මව දරුවා සමග බස් රථයක් හෝ ත්‍රීරෝද රථයක් එනකම් බලාගෙන ඉඳලා...
කිසිම දවසක වැඩවර්ජනවලට ඉදිරිපත් වෙලා නැතිලු...
රටපුරා රජයේ වෛද්‍යවරු විවිධ ඉල්ලීම් මුල්කරගෙන මේ වකවානුවේ වැඩ වර්ජන සිදු කරත් කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු ඊයේ (31) තම විවේක දිනයක පුද්ගලික අවශ්‍යතාවයකට යමින් සිටියදි මාකෙලිඇල්ල ප්‍රදේශයේදී අසනිප තත්වයෙන් පසුවු කුඩා දරුවකු තම වාහනය තුලදීම පරික්ෂණයට ලක්කරන්ට සංවේදී වු අයුරු මෙසේ දිස් වුනා.
වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා පුද්ගලික අවශ්‍යතාවයකට මෙම ප්‍රදේශයට ගමන් කරමින් ඇති අතර තම දරුවා අසනීප තත්වයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බස් රථයක් හෝ ත්‍රීරෝද රථයක් හෝ අපෙක්ෂාවෙන් මෙම මව බලාගෙන සිට තිබෙනවා.
බොහෝ වෙලාවකින් තම අපේක්ෂාව ඉටු නොවු මෙම කාන්තාව මහා මග ගමන් ගත් වාහන කිහිපයකට අතදමා සංඥාකර ඇතත් ඒවා නොනවත්වා ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ මෙම ස්ථානය පසුකරමින් යැමට පැමණි වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා වාහනය නවතා තිබෙනවා.
ඔහු වෛද්‍යවරයකු බව එකවර හඳුනානොගත් එම කාන්තාව දරුවා රෝහල කරා ගෙන යැමට උපකාර ඉල්ලා ඇති අතර ඒ මොහොතේ සංවේදී වු වෛද්‍යවරයා දරුවා තම රථයට නංවාගෙන පරික්ෂා කර ක්ෂණික ප්‍රතිකාර ලබා දී පිටත්වී තිබෙනවා.
මේ මොහොතේ හදිසියේම පැමිණියේ දෙවියකු බව දරුවාගේ මව සහ අවට සිටි ප්‍රදේශවාසින් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් කළ විමසීමේදි ඔහු සදහන් කලේ වෛද්‍යවරයෙක් වශයෙන් තමා කලේ සුළු දෙයක් බවත් තමා කිසිම දවසක වැඩවර්ජනවලට ඉදිරිපත් නොවුවකු බවයි.
වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටී ට බොහෝ දෙනෙකු ආමන්ත්‍රනය කරන්නේ හිතහොද දොස්තර මහත්තයා නමින් බවට දැනගන්නට ලැබුනා.