Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
බදුල්ල තැති ගන්වමින් ඩෙංගු මාරයා තවත් පාසල් සිසුන් දෙදෙනෙක් බිළිගනී - Photos

- බදුල්ල තැති ගන්වමින් ඩෙංගු මාරයා තවත් පාසල් සිසුන් දෙදෙනෙක් බිළිගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70 Views
අපේ රටේ  ප්‍රදේශ රැසකින් මේ දිනවල ඩෙංගු උණ  රෝගීන් ගෙන් රෝහල් පිරි ඉතිරී ගොස් ඇති බව අසන්නට ලැබෙනවා.

මේ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබමින් සිටි චේතනා  අබේකෝන් උපාධි අපේක්ෂිකාව ඩෙංගු උණ ට ගොදුරුවී පසුගිය ජුලි 1 දින  මියයාමේ  පුවතක් පසුගියදා අසන්නට ලැබුනා.

එම පුවතින් පසු ජුලි මස 2 දින බදුල්ල ප්‍රදේශවාසින්ට අසන්නට ලැබුනේ  එවැනි තවත්  පුවතක්. බදුල්ල මහ රෝහලේ ඩෙංගු උණට  ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දරුවෙක් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් තිබෙන්නේ බදුල්ල බෝගහමඩිත්ත පදිංචිව සිටි  බදුල්ල නගරයේ පිහිටි බදුල්ල  මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි  තිමිර ඉසුරංග විජේවර් ධන නැමැති ඉගෙනීමට දක්ෂ  පාසැල් සිසුවකුයි.

බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.යු.එන්. ළිදවත්ත පශ්චාත් මරණ පරීක්ෂණ  පවත්වා  ඩෙංගු උණරෝගය උත්සන්න විමෙන් සිදු වු මරණයක් බවට මෙය තීරණය කර තිබෙනවා.

මෙම මරණයත් සමගම මගතොට හමුවන බොහෝ දෙනාගේ තදබල කතා බහ වුයේ ඩෙංගු උණ රෝගයයි.බදුල් ල මහ රෝහලේ තවත් රෝගීන් හැටක් පමණ දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග  පවසනවා.

මේ සමගම ඊට පසුදිනද බදුල්ල ප්‍රදේශවාසීන්ට  තවත් ඛේදජනක ඩෙංගු මරණයක්  අසන්නට ලැබුණා. එදින මරණයට පත්වි සිටියේ බදුල්ල  නගරයේ පිහිටි සරස්වතී දෙමළ මහා විද්‍යාලයේ  10 වසර ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සසී කුමාර් කරිශ් නැමැති දරුවෙකුයි.

මෙම මරණයද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි එච්.ටී.කේ .විජේවීර ඩෙංගු උණ රෝගය උත්සන්න වීමෙන් සිදු වු මරණයක් බවට නිගමනය කර තිබෙනවා.

අපේ රටේ  දැනට මදුරු වර් ග  140 ක්  පමණ සිටින බව  සොයා ගෙන තිබෙන අතර මොවුන් ගෙන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායකවන්නේ  ඊඩිස් ඊජිප්ටයි ( Aedes Aegypti ) හා  ඊඩිස් ඇල්බොපික්ටස්  (Aedes Albopictus )යන මදුරු විශේෂ දෙක බව කීට විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

බදුල්ල නගරයේ සහ තදාසන්න ගම් ප්‍රදේශවල ඇවිදයන කොයි කාටත් ජලය බැස නොයන කාණු පද්ධති,පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල් ආදි දේ හිරවි ඇති  මැසිමදුරුවන් පිරුනු කැලෑවට යටවුණු දුගඳ හමන  කාණු කොතකුත් දක්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසුවා.

බදුල්ල සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඩෙංගු අවදානම් කලාපයන් බව ඌව පළාත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  දත්ත අනුව පෙන්වා දී ඇති බවද පැවසෙනවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top