ජෙනිෆර් ලෝපේස් කියන්නේ හඩින් වගේම රංගන කුසලතාවයෙන් ලෝකයක් වසගයට ගත් ජනප්‍රිය කලාකරුවෙක්. සුපිරි යැයි හදුන්වන කිසිදු ගායක ගායිකාවක් නොකරන අංගයක් එක්ක ඩුබායි සංගීත ප්‍රසංගයකට සම්බන්ධ වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මෙම ප්‍රසංගය නොවැම්බර් මාසයේ 17 වන දින ඩුබායි පැවැත්වෙන අතර එය AUTISM ROCKS ARENA - DUBAI OUTLET MALL යන නමින් නම් කර තිබෙන්නේ. මෙහි විශේෂය වන්නේ ප්‍රසංගය රසවිදින්නට සහභාගී වන සියලු රසිකයින් පිරිවරාගෙන ජෙනිෆර් සාදයක් පැවැත්වීමයි.
ජෙනිෆර් ලෝපේස් 2014 වසරේත් මැදපෙරදිග රටවල් කිහිපයක සංගීත ප්‍රසංග පවත්වා තිබෙනවා. එම ප්‍රසංග නම්කර තිබුණේ ‘Dance Again’ නමිනුයි.47 හැවිරිදි ජෙනිෆර් ලෝපේස්ගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18 ඉක්මවන බවත් සදහන්.