Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
කටු මැටි බිත්ති හතරක් මැද උපන්දා සිට අසනීප තත්වයෙන් සිටින පුංචි විවේක්ගේ කඳුලු කතාව - Photos

- කටු මැටි බිත්ති හතරක් මැද උපන්දා සිට අසනීප තත්වයෙන් සිටින පුංචි විවේක්ගේ කඳුලු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,930 Views
දරුවා ඉපදී මාස තුනක් යනවාත් සමග අසනීප තත්වයෙන් පෙලෙන බව දැනගෙන...

ඇවිදීම කතාකිරිම හා කන් ඇසිම සියල්ල නැතිවීගිහින්...

පුත්තලම මයිලන්කුලම ගම්මානයේ ජීවත්ව සිටින රත්නසිරි ඔගස්ටින් හා ඔහුගේ බිරිඳ වන වත්සලා වරුණ කුමාරි ට දාව දරැවන් තුන්දෙනකු සිටින අතර ඉන් බාලම දරැවා විවේක් ලක්ෂාන් 2015-05-05 මෙලොව එළිය දුටුවා.

එම දරුවා ඉපදී මාස තුනක් යනවාත් සමග අසනීප තත්වයෙන් පෙලෙන බව තම දෙමාපියන් ට තේරී ඇති අතර පසුව පුත්තලම රොහට රැගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කලද එයින් නිසි ලෙස සුව නොවීම හේතුවෙන් එහි වෛද්‍යවරුන් ගේ නිර්දේශය වුයේ කොළඹ රොහලට මාරැකර යවන ලෙසයි.

මේ ආකාරයෙන් විශේෂඥ වෛද්‍යශවරුන් වෙත පෙන්වා බෙහෙත් ලබා ගත්තද එම රෝග තත්වය නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකී වීමත් සමග දරුවාගේ තත්වය එන්න එන්න බරපතල වී තිබෙනවා.

රෝහලේ දී තරමක් සුව අතට පත්වන අවස්ථාවල දරුවා රෝහලෙන් බැහැර කරන අතර මසකට 4-5 වතාවක් දරුවා අසනීප වෙන බැවින් කොළඹ රොහලට රැගෙන යාමට දෙමාපියන්ට සිදුව ඇති අතර අද දක්වාම අඛන්ඩව මෙම තත්වය ඇති වීමත් සමග දරැවාගේ පියාටද නිසි රැකියාවක් කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි පැවසෙන්නේ.

දැනට මසකට දරැවාගේ අසනීප තත්වය හේතුවෙන් ලබාදෙන බෙහෙත් සඳහා රැපියල් 12800 පමන වැයවන බවත් රොහල් වෙත ගෙන යාම වෛද්‍යවරු චැනල් කිරීම සඳහා වැයකිරිමට ඇති මුදල ඉතා වීශාල බවයි එම දෙමාපියන් පවසන්නේ.

දැනට දරුවාට ඇවිදීම කතාකිරිම හා කන් ඇසිම සියල්ල නැතිවීගොස් අවසන් වුවද දීර්ග කාලිනව ප්‍රතිකාර කිරීම තුලින් සුව අතට පත්කර ගැනීමට හැකි බව වෛද්‍යවරැන් පවසා ඇත.

කෙසේ වෙතත් කුලි රැකියාව තුලින් දරුවන් තුන්දෙනෙකු හා බිරිඳ ජීවත් කල රත්නසිරි ඔගස්ටින් මහතාට අදවන විට කිසිඳු රැකියාවකට යාමට නොහැකී වී ඇත්තේ කොයි මොහොතේ මෙම දරුවා අසනීප වෙතැයි බලා සිටිමට සිදුව ඇති බැවිනුයි.

මේ දිනවල පුත්තලමට බලපා ඇති නියන් තත්වය සමග ගොවිතැන් කිරීමට හො කුලී රැකියාවක් කිරීමට තරම්වත් නොහැකි ව අසරණව සිටින මොවුන්ට මෙවර සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීමට සිටින දියණියක් හා පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පිරිමි දරුවෙක්ද සිටින අතර එම දරුවන්ගේ අධ්‍යාපන තත්වයටද මෙම දරුවාගේ අසනීපය හේතුවෙන් යන වියදම් බලපා ඇති ආකාරය එහි ගිය අප වාර්තාකරුට දැකගන්නට ලැබී ඇත.

කටු මැටි බිත්ති හතරක් මැද කුලී රැකියාවෙන් දිවි ගෙවන මොවුන් මීට පෙර යම් තරමක හෝ නිවසක් ඉදිකිරිමට ආරම්භ කොට තිබුනද එයද එම තැනම නවතා දැමීමට සිදුව ඇත්තේ දරුවාගේ අසනීපය සුව කරගැනිම සඳහා නොගිය රොහලක් දේවාලයක් නොමැති නිසාවෙන්.

ඉතා අසීරු දිවිපෙවතක් ගත කරන මොවුන් ඉල්ලා සිටින්නේ දරුවාගේ අසනීප තත්වය සලකා යම් හෝ ආධාර මුදලක් ලබා දෙන්න කිසිවෙකු මුල් වන්නේ නම් එය තම පවුල වෙනුවෙන් කරන මහඟු සත්කාරක් බවයි.

රත්නසිරි ඔගස්ටින් - 0771913939

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  8 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  414 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,049 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,891 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  608 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,604 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,366 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,822 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,266 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,990 Downloads



Top 10 Commenters

Latest Comments

Top