සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න...
තුන් හැවිරිදි පුංචි දැරියක් දූෂණය කර ඝාතනය කළ 41 හැවිරිදි අපරාධකරුවකු යේමන් ආරක්‌ෂක හමුදාව විසින් සානා අගනුවර පිහිටි තහීර් චතුරශ්‍රයේදී ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමා තිබෙනවා.
මොහමඩ් මහරුප් නමැති මෙම අපරාධකරු එම දැරියව ලිංගික හිංසනයට ලක් කළ බවටත් අනාවරණ වූ පසු මෙසේ දඬුවම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සිරගෙයි සිට තහීර් චතුරශ්‍රයට ගෙන එනු ලැබූ එම අපරාධකරුට හමුදා සෙබළෙකු ස්‌වයංක්‍රීය අවියකින් වෙඩි තබන ඡායාරුප විදෙස් මාධ්‍යවල පළ වී තිබුනා.
අපරාධකරුගේ දෑත් පිටුපසට කර බැඳ මුනින් දිගාකර තිබුනා.
මෙම අපරාධකරුට ප්‍රසිද්ධියේ දෙන දඬුවම බලා ගැනීමට දහස් ගණන් ජනතාව යේමන් අගනුවරට රැස්ව සිටි බවද සඳහන්.
යේමනයේ ෂරියා නීතියද ක්‍රියාත්මක වන බව ඇමරිකානු වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවා.