Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
සොරු කල්ලියක් මහ රෑ පන්සලට පැනලා ආරක්ෂක කැමරාත් ගලවා කරපු වැඩේ - Photos

- සොරු කල්ලියක් මහ රෑ පන්සලට පැනලා ආරක්ෂක කැමරාත් ගලවා කරපු වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,038 Views
හාමුදුරුවන්ව ගැටගහලා..

CCTV කැමරා පද්ධතියත් ගලවලා..

විහාරස්ථානයේ දාගැබත් කඩලා..

පුරා විද්‍යා දෙපර්තෙමින්තුව මගින් සංරක්‍ෂණය කර ඇති මල්වත්ත විහාරස්ථානයට අයත් වසර එක්දහස් හතලිස් හතරක් (1044) ඉපැරණි පූඩළුඔය කලප්ටිය පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දාගැබ කඩා එහි තැන්පත් කර තිබු නිදන් වස්තු කිසියමි පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව පූඩළුඔය පොලිසිය පවසනවා.

පසුගිය (03) වනදා රාත්‍රි 9.00 ට පමණ එම විහාරස්ථානයට පැමිණි සිවිදෙනෙකු විසින් එහි විහාරවාසි හේවාවිස්සගේ පියනන්ද හිමියන්ව සහ එහි සේවකයෙකුව ගැටගසා එම විහාරස්ථානයේ දාගැබ කඩා එහි තුල වු නිදන් වස්තුද සොරා ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සවිකර තිබු සි.සි.ටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩා උපකරණය සොරුන් විිසින් ගලවාගෙන ගොස් තිබෙනවා.

දුටුගැමුණු රජතුමන් විසින් රාජඅභිෂේක ලැබිමෙන් අනතුරුව එය සිහිවිම පිණිස මෙම රජමහා විහාරස්ථානය ඉදිකර ඇති බවයි එහි විහාරාධිපතිහිමියන් පැවසුවේ.

උල් ආයුධ සහිතව පැමිණි මෙම පිරිස තමන් වහන්සේව හා විහාරස්ථානයේ ආරක්‍ෂාවට සිටින අයෙකුව බිය ගන්වා ආවාස ගෙය තුල ගැට ගසා රාත්‍රි 9.00 සිට  ඊයේ (04) අලූයම 1.00 පමණ වන තෙක් විහාරස්ථානයේ රැදි සිටිමින් දාගැබට අමතරව විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේටද අලාභ හානි කර විහාරස්ථානයේ තිබු මිළ කළ නොහැකි පුස්කොළ පොත් ඇද දමා විහාරස්ථානයේ දේපල වලටද අලාභ හානි කර ගොස් ඇති බවයි විහාරාධිපතිහිමියන් පවසන්නේ.

තමන් වහන්සේ මිට වසරකට ප්‍රථම මෙම විහාරස්ථානය භාරව  පැමිණි බවත් නිධන්  සොරු විහාරස්ථානයෙන් පිටව ගිය පසු තමන් වහන්සේව ගැට ගසා තිබු ලණු ගලවාගෙන පසුව විහාරස්ථානයට එපිටින් වු දායකයන් කිහිපදෙනෙකුට දැනුමි දි පසුව පුඩළුඔය පොලිසියට පැමිණිළි කළ බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ.

මිට මාස කිහිපයකට ප්‍රථම එම රජමහා විහාරස්ථානයේ විහාර ගෙයි තිබු මිළ කළ නොහැකි මකර තොරණක් කිසියමි පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇති අතර එම සොරකම සමිබන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු මේ  වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් එම රජමහා විහාරස්ථානයේ තිබු මිළ කළ නොහැකි දඹ රන් බුදු පිළිමය නිදන් සොරු විසින් ඊයේ (04) රාත්‍රි රැගෙන ගොස් නොමැති බවයි පුඩළුඔය පොලිසිය පවසන්නේ.

විහාරාධිපති හිමියන් සහ එහි සේවකයාගේ ප්‍රකාශ පරස්පර විරෝධි බවත් මේ  පිළිබද පරික්‍ෂණ පවත්වන පුඩළුඔය පොලිසිය පවසනවා.

මෙම සොරකම සමිබන්ධයෙන් නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අංශ කිහිපයක් ඔස්සේ පුඩළුඔය පොලිසිය පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.
              
ඡායාරූප පහතින්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,699 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,703 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,058 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,958 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  976 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,173 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,812 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,071 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,155 Downloads



Top 10 Commenters

Latest Comments

Top