ අධ්‍යක්ෂවරියන් හරිම අඩුයිනේ. සුමිත්‍රා පීරිස් මහත්මිය, මාලනී ෆොන්සේකා මහත්මිය හොඳ අධ්‍යක්ෂකවරියන් වුණා. ඒත් මට වාසනාවක් ලැබුණේ නැහැ සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ වැඩ කරන්න. ඒත් ජීවිතේ මම තවමත් ඒ අවස්ථාව ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. නමුත් මම මාලිනී ෆොන්සේකා නම් මම අදහන ප්‍රවීණ ශිල්පිනිය අධ්‍යක්ෂණය කළ නිර්මාණ කීපයකම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ තුළ ඇය කොයිතරම් දක්ෂ කෙනෙක්ද කියලා මම දැක්කා.

පහුගිය කාලයේදී ඔබ ඉනෝකා සත්‍යංජලී හරහා ජාත්‍යන්තර සම්මාන ලැබුවා...?
ඔව්. පසුකාලයේදී මම ඉනෝකා සත්‍යාංජලී සහ තුෂාරි අබේසේකර යටතේ රඟපෑවා. ඔවුන් ලෝකය දකින්නේ වෙනමම තලයක ඉඳලා. මම හිතනවා ඔවුන්ගේ නිර්මාණ තුළින් ඔවුන් මේ දේවල් කතා කරන්න උත්සාහ කරනවා. සිතුම් පැතුම් හා දැනුවත්කමින් ගත්තත් මේ දෙපළම ඉතාම ඉහළ තලයක ඉන්නේ. ඔවුන්ගේ නිර්මාණවලින් මේ රටට බොහෝ දේවල් කියා දෙන වැඩදායි නිර්මාණයි. මාව විශ්වාස කරලා මාව දායක කරගත්තට මම ඒ අයට ගොඩක් ගරු කරනවා. මට ජාත්‍යන්තර සම්මාන පවා ගේන්න ලැබුණේ ඉනෝකා අක්කගේ සුළං කිරිල්ලී නිර්මාණය නිසයි. ලෝකය දකින්නට, ලෝක සිනමා දකින්නට මට වාසනාව ලැබුණේ මගේ ආදරණීය ඉනෝකා අක්කා නිසයි. මේ දෙන්නම හැංගිලා ඉන්න බොහෝම දක්ෂ නිර්මාණවේදියෙක්.

දැන් විවාහ වෙන්න කාලය හරි නේද දමිතා..?
ඔව්... විවාහ වෙන්න ඕනේ.  දෙවියෝ හැමදේම වෙලාවට දෙන්නේ නැහැනේ. මේකත් ඒකම තමයි.

ලෙන්ලි ජොන්සන් ගැනත් කියමු..?
ඔව්... කියමු. දැන් ජොන්සන් අවුරුදු තුනක් හතරක් විතර ඇති ලංකාවට ඇවිත්. එයා ලංකාවේ කෙනෙක් වුණාට එයා කාලයක් එංගලන්තේ ඉගෙන ගත්තා. කාලයක් ඩුබායිවල හිටියා. ඒ නිසා අවුරුදු විසි ගණනාවක්ම එයා ලංකාවේ හිටියේ නෑ. ඉතින් දැන් තමයි ලංකාවට ඇවිත් එයත් පිළිවෙළක් වෙන්නේ. ලංකාවේ බිස්නස් කරලා තාම එයාට පුරුද්දක් නෑ. එයාටත් කාලයක් දීලා මාත් චුට්ටක් බලාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම බොහෝ දෙනා කියනව වගේ කසාද බඳින්න කාලය මගේ පැනලා තියෙන්නේ. හැබැයි මම හිතන්නේ වයස කියන්නේ අංකයක් විතරයි. අපිට අපේ සිත තමයි හැමදේමට බලපාන්නේ. මට වයස පහුවෙනවා කියලා කවදාවත් හිතුණේ නැහැ. වයස පහුවුණා කියල මම ඒ ගැන කිසිම දුකක් නෑ. ලැබිච්චි දේවල් ගැන හිතලා මම ගොඩක් සතුටු වෙන කෙනෙක්.

