Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
16
මාවනැල්ලවම හඬවමින් ඩෙංගු මාරයාට බිලිව අවසන් ගමන්ගිය රංග - Photos

- මාවනැල්ලවම හඬවමින් ඩෙංගු මාරයාට බිලිව අවසන් ගමන්ගිය රංග - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
"කසාද බැඳලා මාස එකහමාරයි"

"සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා"

"ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ."

ආදරය කරන පෙම් යුවළගේ ජීවිතයේ තියෙන ලොකුම හීනය තමයි මංගල දිවියට පිවිස අනාගතය ලස්සනට හදාගෙන සතුටින් ජීවිත් වීම.

නමුත් කවුරුත් නොසිතූ මොහොතක ඒ හීන එකවරම කඩා වැටෙනවා. එවැනි වූ අවාසනාවන්ත සිදුවීමක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාපිය ආශිර්වාදය මැද පසුගිය මැයි මාසයේ 18 වැනිදා රංග සහ මහේෂා විවාහ දිවියට පත් වෙන්නේ දහසක් සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවෙන්.

මෙලෙස සතුටින් යුගදිවිය ආරම්භ කළ රංග සහ මහේෂාගේ පෙම් කැඳැල්ල පැවතියේ මාස එක හමාරක් වැනි කෙටි කාලයකි. ඒ රංග හදිසියේම ඩෙංගු මාරයාට බිලී වීම නිසා.

මාවනැල්ල උඩුමහනේ පදිංචි රංග මොටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ  27 හැවිරිදි තරුණයෙක්.

සතුටින් සෙනෙහසින් යුගදිවිය ගත කළ රංග සිය මව සහ නැඟණිය සමඟ ආදරණීය බිරිඳ ද නිවසේ නවතා දිනපතා රැකියාවට යාමට පුරුදු වී සිටියා.

සතුටින් කාලය ගෙවී ගියත් හිටිහැටියේම රංග උණ රෝගයකට ගොදුරු වනවා.

ඔහු එය එතරම් ගණන් නොගෙන පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුපුරුදු පරිදි රැකියාවට පිටත්ව යනවා.

එදින රාත්‍රිය වන විට ඔහුට උණ රෝගය වැඩි වී වමනය දැමීම නිසා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

දින දෙකක කාලයක් රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රංගව ඉකුත් 04 වෙනිදා ඩෙංගු රෝගය නිසා අවසන් ගමන් ගියේ සිය ආදරණීය බිරිඳ, මව, පියා, නැඟණිය ඇතුළු මුළු මාවනැල්ල ප්‍රදේශයම හඬවමින්.

සිය ආදරණීය සැමියා වූ රංගගේ මියයෑම ගැන මහේෂා පැවසුවේ මෙලෙසින්..

මමයි රංගයි විවාහ වුණේ පසුගිය මැයි මාසේ 18 දා. අපි දෙන්නා අවුරුදු හතරකට වැඩි කාලයක් ආදරය කළා. ගෙවල්වල කැමැත්තෙන් අපි කසාද බැන්ඳා. අදට මාස එකහමාරක් විතර ඇති. රංග වැඩට ගියාහම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා. එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා.

ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ. තිස්වැනිදා රෑ උණ හැදෙන්න වගේ කියලා කිව්වා. පස්සේ පළමු වැනිදා උදේ වැඩට ගියා. ගිහින් එකොළහට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා ප්‍රයිවෙට් තැනකින් බෙහෙතුත් ගත්තා. දවස් දෙකක් විතර ගෙදර හිටියේ. ඉරිදා රෑ එයාට ටිකක් අමාරු වුණා. වමනෙත් ගියා. පස්සේ අම්මයි මමයි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ඇවිත් නැවැත්වූවා. පසුවදත් ඇවිත් අපි එයාව බැලුවා. ඒත් හතර වැනිදා යනකොට අපිට එයා බලන්න බැරිවුණා. මට ඒ සිද්ධිය දැක්කට පස්සේ දරාගන්න බැරි වුණා. මම ගොඩාක් ඇඬුවා. එදා දවල් වෙලා අපි හැමෝම දාල එයා ගියා. ඇයි දෙයියනේ මාව තනිකරලා ගියේ. මම මේ දුක කොහොම ඉවසා ගන්නද.?

මියගිය රංගගේ පියා

‘‘මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. එයා කසාද බැඳලා මාස එකහමාරක් ඇති. පුතා වැඩකරන්නේ මාවනැල්ල ලුම්බිණි මෝටර්ස් එකේ. එයාට රථවාහන අමතර කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවා. දැන් අවුරුදු අටක් තිස්සේ පුතා රැකියාව කරනවා. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා තමයි එයා කසාද බැන්ඳේ. පුතා අවුරුදු හතරක් විතර තිබුණු ප්‍රේම  සම්බන්ධතාවකින් තමයි විවාහ වුණේ.

මහේෂිකා දුවත් එක්ක විවාහ වෙලා එයාලා දෙන්නා සතුටින් හිටියා. මේ අහිංසකයට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. මම වැඩ කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියැදුරෙක් හැටියට. හතරවැනි අඟහරුවාදා මට ගෙදරින් කෝල් එකක් ආවා පුතාට අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම ඒ වෙලාවේ හිටියේ වව්නියාවේ. පස්සේ මම කීවා ඉක්මනට එන්නම් කියලා. මම මගින් එනකොට දවල් දොළහට විතර ආරංචි වුණා පුතා අන්තරා වුණා කියලා. පස්සේ තමයි දැනගත්තේ පුතාට ඩෙංගු හැදිලා කියලා.

මියගිය රංග පුතා ඉස්කෝලේ ගියේ රංදිවෙල මහ විද්‍යාලයට. එයාගේ නංගිත් ඉස්කෝලෙ යන්නේ ඒකට. යාළුවන්ට එයා හොඳ යාළුවෙක්. අම්මටයි මටයි හරිම ආදරෙයි. නංගිටත් ඒ වාගේමයි. එයාගේ නෝනත් එක්ක එයා ජීවිතේ පටන්ගන්න හැදුවා විතරයි.’’

මියගිය රංගගේ අම්මා

මටයි තාත්තටයි හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපි තනිකර දාලා යයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ. එයාගේ හැම කැමැත්තකටම හැම සතුටකටම අපි ඉඩ දුන්නා. පුතා කසාද බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව එක්කමයි. එයා අපිට කිසි දෙයක් හැංඟුවේ නෑ. හැම දෙයක්ම මටයි තාත්තටයි කියනවා. පුතාගේ වෙඩින් එක ගත්තෙත් පුතාගේ කැමැත්ත අනුවයි. ඒ දෙන්නගේ විවාහ ජීවිතේට මාස එක හමාරක් ඇති පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා බලා ඉන්න බෑ. ඒ අහිංසක දුවට විතරක් නොවෙයි අපිටත් මේ දුක දරාගන්න බෑ..

ඡායාරූප පහතින්...



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top