Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
"විජය සමුගෙන වසරක් ගිය තැන ආදරණිය බිරිඳ දේවිකා කියූ සංවේදී කතාව.."

- "විජය සමුගෙන වසරක් ගිය තැන ආදරණිය බිරිඳ දේවිකා කියූ සංවේදී කතාව.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,694 Views
"විජය ෂූටිං ගිහින් තවම ආවේ නෑ .."

"කවදා මට දේවිකා කියලා විජය කතා කරයිද දෙන්න නෑ..."

විජය නන්දසිරි කියන්නේ අසහාය නළුවෙක්.වර්ෂ 1944 ඉපිද ලාංකිකයින්ට රංගනයෙන් සිනහව සතුට දී ජිවිත රගමඩලෙන් සමුගත් ආදරණිය කලාකරුවෙක්. ඔහු මියගොස් මේ මස 8 වැනිදාට වසරක් පිරෙනවා. ඒ වෙනුවෙන් පවුලේ පිරිස ලේ දන්දීමේ පිංකමක්‌ සංවිධානය කර තිබෙනවා. ඔහු නැතුව පාළුවක් වැඩිපුරම දැනෙන්නේ ඇයටයි. ඒ ඔහුගේ ආදරණිය බිරිඳ දේවිකා මිහිරානිටයි. ඔහු නැතුව ගෙවුණු දිවිය ගැන ඇය පුවත්පතකට සංවේදී සටහනක් තබනවා මේ විදිහට. මේ දේවිකා මිහිරාණි ආදරණිය විජය ගැන කියූ කතාවයි.

විජය නන්දසිරිගේ ජීවිතය ගෙවුණේ කොහොමද?
එයාගේ මුළු ජීවිතය වුණේ කලාව. කලාව උදෙසා ජීවිතයම කැප කළා. ඔහු වෘත්තීය නළුවෙක්‌. සීයට සීයක්‌ම ඔහු තම වෘත්තියට සාධාරණය ඉටුකළා. එයාගේ ජීවිතයේ අනෙක්‌ හැම දේම මිනිබිරි සහන්‍යා මිහිරානි එක්‌ක තමයි ගතකරන්න කැමැති වුණේ. කලාවට ජීවිතය කැප කළා වගේම අපේ බලාපොරොත්තු ඔහු ඉෂ්ට කළා. විජය මිනිසුන් අතර මිනිසෙක්‌. විජය ගැන කතා කරන්න මට වචන මදි.

ඔහුගේ වියෝවීම කලාවට දැනෙන්නේ කිනම් ආකාරයටද?
ඒක නම් ඇත්තටම ලොකුම පාඩුවක්‌. නාට්‍ය කලාව එකතැන ඇනහිටියා වගේ වුණා. නාට්‍ය සංවිධායකයන්ගේ සති අන්තය වෙන්වෙලා තිබුණේ විජය වෙනුවෙන්. විජය නැතිවුණාට පස්‌සේ ඒ තත්ත්වය අනෙක්‌ පැත්තට ඇදවැටුණා. පෞද්ගලිකව මට ලොකු පාඩුවක්‌. ඒ වගේම රසිකයාටත් පාඩුවක්‌. සංවිධායකයෝ බොහෝ වේලාවට ඉදිරිපත් වුණේ විජය ඉන්න නාට්‍යයක්‌ පෙන්වන්න. සෙනඟ ශාලාවට ගෙන්වා ගන්න හොඳම දේ තමයි විජය ඒ නාට්‍යයේ රඟපෑම. වයස්‌ භේදයක්‌, තරාතිරමක්‌ නැතිව විජයට මිනිස්‌සු ආදරය කළා. එනිසාම විජයට තිබුණු ඉල්ලුම වැඩිවුණා.

