"මම නිරූපිකාවක් නෙමෙයි"
"මම එඩිතර ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා"
අමෙරිකාවේ පැවැත්වෙන Mrs International 2017 තරඟාවලියට සහභාගී වීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබෙනවා. ඇය නමින් සැන්ඩි විනෝමා (Sandy Collom-Hawcroft) මහත්මියයි.
එංගලන්තයේ ජීවත්වන ඇය මේ වන විට 37 වන වියේ පසුවන අතර ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්ද වනවා. ඇය Mrs United Kingdom International 2017 කිරුළද ඇය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ලබන සතියේ පැවැත්වෙන Mrs International 2017 තරඟය සඳහා ඇය ශ්‍රී ලංකාවෙන් තරඟවැදීමට ඉල්ලුම් කරත් ඇගේ පුරවැසිභාවය බලපෑ බවයි ඇය හිරු ගොසිප් වෙත කියා සිටියේ.
මෙම තරඟයට සහභාගීවීමට ඇයගේ පුතා හේතුවක් වූ බවත් අප වෙත කියා සිටියා. තවද ඇය (ඔටිසම්) ආබාධ සහිත දරුවන්ට සහ මොළයට ආබාධ වූ දරුවන්ට උදව් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඇය නිරූපිකාවක් නොවන බවත් ඇය ජීවිතය ජයගත්ත එඩිතර කාන්තාවක් වශයෙන් ජාත්‍යන්තරය දිනාගෙන තිබෙන බවත් අප වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
මෙම තරඟයේ මූලීක වටය ලබන සිකුරාදා දිනයේත් අවසන් වටය ලබන සෙනසුරාදාත් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟයේදි ඇයගේ ජයග්‍රහනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ටත් Vote කිරීමට හැකියාව පවතිනවා. අදාල වෙබ් අඩවිය
මෙතනින්තරඟකරුවන් පිළිබඳ විස්තර
මෙතනින්ඇය හිරු ගොසිප් වෙත අදහස් දැක්වූ වීඩියෝව සහ ඡායාරූප පහතින්