Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
28
ආර්ථික අපහසුතා මැද ජීවිතය දිනන්න වෙර දරණ දිරිය දියණියකගේ කඳුලු කතාව - Video & Photos

- ආර්ථික අපහසුතා මැද ජීවිතය දිනන්න වෙර දරණ දිරිය දියණියකගේ කඳුලු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
"මගේ අනාගත බලාපොරොත්තුව නම් වෛද්‍යවරියක් වෙන්න"

"ඒ දෙන්නා නිසා තමයි අද මම මේ තත්වයට ඇවිත් ඉන්නේ"

බොහෝ බාධක මැද ජීවිත කඩුල්ල ඉතා  අපහසුවෙන් පනින ජනතාවක වෙසෙන අතිදුෂ්කර ගම්මානයක් වන එප්පාවල,  මාවතවැව ගම්මානයේ ක්‍රීඩා ගුරුවරයකු නැති,  ක්‍රිකට් පිති 2 ක් හා ක්‍රිකට් කඩුලු පමණක් ක්‍රීඩා භාණ්ඩ ලෙස ඇති පාසලින්,  ප්ලාස්ටික් ජල නල වලින් තැනූ කඩුලු මතින් පැන, කඩුලු පැනීමට සමස්ථ ලංකා වරම් ලැබූ  වෛද්‍යවරියක වීමට සිහින දකින දිරිය දියණියක පිළිබදව අපට වාර්ථා වුණා.

ඇය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ අති දුෂ්කර පාසලක් වන එප්පාවල මාවතවැව විද්‍යාලයේ අටවැනි වසරේ ඉගෙනුම ලබන ඒ. සෙව්මිණී සසිකලා සෙනවිරත්න (13) නම් දියණියයි.  2017 උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී උතුරු මැද පළාතේ සියලු පාසල් තරගකරුවන්  අභිබවා  වයස අවුරුදු 14 න් පහළ මීටර 80  කඩුලු පැනීමේ තරගයෙන් සමස්ථ ලංකා වරම් ලැබීමට ඇය දක්ෂතා දක්වා ඇත.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන්නේ  අප කථා නායිකාව වන සෙව්මිණි සසිකලා දියණියයි.සෙවිමිණිට නැගණියක හා සොයුරෙකු සිටී.පවුලේ බඩ පිස්සා වූ සොයුරාට මේ වන විට වයස අවුරුදු 08 ක් වන අතර ඔහු උපන් දා සිට පුර්ණ ආබාධිත තත්වයෙන් පසුවනවා.
කුලීවැඩ කරන සෙවිමිණීගේ  පියා  තම දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ආබාධිත තත්වයෙන් සිටින එකම පිරිමි දරුවා වෙනුවෙන් තමන්ට ලැබෙන සොච්චම් දවසේ පඩිය වැය කරනා බැවින් ඔවුන්ට හරි හමන් නිවසක්ද නැහැ,

ඔවුනට දිවි ගෙවන්නට සිදු වී ඇත්තේ කටු මැටියෙන් තැනූ නිවසකයි. අසනීප තත්වයෙන් පසුවන සෙව්මිණිගේ සොයුරා වෙනුවෙන් වියදම් කිරීමට හා කාළය මිඩංගු කිරීමට දෙමාපියන්ට සිදුව ඇති බැවින් සෙව්මිණිගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් කැප කරන්නට කිසි දෙයක් ඉතිරි වී  නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට දක්ෂතා දක්වා වෛද්‍යවරියක වෙන්නට සිහින මවනා සෙව්මිණි දියණිය පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගාවලින් වලදී දුර දිවීමේ තරගවලදී  වැඩිමහල් තරඟකරුවන්ද අභිබවමින් දක්ෂතා දක්වන්නේ ඇයට ඇති දරා ගැනීමේ හැකියාව හා සහජ දක්ෂතාවන් හේතුවෙන් පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුතුමන් වන සුමේධ ජයලත් ගුරුතුමන් හා සිංහල විෂය මධුරී මල්කාන්ති ගුරුතුමිය එක්ව ඇය කඩුලු පැනීමේ තරඟ සඳහා පුහුණු වීම් කරවා පළාත් තරඟ සඳහා ඉදිරිපත් කර ,සමස්ථ ලංකා වරම් දිනා ගැනීම දක්වා යොමු කර තිබෙනවා.