ඔහු ගෙදර දොරේ වැඩවලට දැක්‌වූ සහාය
විජය ප්‍රේම කරන කාලෙදි හොඳ පෙම්වතෙක්‌. විවාහ වුණාට පස්‌සෙ හොඳ සැමියෙක්‌. ලෝකෙ ඉන්න හොඳම ස්‌වාමිපුරුෂයා තමයි මට හමුවුණේ. දරුවො දෙන්නා ලැබුණට පස්‌සේ විජය හොඳ තාත්තා කෙනෙක්‌. ඉන් පස්‌සේ හොඳම සීයා කෙනෙක්‌. සහන්යා මිනිපිරී ඉපදුණු දවසේ සතුටුවුණු විදිහ . කියන්න බෑ. විවේකයක්‌ ලැබෙන හැම මොහොතකම සහන්යා මිනිපිරිත් නවංජනා දුවත් එක්‌ක ස්‌කයිප් එකෙන් කතා කරනවා. එයාලා ඉන්නේ පිටරට නිසා. මැරෙන දවසේත් උදේ පැයකට කලින් උදේ එකොළහට ඇඟ හෝදගන්න කලින් පැයක්‌ මිනිපිරිත් එක්‌ක කතා කළා. දොයි දොයි දොයිය බබා සිංදුව කිව්වා. මටත් කිව්වා කියන්න කියලා. සහන්‍යාට මාස හතරයි නැත්නම් පහයි. මමත් විජය ළඟ ඉඳගෙන සිංදුව කිව්වා. ඉන්පස්‌සේ කිරිබත් කන්න ආසයි කිව්වා. එයා නාන කාමරයට ගියා. එදා දවස හරිම පැමිණි මතකයක්‌. ඒත් ඉතින් ඇත්ත පිළිගන්න ඕනේ.

ඔහු නැති පාළුව දැනෙනවා..?
ඔව්..... තවමත් මට පිළිගන්න බෑ විජය අප අතර නෑ කියලා. ෂූටිං ගිහින් තවම ආවේ නෑ වගේ තමයි මට හිතෙන්නේ. මට මහ රෑට නින්ද යන්නෙත් නෑ. මොකක්‌ හරි ටී වී නාලිකාවක්‌ දැම්මොත් ඒකෙ විජය ඉන්න ටෙලි නාට්‍යයක්‌ හරි වෙළෙඳ දැන්වීමක්‌ හරි යනවා. විජය මැරණත් හරියට නොමැරුණා වගේ. විජය හැමදෙනා සමඟම හරිම සුන්දර ගනුදෙනුවක්‌ කළේ. විජය නැති වුනාට පස්‌සේ ඒ මෘත දේහය එක්‌ක සෙල්µs ගැහුව රසිකයෝ. එවැන්නක්‌ මින් පෙර ලෝකේ වෙලා නැතිව ඇති. මම කිව්වා. ඒ සෙල්µs ගන්න කිසිම කෙනෙකුට බාධා කරන්න එපා... එයාලගේ ආදරණීය නළුවා එක්‌ක අන්තිම මොහොතෙ පින්තූර ගන්න ඉඩ දෙන්න කියලා. ඒ තරමට විජයට රසිකයෝ ආදරේ කළා. ඒ රසිකයෝ ගැන මට ආදරයක්‌ කරුණාවක්‌ ඇතිවුණා.

ඔහුගේ නම ඉදිරියට ගෙන යන්න නම් ඔහු කළ නිර්මාණ ඉදිරියට ගෙන යායතුයි නේද?
ඇත්ත. අපි විජයගේ කුස පබාවතී යළි ප්‍රදර්ශනය කළා. පුතා රසාංජන නන්දසිරි තමයි එදා විජය කළ චරිතය කළේ. පුතා සීයට හැත්තෑපහක්‌ විතර හොඳින් කළා. පුතා තාත්තව අනුකරණය කළා. ඒත් රටේ පසුගිය දිනවල තිබූ වාතාවරණය නිසා මිනිසුන්ට නාට්‍ය බලන්න වාතාවරණයක්‌ තිබුණේ නෑ. අපි කුස පබාවතී තව මාසෙකින් දෙකකින් යළි රටවටා ගෙන යන්න හිතාගෙන ඉන්නවා.

විජය නන්දසිරි අප අතරින් වියෝ වෙලා අවුරුද්දයි. මොනවද ඔහුගේ ගුණ සමරුව වෙනුවෙන් කරන්නේ.
අටවැනිදාට තමයි අවුරුද්ද. එදාට අපි ලේ දන්දීමේ පිංකමක්‌ උදේ අටේ ඉඳලා හවස හතර වනතුරු 156/1, ටෙම්පල්ස්‌ පාර, ගල්කිස්‌ස, ස්‌ථානයේ පවත්වනවා. විජයට ආදරය කරන රසික රසිකාවියන්ට මම ආරාධනා කරනවා ඇවිත් ඔබේ වටිනා ලේ බිංදුවක්‌ පරිත්‍යාග කරන්න. තවත් ජීවිතයක්‌සැපවත් කරවන්න. තව ජීවිතයක්‌ ජීවත් කරවන්න කියලා. විජය නමින් ලේ බිඳුවක්‌ දන් දෙන්න. අපි ජීවත් වෙන්නේ කාට හරි උදව් කරන්න. ඒනිසා හැම දෙනාටම එන්න කියලා මම කාරුණිකව ආයාචනා කරනවා. විජය ජීවත්ව ඉඳිද්දි කළේත් මානසික පීඩනයෙන් සිටින ජනවතාවට සතුට ලබාදී ඔවුන් ජීවත්කරවන්න. මිනිසුන්ට විතරක්‌ නොවේ විජය සතුන්ටත් ආදරය, කරුණාව දැක්‌වූවා. හම්බ කරන මුදලින් කොටසක්‌ වෙන් කළා. සත්තුන්ට කෑම බීම දෙන්න. දනට පිනට දෙන්න. පරවියෝ, මයිනෝ, ලේන්නු, සියකට වැඩිය ඇවිත් අදත් විජය වෙනුවෙන් කාල යනවා. විජය නැතත් මම ඒ දේ දිගටම කරනවා.

