අම්බලන්තොට සහ ඒ අවට ප්‍රදේශයන්හි තරුණයින් හට කාලයක් තිස්සේ කුඩු බෙදු කුඩු රැජින නොහොත් '' ලොකු අම්මා '' උපාය දුතයෙකු යොදා කරන ලද වැටලීමකදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අම්බලන්තොට පොලිසිය පවසනවා .
අම්බලන්තොට පොදු වෙළදපොල අසල නිවසක පදිංචිව සිටි 58 හැවිරිදි අදාළ සැකකාර කාන්තාව සතුව තිබු හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් හා හෙරොයින් ජාවාරමින් උපයාගත් රුපියල් අටලක්ෂ හැට අටදාස් හයසිය අසුවක මුදලක් (8,68,680)ද පොලිස් බාරයට ගැනීමට හැකිවී තිබෙනවා.
මිට පෙර අවස්ථා කීපයකදීම හෙරොයින් ලග තබා ගැනීම විකිණීම ,ජාවාරම් කිරීම යනාදී චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාව වසර කීපයක් සිරගතවද සිටි බවත් පොලිස් අත්අඩංගුවෙන් පැන ගිය අවස්තාවක්ද තිබු බවත් පොලිසිය සඳහන් කළා.
කොතරම් වාර ගණනාවක් සිරගත වුවත් සිරගතව සිට ඇවිත් මේ ආකාරයෙන් හෙරොයින් ජාවාරම් කිරීම අදාළ කාන්තාව විසින් සිදු කිරීම නිසා ප්‍රදේශයේ තරුණයින් බොහොමයක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී තිබෙන බවත් ඉතා සූක්ෂමව මෙම ජාවාරම අදාළ කාන්තාව විසින් සිදුකර ඇති බවත් එබැවින් පොලිසියට අත් අඩංගුවට ගැනීමට අසීරු කාර්යක් වී තිබු බවයි පොලිසිය පවසා සිටියේ .