"වියදම් කරපු සල්ලි වලට වඩා මගේ තාත්තගේ මුණේ තියෙන මේ හිනාව වටිනවා"
"මගේ හීන පස්සට දාලා අම්මගෙයි තාත්තගෙයි හීන මුලින් හැබෑ කරනවා"
අප රටේ දියණියන් වැඩි වශයෙන් මව්වරුන්ට වැඩිය ආදරේ පියවරුන්ටයි. ඔවුන් හුඟක් ලෙංගතුවන්නේද පියවරුන් සමගයි.
පියෙකුගේ ආදරය වටහාගත් එවැනි දියණියක් ගැන අහන්න ලැබුනේ මුහුණු පොතෙන්. ඇගේ නම සෂිකලා. ඇය ඇගේ සිහිනයක් පස්සට දමා තම ආදරණීය පියාට තෑග්ගක් අරන් දෙනවා.
ඒ තෑග්ග යතුරු පැදියක්. මෙම ක්රියාව අගයකරමින් ඇගේ මුහුණු පොතේ මිතුරන් විශාල පිරිසක් අදහස් දක්වා තිබුණා.
තමන්ගේ හීන පස්සට දාලා පියාගේ සහ මවගේ හීන සැබෑ කරන එක ඔවුන්ගේ මුහුණේ හිනාවක් දකින එක සල්ලි වලට වඩි වටිනවා කියලයි ඇය පවසන්නේ.
ඇය පියා සමග අලුතින් ගත් යතුරුපැදියේ නැග සෙල්ෆි ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එක්කර තිබුණේ මහත් ආඩම්බරයකින්.
ඇගේ එම සටහන පහතින්
"To day I' m so happy..
ada mn thaththge hiinayak habaa kara..mage hiina passata dala ammageu thaththagei hinaa mulin haba karanawa..me bike eka ganna mn wiyadam karapu salli walata wada mage thaththage mune thiyena me hinahawa watinawa mahagodak..salli walata ganna be eka kawadawath"..
"අද මම තාත්තගේ හීනයක් හැබෑ කරා... මගේ හීන පස්සට දාලා අම්මගෙයි තාත්තගෙයි හීන මුලින් හැබෑ කරනවා. මේ බයික් එක ගන්න මම වියදම් කරපු සල්ලි වලට වඩා මගේ තාත්තගේ මුණේ තියෙන මේ හිනාව වටිනවා මහගොඩක්. සල්ලිවලට ගන්න බෑ ඒක කවදාවත්"...