පාසලේ ක්‍රීඩා ගුරුවරයකු නොමැති අවස්ථාවක පාසලේ විද්‍යා ගුරුතුමන් වන  සුමේධ ජයලත් මහතා හා සිංහල ගුරුතුමිය වන මධුරී මල්කාන්ති මහත්මිය මේ දැරියගේ දක්ෂතා ඔප්නංවා ඇත්තේ පාසලේ හරිහමන් ක්‍රීඩා පිටියක් හෝ ක්‍රිඩා භාණ්ඩද නොමැති පසුබිමකයි.

කඩුලු පැනීම සඳහා අවශ්‍යය කඩුලු ප්ලාස්ටික් ජල නල වලින් නිර්මාණය කර ඇත්තේ මේ දක්ෂ ක්‍රීඩිකාවගේ දක්ෂතාවන් සැගවී යාමට ඉඩ නොදීමේ අරමුණින්. එසේ බාධක මැද පුහුණු වීම් කළ සෙව්මිණි සසිකලා දියණිය මේ වන විට කඩුලු පැනීමට සමස්ථ ලංකා වරම් හිමිකර ගෙන ඇත. බොහෝ ආර්ථික අපහසුතා ඇති පවුලක උපන් ඇගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ශක්තිය අවශ්‍යයව ඇත.

සමස්ථ ලංකා වරම් ලැබූ ඒ. සෙව්මිණී සසිකලා සෙනවිරත්න දියණිය ඔබේ ශක්තියෙන් හෙට දිනයේ ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන්නට ඇය සූදානම්. මේ ඇගේ හඬයි,

"මගේ පාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන දුෂ්කරම පාසලක්, පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී දුර දිවීමේ තරග වලින් මට ජයග්‍රහණය ලැබුණා.සුමේධ සර් මගේ දක්ෂතා දැකලා මට කිව්වා කඩුලු පැනීමේ තරග සදහා පුහුණු වෙමු කියලා. සුමේධ සර් අපේ පාසලේ විද්‍යා ගුරුතුමා, ක්‍රීඩා භාර ගුරුවරයකුත් නැති අපේ පාසලේ මගේ පුහුණුකරු වුණේ විද්‍යාගුරුතුමා,  කඩුලු පැනීම මම තෝරා ගත්තත්, පුහුණු වීම් කරන්න සුදුසු ක්‍රීඩා පිටියක්වත්, කඩුලුවත් අපේ පාසලේ නෑ.සුමේධ සර් ඒකට විසදුමක් විදිහට ප්ලාස්ටික් ජල නල ගෙනත්, ඒවායෙන් කඩුලු හදලා මාව පුහුණු කලා.අපේ පිට්ටනියේ වලවල් තියෙනවා තැනි තලා පිට්ටනියක් නෙමෙයි තියෙන්නේ.

ඒ වගේ ගොඩක් දුෂ්කරතා මැදයි මම පුහුණු වීම් කරලා මම කළාප තරගාවලියෙන් හා උතුරු මැද පළාත් පාසල් තරගයෙන් ජයග්‍රහණය ලබලා  සමස්ථ ලංකා වරම් ලැබුවා.මේ හැම ජයග්‍රහණයක් පිටිපස්සේම මගේ පුහුණුකරු ලෙස සුමේධ සර් වගේම අපේ පාසලේ සිංහල ගුරුතුමිය වන මධුරි මැඩම් හිටියා.ඒ දෙන්නා මට ආරක්ෂාව වගේම පුහුණුව හා අවශ්‍ය සියලුම සහය ලබා දුන්නා.ඒ දෙන්නා නිසා තමයි අද මම මේ තත්වයට ඇවිත් ඉන්නේ.උදේ හවස පුහුණු වීම් කරන්නට වගේම මගේ අධ්‍යාපන කටයුතු වලටත් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහය වෙනවා ඒ සියලුම දෙනාට මම ස්තූතිය පුද කරනවා.ඒ වගේම  ගයාත්‍රී දිනේෂ් මාමා, අපේ ගමේ මංජු මාමා මට ක්‍රීඩා උපකරණ ගන්න උදව් කළා ඒ දෙන්නටත් මම ගොඩක් ස්තූතිය පුද කරනවා.

