ඉන්දියාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
එම සමීක්ෂණ වාර්තා වලටඅනුව ඉන්දියාව තුල මේ වනවිට ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 241ක් සිටින බවයි වාර්තා වන්නේ.
මීට පෙර අමෙරිකාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට පත්ව සිට ඇති අතර මේ වනවිට ඉන්දියාව එම වාර්තාවට හිමිකම් කියනවා.
අමෙරිකාව තුල ෆේස්බුක් ගිණුම් මිලියන 240ක ප්‍රමාණයක් තිබෙන අතර ඉන්දියාව තුළ එක් මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201ක් බව සදහන්.
ෆේස්බුක් ගිණුම් මිලියන 139ක් හිමිකර ගනිමින් තෙවැනි තැනට ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා.
