Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
"පාළුවක්, තනිකමක් දැනුණම ජීවිතේ ළඟ කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා..." photos

- "පාළුවක්, තනිකමක් දැනුණම ජීවිතේ ළඟ කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා..." photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,855 Views
"සුදුසු කෙනා හමුවූ දාට මගේ විවාහයත් සිදුවේවි.."

" අද එයා කොහේ ඉන්නවද දන්නේ නෑ..."

පුංචි තිරයේ වගේම සිනමාවේ ප්‍රබල චරිත නිරූපණය කරන්න දුලානි අනුරාධාට නිරන්තරයෙන්ම අවස්ථාව ලැබෙනවා.මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ අලුත්ම තොරතුරුයි.
 

එතකොට ඔබ ජීවිතයේ අත්විඳි ලොකුම සතුට හා දුක මොකක්ද?
අබා චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාව තමයි සතුටුම අවස්ථාව. ලොකුම දුක මම හිතන්නේ මම තවම අත් විඳිලා නැහැ.
 
කලාකාරියක් විදියට ඔබ විඳපු ලොකුම සතුට හා දුක මතකද?
අබා චිත්‍රපටයට හොඳම නිළිය විදියට සම්මාන හිමි වූ මොහොතේ විශාල සතුටක් දැනුණා. සමහර සිනමා සම්මාන උළෙලවල ඇගයීම් ලබලා එම වසරේම පැවති වෙනත් සම්මාන උළෙලවලදී නිර්දේශයට හෝ ලක් නොවුණු අවස්ථා තමයි කලාකාරියක් විදියට මම විඳපු ලොකුම දුක.
 
ඔබට ආදරය දුකක්ද සතුටක්ද?
සතුටේ උපරිමය වගේම දුකේ උපරිමයත් ආදරය තමයි.
 
වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළද තනිකඩ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතය සුන්දරයි. සැහැල්ලුයි. ඒත් විවාහ ජීවිතය තුළ ජීවිතය බෙදාගන්න පුළුවන්. අසාර්ථක විවාහ ජීවිත වගේම, සාර්ථක විවාහ ජීවිතත් මම දැකලා තියෙනවා. මට හිතෙනවා ආදරයෙන් පිරුණු හොඳ විවාහ ජීවිතයක් වඩා සුන්දර ඇති.
 
එහෙනම් දුලානිට මේ ගෙවන තනිකඩ ජිවිතය දරාගන්න බැරි තරම් දුකක් ඇති ?
එහෙම දරාගන්න බැරි තරම් දුකක් නම් නැහැ. ඒත් පාළුවක්, තනිකමක් දැනුණම ජීවිතේ ළඟ කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වෙලාවට පුංචි දුකක් දැනෙනවා. මම හිතන්නේ ඒ දුක තනිකඩව ඉන්නා හැම කාන්තාවකටම දැනෙනවා ඇති.
 
විවාහ වෙලා ඒ ජීවිතයේ සතුට විඳින්න ඇයි ඔබ තවමත් පමා කරන්නේ ?
විවාහ වුණා කියලා හැම දෙයක්ම සතුටුදායක වෙන්නේ නැහැ. සුදුසු කෙනා හමුවෙලා ගැළපීම මත සිදුවන විවාහය තමයි සතුටින් පිරුණු විවාහයක් වන්නේ. සුදුසු කෙනා හමුවූ දාට මගේ විවාහයත් සිදුවේවි.
 
වෙනත් කෙනෙක් හින්දා දුලානි සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති ?
මගේ අයියා මම පිළිවෙළක් වෙනතුරු විවාහ වෙන්නෑ කියන මතයේ හිටියා. පසුව ඔහු විවාහ වුණේ නිසි වයසත් පහු කරලා. එදා අයියගේ ජීවිතේ අලුතින් පටන් ගත්ත හැටි දැක්කම මට ලොකු සතුටක් දැනුණා. වෙනත් අය හින්දා දුක්වූ අවස්ථා නම් ගොඩක් තියෙනවා. මම හරි සංවේදියි. හඳුනන නාඳුනන කාට හරි දුකක් වුණොත් මගේ හිතත් උණු වෙනවා.
 
දුලානි හින්දා වෙන අය සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති ?
මගෙ ජයග්‍රහණයන් දැකලා මගේ ගෙදර අය නිතරම සතටු වෙනවා. මං හින්දා වෙන කෙනෙක් දුක් වූ අවස්ථා ගැන සිහිපත් කරද්දී නම් මතක් වෙන්නේ පාසල් කා‍ලේ සිදුවීමක්. එක්තරා පිරිමි ළමයෙක් මට තදින්ම ආදරය කළා. යාළුවන්ගේ බලපෑම් හින්දයි ඒ වයසෙදී තියෙන විසෙයි හින්දා මමත් ඒ ළමයට බොරුවට ආදර හසුන් ලියලා එයාව රැවැට්ටුවා. අන්තිමට මං පෙන්නුවේ බොරු ආදරයක් කියලා එයාට තේරුණා. ඒ සිද්ධියෙන් එයාගේ ජීවිතේ අන්තයටම වැටුණා. අද එයා කොහේ ඉන්නවද දන්නේ නෑ. ඒත් මම හින්දා වෙන කෙනෙකු ලොකු දුකක් වින්දා නම් ඒ තමයි එයා විඳපු දුක.
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
සතුටක්. මොකද කියනවා නම් මම ජීවිතය ගොඩ නඟාගත්තේ සැලසුම් සහගතවයි. ඒ හින්දා මගේ අනාගතය මට පැහැදිලියි. ඉතින් ඒ ගැන සතුටක් මිසක් දුකක් මට නැහැ.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  11 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  421 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,050 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,900 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  608 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,604 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,366 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,825 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,266 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,990 Downloads



Top 10 Commenters

Latest Comments

Top