මගේ තාත්තා කුලී වැඩ කරලා අපිව ජීවත් කරවන්නේ, අම්මා රැකියාවක් කරන්නේ නෑ, මට නංගි කෙනෙක් හා මල්ලි කෙනෙක් ඉන්නවා, මල්ලී අබාධිත තත්වයෙන් පසු වෙන්නේ.ගොඩාක් දුෂ්කරතා තිබුණත් මම ක්‍රීඩාව තෝරා ගත්තේ ඒ හැම දුෂ්කරතාවක්ම මග හැරලා ජීවිතය දින්නන පුළුවන් වෙයි කියලා.මගේ අනාගත බලාපොරොත්තුව නම් වෛද්‍යවරියක් වෙන්න, ඒ වගේම ක්‍රීඩාවෙනුත් ලංකාවට කීර්තියක් අරගෙන දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මම ක්‍රීඩා ඇමතිතුමාගෙන් වගේම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ එන්න අපේ පාසලට ඇවිත් බලන්න අපේ දුෂ්කරතාවන්, මම වගේම තව දක්ෂයෝ මේ වගේ පාසල් වල ඉන්නවා, ඒ අයටත් ඉහළට එන්න උදව් කරන්න කියලා".

සමස්ථ ලංකා වරම් ලැබූ සෙව්මිණීගේ පුහුණුකරු වන සුමේධ ජයලත් ගුරුතුමන් අදහස් දක්වමින් කියා සිටියේ,

"මම ක්‍රීඩා ගුරුවරයෙක් නම් නෙමෙයි, මම විද්‍යා ගුරුවරයෙක් මම පාසලේ විද්‍යා විෂය ඉගැන්වීමට අමතරව දරුවන් වෙනුවෙන් මගේ කාළය මිඩංගු කරලා ක්‍රීඩා පුහුණු කටයුතු ආරම්භ කළා.ඒ සදහා මධුරී මල්කාන්ති ගුරුමහත්මියත් විශාල සහයක් ලබා දුන්නා. අපිට අපේ පාසලින් දක්ෂ ක්‍රීඩිකාවක් මුණ ගැහුණා, ඇය තමයි සෙව්මිණි සසිකලා දියණිය මුණ ගැහුණා.ඇය කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කරනවා. මම ඇගේ දක්ෂතාවන් දැක්කේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදීයි.ඇයට දුර දුවන්න හැකියාව තිබුණා.නමුත් ඇගේ වයස් සීමාව හැටියට මීටර් 800 ක් වගේ දුර දුවන්න බෑ තරග නීති රීති අනුව, ඒ නිසා අපි ඇයට දරා ගැනීමේ ඉසව්වක් ලෙස වයස අවුරුදු 14 න් පහළ මීටර 80 ක් දුර දිවීමට අපි ඇයව යොමු කළා.නමුත් අප පාසලේ කඩුලු පැනීමේ තරග සදහා අවශ්‍ය කඩුලු නෑ,පාසලට ක්‍රීඩා භාණ්ඩ විදිහට තියෙන්නේ ක්‍රිකට් ගහන පිති දෙකකුයි, ක්‍රිකට් සදහා යොදා ගන්නා කඩුලු ටිකකුයි විතරයි.ඊට පස්සේ මම ජල නල බට යොදා ගෙන කඩුලු නිර්මාණය කළා.ඒ මතින් ඇය  පුහුණු කරලා කළාප හා පළාත් ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කරලා ඒවායෙන් ජයග්‍රහණය කරලා දැන් සමස්ථ ලංකා වරම් ලබා ගැනීමට යොමු කලේ. මේ දරුවා ක්‍රීඩාවට දක්ෂ වුණත් එයාගේ ආර්ථික අපහසුතාව ඒ සියලු දක්ෂතා යටපත් කරන්න හදනවා.ඒ දරුවාගේ දෙමාපියන් අගහිගකම් වලින් පිරිලා ඉන්නේ, ඒ අයට ආර්ථික හයියක් දෙන්න පුළුවන් නම් ඒකත් ඒ දරුවාගේ අනාගතයට ලොකු හයියක් වෙයි".

