කෑමබීම මොන විදිහට ගත්තත් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක කාටවත්ම නතර කරන්න බැහැ. විවිධ ලෙඩ රෝග වැළදෙනවා. බොහෝ රෝගීන් ප්‍රතිකාර සදහා යොමුවෙනවා. කොලොස්ටරෝල් කියන්නේ එක්තරා විදිහට රෝග කිහිපයකට අතවනන රෝගයක්. එනිසා බොහෝ රෝගීන් ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නවා. සියඹලා කියන්නෙත් මේ රෝගයට ස්වාභාවික ප්‍රතිකාරයක්.
සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට - මිරිස් හොද්දට - මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක් වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.
භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම - බඩේ වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.
කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්. වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.
සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක් ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.
ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර