ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක්නේ. සමහරු මේකට ඇබ්බැහි වෙලා හිටියත් තවත් සමහරුන්ට නම් මේ ගේම් එක එච්චර කැමති එකක් නෙමෙයි.
තමන්ගේ ගම්මානය දියුණු කරන ගමන් අනිත් ගම්මාන ආක්‍රමණය කරමින් සහ යුද්ධ කරමින් (Clan Wars) ඉතා සංයමයෙන් සහ අත්දැකීම් එක්ක ඉදිරියට යන්න ඕනෙ ක්‍රීඩාවක් තමයි ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නේ.
අපි මේ කියන්න යන්නේ මේ ගේම් එකේ චරිත ටිකක් ඉන්න බස් රථයක් ගැනයි. ඔවුන්ගේ අපූරූ චිත්‍ර ඇතුළත් මෙය විකුම් ක්‍රියේෂන් වෙතින් ඉතාමත් අලංකාරව නිර්මාණය කරලා තියෙනවා.
කාලෙන් කාලෙට අලුත් අලුත් නිර්මාණ එළියට ආවත් මීගලෑව - කුරුණෑගල මෙම බස් රථයට එකතු වූ හැඩ වැඩ ගැනත් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වෙනවා.