"ඒ වගේමයි අපේ පාසලට සමතලා ක්‍රීඩා පිටියක්වත් නෑ, නිතරම පාසලේ දරුවන් පුහුණුවීම් වලදී අනතුරු වලට ලක් වෙනවා. කාට හෝ පුළුවන්නම් මේ පාසල් වල ක්‍රීඩාව දියුණු කරන්න උදව් කරන්න ඒක විශාල පුණ්‍ය කර්මයක් වෙයි.අපි මේ පාසලේ ක්‍රීඩා කටයුතු වලදී අවට විදුහල් වලින් තමයි ක්‍රීඩා භාණ්ඩ ඇතැම් අවස්ථා වලදී ඉල්ලාගෙන එන්නේ, අවට පාසලකවත් කඩුලු පැනීමේ තරග සදහා අවශ්‍යය කඩුලු නෑ.ඒ නිසා තමයි ජල නල බට යොදා ගෙන කඩුලු නිර්මාණය කලේ, නමුත් එය ප්‍රායෝගික නෑ, ඒවා හුලගට පෙරලෙනවා,ඒ වගේම විවිධ වයස් කාණ්ඩ සදහා උස් පහත් කිරීම් කරන්න ඕන වුණත් එහෙම කිරීමේ හැකියාවක් නෑ.ප්‍රායෝගික දුෂ්කරතා මැදයි අපි මේ දක්ෂ ක්‍රීඩිකාව හොයා ගත්තේ".

"මේ දැරියගේ ජයග්‍රහණය පිටිපස්සේ එයාගේ දෙමාපියන්, විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචර්ය මණ්ඩලය වගේම ගමේ බොහෝ දෙනක් සිටිය  බවත් මතක් කළ යුතුයි".

තම විදුහලින් සමස්ථ ලංකා තරග නියෝජනයට වරම් ලැබූ සිසුවිය පිළිබද ඉතා ආඩම්බරයෙන් කථා කළ විදුහල්පති ඩබ්.ජී විජේකෝන් මහතා දැක්වූ අදහස්

"අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින අති දුෂ්කර පාසල් අතරින් අතිදුෂ්කරම පාසලක් තමයි මාවතවැව විද්‍යාලය, මේ ප්‍රදේශය වල් අලින්ගෙන් උවදුරට ලක් වෙන ප්‍රදේශයක්, මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වෙන්නේ හේන් ගොවිතැනින් හා කුඹුරු ගොවිතැනින්.ඒ දෙමාපියන්ගේ දරුවෝ තමයි මේ මාවත වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ.විශාල අගහිගකම් මැද තමයි මේ දරුවෝ අධ්‍යාපනය හදාරන්නේ.මේ දරුවන් අධ්‍යාපනයට වගේම ක්‍රීඩාව සදහාත් විශේෂ දක්ෂතා දක්වනවා.කෙතරම් දුෂ්කරතා තිබුණත් ඔවුන්ගේ හැකියාවන් විශිෂ්ඨයි කියන එක මතක් කළ යුතුයි.

