පැරිස් මයිකල් ජැක්සන් කියන්නේ පොප් ගායනයෙන් ලෝකය දෙවනත් කළ මයිකල් ජැක්සන්ගේ ආදරණිය දියණියයි. ඇය මයිකල්ගේ එකම දියණියයි. ඩෙබී රෝව් හා මයිකල් ජැක්සන් දාව ඉපදුණු මැයට පැරිස් කියන නම මයිකල් දාන්න හේතුවක් කරගත්තේ ඩෙබීගේ කුසේ පැරිස් පිළිසිද ගත්තේ ප්‍රංශයේ පැරිස් නුවර නිසයි. ඇය 1998 අප්‍රේල් 3 වැනිදා ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස්වල උපදිනවා. දැන් වයස අවුරුදු 19යි. පියාගේ මරණ මංචකයේදී ඇය සමාජයට නිරාවරණය වුණාට පසුව පැරිස් පිළිබදව යළිත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වන්නේ ‘රෝලිං ස්ටෝන්ස්’ යන සගරාව සමග ඇය කළ කතාබහයි.
ඇය මුරණ්ඩු වෙද්දී පැරිස් කියන්නේ මයිකල්ගේ සුජාත දියණිය නෙමෙයි කියලා ඇයව හංවඩු ගහද්දි ඇය ඊට උත්තර දුන්නේ මම මයිකල්ගේ සුජාත දියණිය වගේම එකම දියණිය කියලයි.ඒ වගේම ඇය සගරාවට අතීත කතාවෙන් ඇයගේ කතාබහ ආරම්භ කරනවා.
”මට අනෙක් ළමයින්ට වගේ යාළුවෝ ගොඩක් පිරිවරාගෙන ඉන්න ලැබුණේ නැහැ. මමත්, තාත්තත්, සහෝදරයිනුත් එක්ක මම හැදුණේ වැඩුණේ තාත්තගේ නෙවර්ලෑන්ඞ් නිවසේ. මගේ අම්මා ඩෙබී තාත්තාගෙන් නීතියෙන් වෙන් වුණාට පස්සේ මමත් මගේ අනෙක් සහෝදරයින් ජිවත් වුණේ ඒ ගෙදර.අපේ හිමිකාරිත්වය ලබා ගත්තේ තාත්තා. ඒ නිසා යහළු යෙහෙලියන් පිරිවරාගෙන ජීවත්වෙන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ..මට වයස අවුරුදු 14ක් වෙද්දී නොදන්නා පුද්ගලයෙක් අතින් මම දුෂණයට ලක් වුණා.ඉන් ඇති වූණු මානසික පීඩනය නිසා මම කාලයක් මත්ද්‍රව්‍යවලට වූ දැඩි ලෙස ඇබ්බැහි වුණා.ඒ ලිංගික හිංසාව ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. කොහොම වුණත් ඒක හොඳ අත්දැකීමක් නම් නොවෙයි. මට ඒක දරාගන්න පුළුවන් වුණේ නැහැ. මම ඒක ඒ කාලේ කාටවත් කිව්වෙත් නැහැ.ඒත් එක්කම මම මානසිකව වැටුණා. දුක් වින්දා.ඒ හැම දෙයක් එක්කම තාත්තා මැරුණට පස්සේ මම කිහිප වතාවක්ම සිය දිවි නසා ගන්න උත්සාහ කළා. ඒ අවස්ථාවල දී අතපය තියුණු ආයුධවලින් කපා ගත්තා. මයිකල් ජැක්සන්ගේ එකම දියණිය මම වුණත් මට වටිනාකමක් නැති බව දිගින් දිගටම හිතුණු නිසා මටම මම වදහිංසා කරගත්තා..."
ඒ බව ප්‍රකාශ කළ පැරිස් මෙම සගරාවට ඇය තරයේම කියා සිටියේ "පියා මිය ගියේ නැහැ මරා ගත්තා.." කියලයි.
මයිකල් ජැක්සන් මිය යන මොහොතේ ළඟින් සිටි වෛද්‍ය කොන්රාඞ් මරේ, නිර්වින්ද ඖෂධ මගින් තම පියා මරා දැමූ බව පැරිස් චෝදනා කළා.
ඒ වගේම ජැක්සන් පවුලේ බොහෝ රහස් තියෙන බවත් ඒ රහස් සියල්ල ඇය මුද්‍රණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෘතියේ සදහන් කරන බවද ඇය එම සගරාවට ප්‍රකාශ කර තිබෙනවා. පැරිස්ගේ මුත්තණුවන් සහ මිත්තණිය ද මෙම රහස් හෙළිකිරීම සම්බන්ධව කැමැත්තෙන් ඉන්න බවත් ඇය එම සගරාවට කියා තිබෙනවා.
"තාත්තා ලෝකෙන්ම ජනප්‍රිය වුණත් මගේ නෑදෑයින් කිහිප දෙනෙක් ගායකයින් වුණත් මම මෝස්තර නිරූපිකාවක්... ග්රැමි සම්මාන උළෙල සඳහා සහභාගී වූ අවස්ථාවේ දී මගේ සුරූපී ස්වරූපය දුටු බොහෝ දෙනෙක් කිව්වේ මෝස්තර නිරූපණයට පමණක් නෙමෙයි රංගනයටටත් සුදුසුයි කියලයි..ඒ නිසාම මම මේ වන එක් චිත්රටයකට රංගනයෙන් දායක වුණා. එය 2018 වසරේ මාර්තු මාසයේ තිරගත වෙනවා..."
”ඒ වගේම කියන්න ඕන මයිකල් ජැක්සන් කියන්නේ කළු සමක් තිබුණු කෙනෙක්. ඔහු මගේ තාත්තා. හැමදාටමත් මගේ තාත්තා. ඔහුව හොඳින් දන්නා අය කියන දෙයක් තමයි මා තුළින් ඔහුව පෙනෙන බව.”
පච්ච කොටා ගැනීමේ උන්මාදයක් මට තියෙනවා. ඒ නිසා මේ වන විට පච්චා 50ක් පමණ කොටාගෙන තියෙනවා. ඒ අතුරින් නවයක් මගේ තාත්තා වෙනුවෙන් කළේ..." ඒ ඇයගේ වචනයි.