දැන් ඔය බැඳීමට කොච්චර කාලයක් වෙනවාද?
අපි දැන් ඔය සම්බන්ධය පටන් අරන් අවුරුදු 14ක් වෙනවා. මේ කතාකරන මොහොත දක්වා අපි අතර ප්‍රශ්න ඇතිවෙලා නෑ කියලා කියන්නේ නෑ. බොරු සුන්දර ලෝකයක, මල් යහනාවක අපි දෙන්නා ආවා කියලා මම කියන්නේ නෑ. එහෙම මට කියන්න බෑ. අපි අතරේ පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. එහෙම නැත්නම් බොරුවක්නේ. ඒත්... මේ හැම ප්‍රශ්න හමුවේ අපි ඒවා විසඳගෙන ගමනක් යාම තමයි හොඳම දේ. මම හිතනව මේ මොහොත වනතුරු මම ඒ දේ කළා. ඉස්සරහටත් ඒ ගමන යන්නට, අම්මා කෙනෙක් වෙන්නට, වගකීම් අරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නට, ගැහැනියක් විදිහට අතිශයින්ම සාමාන්‍ය ගැහැනියකගේ හිත්වල පැතුම් ප්‍රාර්ථනාවල් මගේ හිතෙත් තියෙනවා.

දමිතා අම්මාට හරි ආදරණීය දුවක්නේ.... ජොන්සන් හා ඔබේ පවුල් බැඳීම කොහොමද?
එයා ගැන මට හරි සතුටුයි. මම හදිස්සියේ රට ගියොත් එයා තමයි මගේ අම්මවයි, ආච්චිවයි බලාගන්නේ. එයාගේ අම්මියි, තාත්තියි දෙන්නම මේ ලෝකේ නෑ. ඉතින්... එයා හැමදේම කරන්නේ එයාගේ අම්මිට කරනවා කියලා හිතාගෙනයි. මට ඒ ගැන හරි සතුටුයි... මම බලාපොරොත්තු නොවුණා තරමට මගේ අම්මිට, මගේ ආච්චිට, මගේ පවුලේ අයට එයා සලකනවා. ඒ හැමෝ එක්කම එයා හරි එකතුයි. එයා දන්නවා මම හරි කැමැතියි කියලා මගේ පවුලේ අයව සතුටු කරවන්න. ඒ යුතුකම ඒ වගකීම එයත් හරි අපූරුවට කරනවා.
 
කාලයක් නිෂ්පාදන කටයුතුත් කළානේ.... දැන් කරන්නේ නැද්ද...?
හරි ආසයි දැනුත් මොකක් හරි නිර්මාණයක් නිෂපාදනය කරන්න. ඒත් මේ කලාවේ හොඳ නිෂ්පාදනය කරන මිනිසුන්ට තාමත් හොඳ ක්‍රමවේදයක් හැදිලා තියෙනවා කියලා පේන්නේ නෑ. අපි දැකපු පරණ හෙවනැලි නාලිකාවල තාමත් තියෙනවා. ඉතින් මේකට තාමත් විධිමත් ක්‍රමයක් හැදිලා නෑ.

කවදා විතර දමිතා විවාහවෙයිද...?
ලොකු මඟුල් ගෙවල් ගන්න කිසිම ආසාවක් නෑ. ඒ අසාව මට එදත් නෑ. අදත් නෑ. මේ තරඟකාරී දේවල් දැක්කම මට ඔළුව විකාරයි වගේ. ඊට වැඩිය මම හරි කැමැතියි බොහෝම චාම් උත්සවයක් ගන්නයි. මම වෙඩින් එක ගන්න දවසට මාත් එක්ක තරහ වෙන්න බොහෝ පිරිසක් ඉඳීවි කිව්වේ නෑ කියලා. මේ නිසා වෙඩින් එක ඉතාම චාම්ව මගේ පිරිසත් එක්ක විතරයි ගන්නේ. ඒ කොහොම වෙතත් බොහෝ විට මේ වසර ඇතුළත අපි දෙන්නා විවාහ වේවි.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top