විජය නන්දසිරි ඇගයීමට ලක්‌වුණා කියා හිතනවද?
නෑ.... කනගාටුයි.. ජීවත්ව සිටිද්දී අගය කළයුතු තැන්වලදී විජයව ඇගයීමට ලක්‌වුණේ නෑ. ඒක ඉතිං ලෝක ස්‌වභාවය. කෙනෙක්‌ ජීවත්ව සිටිද්දී අගය තේරෙන්නේ නෑනේ. අඩුගානේ විජය නමින් හෝ ජීවත්ව සිටින කලාකරුවන් අගය කරන්න සුදුස්‌සාට තැන දෙන්න කියා මම කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඒ වගේම මම සතුටු වෙනවා බිරිඳක්‌ ලෙස මගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල ඉෂ්ට වුණා කියලා. එයා හැම දෙයක්‌ම කළේ අපි වෙනුවෙන්. මමත් බොහෝ දේ කැප කළා. ඔහු වෙනුවෙන්. මගේ රැකියාව පවා පැත්තකට දැම්මා. දැන් මේ ලේ දන්දීමේ පිකංමට පස්‌සේ අපේ පවුලේ ඥාතීන් එකතුවෙලා සර්ව රාත්‍රික පිරිතක්‌ සහ පසුදා දානයක්‌ පිරිනමනවා.

ඔහු නිවසේ සිටිද්දී නළුකම අමතක කළාද?
ඔව්. හරි පුදුමාකාර චරිතයක්‌. වේදිකාවේ මහ සද්දෙන් කෑ ගහලා විහිළු තහළු කළාට ගෙදරදි හරිම නිශ්ශබ්දයි. හැම තිස්‌සෙම හැම දේටම දේවිකා... දේවිකා... දේවිකා කියනවා. ඇත්තමට මට දැන් දේවිකා කියලා කියන්න කෙනෙක්‌ නැහැ. හැමෝම කතා කරන්නේ අක්‌කේ හරි නංගි හරි කියලා. ඒ අඩුව නම් මට හරියටම දැනෙනවා. ආයේ කවදා මට දේවිකා කියලා විජය කතා කරයිද දෙන්න නෑ. එයා සතුටු වුණා එයාගේ හැම දේම මා අතින් කරනවාට. කලා ලොවෙන් පිටත කිසිම බාහිර ප්‍රශ්නයක්‌ එයාට දැනෙන්න මම ඉඩ තිබ්බේ නෑ. කිසිම බරක්‌ දුන්නේ නෑ. ගෘහ මූලිකයා වුණාට මම පිටුපසින් සිටියා. ඒ හින්දම තමයි ඔහුගේ හැකියාවන් නිදහසේ ඉදිරිපත් කරන්න හැකිවුණේ. එයාගේ වේෂ නිරූපණය කළේත් මම. නියපොතු කැපුවෙත් මම. පඩිපෙල නගින්නත් මම හරි පුතා හරි උදව් කළා. ඒ තරම් සැහැල්ලුවෙන් රජෙක්‌ වගේ ජීවත් වුණා. විජය රජෙක්‌ වගේ ජීවත්වෙලා රජෙක්‌ වගේ රඟපාලා රජෙක්‌ වගේ නැතිවුණා. සත්‍ය අමිහිරියි. අටලෝ දහම අනුව අපි අකමැත්තෙන් හරි මරණය පිළිගන්න වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,699 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,703 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,058 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,958 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  976 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,173 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,812 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,073 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,155 Downloads



Top 10 Commenters

Latest Comments

Top