අපේ පාසලේ සුමේධ ජයලත් හා මධුරි මල්කාන්ති යන ගුරු දෙපළ පාසලේ ක්‍රීඩාව වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළා.එහි ප්‍රථිපලයක් ලෙස මේ වන විට අප විද්‍යාලයෙන් ප්‍රථම වරට සමස්ථ ලංකා තරගාවලි සදහා ඉදිරිපත් අවස්ථාව තියෙනවා.ඇය ක්‍රීඩාවට දක්ෂතා දැක්වූවද ඇගේ පවුල් පසුබිම ඉතාම ඛේදනීයයි.ඇගේ දෙමාපියන් කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ, ධාරිද්‍රතාවයෙන් උපරිමයෙන් ඔවුන් මිරිකිලා ඉන්නේ.එහෙම තැනකදී මෙහෙම දරුවෙක් බිහි කරගන්න ලැබීම අපි ලැබූ ජයග්‍රහණයක්.මොවුන්ට අතදීම ඉතා වැදගත් දෙයක්.මේ පාසලේ ක්‍රීඩා පහසුකම් අතින් ඉතා අල්පයි.මීටර් 70 ක පමණ ක්‍රීඩා පිටියක් පමණයි තියෙන්නේ, හොද ක්‍රීඩා පිටියක්වත් නෑ.ඒ මැද තමයි මේ දරුවෝ දක්ෂතා දක්වන්නේ".
 
සෙව්මිණිගේ මව වන නිමේෂා රත්නායක මහත්මිය කදුලු පිරි දෑසින් කියා සිටියේ මෙවැනි දෙයක්

"මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා, ලොකු දුව අවුරුදු 13, දෙවැනි දුවට අවුරුදු 10 යි, පුතාට 08 යි, මගේ ලොකු දුව සෙවිමිණි ක්‍රීඩාවට හා අධ්‍යාපනයට හරි දක්ෂයි.දුව මෙවර සමස්ථ ලංකා ක්‍රීඩා තරග වලට තේරිලා තියෙනවා.මගේ දුව ඒ තැනට ගේන්න ඉස්කෝලෙන් ගොඩක් කැපවීම් කරලා තියෙනවා.අපිට ලොකු කැපකිරීමක් කරන්න බෑ, මගේ මහත්තයා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ.අපේ දුවගේ ක්‍රීඩා වලට තියා අධ්‍යාපන කටයුතු වලටවත් වියදම් කරන්න හරි අපහසුයි.අපේ එකම පුතා පුර්ණ ආබාධිත තත්වයෙන් පසු වෙනවා.ඉපදුන දවසේ ඉදන් එයාට ඇවිදින්න බෑ, කථා කරන්නේ නෑ, දියර වර්ග විතරයි ආහාර ගන්නේ, පුතාට ප්‍රථිකාර කරන්න සල්ලි නෑ අපිට ඒ නිසා විශේෂ ප්‍රථිකාරයක් කරන්න නම් අපි අරගෙන ගිහින් නෑ. අපිට ඉන්න හිටින්න හරි හමන් ගෙයක් වත් නෑ, මධුරි ගුරුතුමියයි, සුමේධ සර් තමයි මගේ දුව මේ තත්වයට ගෙනාවේ.දරුවා ක්‍රීඩාවට දක්ෂ වුණත් එයාට පෝෂණයක් දෙන්නවත් අපිට විදිහක් නෑ,   බිත්තරයක් ඉදලා හිටලා ගෙනත් දෙනවා අපි. අපිට කිරිපිටි වර්ග දෙන්න සල්ලි නෑ, මේ දවස් වල කුලී වැඩක්වත් නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මගේ දුවට උදව් කරපු හැම කෙනාටම ගොඩක් ස්තූති කරනවා.මගේ දුවගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක් වෙන්න, ඇත්තට අපිට ඒ තැනට යන්න උදව් කරන්න සල්ලි නෑ, දුවගේ ක්‍රීඩා තරග වලට යද්දී ගමන් වියදමක්වත් දරන්න සල්ලි නෑ, හැම දෙයක්ම කරන්නේ ණයට සල්ලි අරන්,මම ඉල්ලන්නේ මගේ දුවගේ හීන හැබෑ කර ගන්න කවුරුන් හෝ උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා"




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top