ලොවම මවිත වන අරුම පුදුම සිදුවීම් අතරේ තවත් එවැනිම අමුතු සිදුවීමක් විදෙස් මාධ්‍ය වර්තාකර තිබෙනවා.
මෙය වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
මෙම සිදුවීම වන්නේ මොළය මියගිය කාන්තාවක් විසින් දින 123 කට පසුව නිරෝගී දරුවන් දෙදෙනෙකු බිහිකිරීමයි.
හදිසි සිසේරියන් සැත්කමකින් මෙම පිරිමි හා ගැහැනු දරුවන් "ආශ්චර්යය" ලෙස උපත ලබා ඇති අතර මවගේ වයස අවු. 21ක්.
ඇය මියයන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් ඇයගේ හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුනාගැනීමත් සමඟ ඇයගේ කුසේ සිටි මේ වාසනාවන්ත දරුවන් දෙදෙනාටද ජීවත්වීමේ භාග්‍ය හිමිවනවා.
කෙසේ වෙතත් දින 123 කට පසුව ලෝකයම මවිතයට පත්කරමින් Asaph සහ Anna Vitoria ගේ උපත සිදු වී තිබෙනවා.
ගැබ්ගැනීමෙන් පසු ඇය ආඝාතය රෝගයෙන් පෙළුන බව සඳහන්.
ඔහුගේ බිරිඳ අහිමි වීමෙන් කම්පනයට පත්ව සිටි 24 හැවිරිදි ස්වාමිපුරුෂයා වූ ආසාෆ් , මේ නිවුන් දරු උපතින් ප්‍රීතියෙන් ඉපිල ගිය බව වාර්තා වුනා.
මේ අතර මෙම දින 123 අතර වෛද්‍යවරුන් මෙන්ම සංගීතඥයන්ද රෝහලට පැමිණියා.