ජිවත්වන නිවස කඩා වැටෙන්න ඔන්න මෙන්න...
පියාගේ එක ඇසක් අන්දභාවයට පත්වෙලා..
හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අළුත්ඔය ප්‍රදේශයේ මහපාරේ ගමන් කරන වාහන වලට අතදමා පැනි කෝන් විකුනන කුඩා අක්කා නගෝ දෙදෙනෙකු පිළිබඳව සංවේදී පුවතක් වාර්තාවනවා .ගිනි අව්වේ දෙපා රත්ව උඩ පනිමින් වෙළදාමේ යෙදී වෙළදාම නොමැතිව අසරණව සිටි මෙම දියණියන් දෙන්නා ගැනයි මේ.
මෙලෙස පැණි කෝන් විකුණමින් සිටියේ හතර වසරේ ඉගෙනුම ලබන හංසි සඳමාලි සහ තුන වසරේ ඉගෙනුම ලබන හර්ෂි සඳමාලි යන අක්කා නගෝ දෙදෙනායි .
මොවුන් දෙදෙනාට තවත් පුංචි මල්ලියෙක් සහ 11 වැනි වසරේ ඉගෙන ගන්නා අයියා කෙනෙකුද සිටිනවා.
හන්සිලාගේ අම්මා චන්ද්‍රිකා ප්‍රේමරත්න දරුවන් බලාගෙන නිවසේ සිටිනවා. පියාගේ එක ඇසක් අන්දභාවයට පත්ව ඇත්තේ කැලේ දර පලද්දී දර කැබැල්ලක් වැදීමෙන් .
ඔහු රැකියාව ලෙස කරන්නේ කැලේ ගොස් දර මිටියක් ,සොයා ගැනීම .පැණි බෝතලයක් භාගයක් සොයා ගැනීම හා ගඩා ගෙඩි කඩාගෙන විත් නිවස ඉදිරිපිට පාරේ තබා කාට හෝ අලවි කිරීමයි .
දිනකට එක වේලකින් පමණක් සරි කරගන්නා මේ පවුලේ පස් දෙනා ජිවත්වන නිවස කොයි මොහොතේ කඩා වැටේද යන්න සැක සහිතයි .දරුවන් තිදෙනෙකු පාසල් අධ්‍යාපනය ලැබුවද දෙපයට දමන සපත්තු පවා කැඩී ගොස්ය.
හරි හමන් ඇඳුමක් අඳින්න නැති මේ පිරිස දරිද්‍රතාවයේ පතුලේම සිටිනවා .ඉදිරියට වර්ෂාවක් ලැබුනොත් නිවසට පොල් අත්තක් ටකරමක් ගන්න පෙරුම් පුරමින් සිටින දරුවන්ගේ පියා ප්‍රියන්ත රණසිංහ පැවසුවේ කොහොම හරි දරුවන් රැකගැනීමට තනි ඇසෙන් හෝ වෙහෙසෙන බවයි .
ඔහුගේ දෑතේ කරගැට වලින් අත්වල ඇනුණු කටු වලින් ඒ බව මනාව පැහැදිලි වනවා .
පැණි කොන් විකුණන මේ දියණියන්ගේ ජීවිතද ඉඩෝරයට හසුවී හමාරයි. මේ ජිවිත වලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔහුන්ගේ ලිපිනය එස් .ජි .ප්‍රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , මේ ඔවුන්ගේ ලිපිනයයි .