Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
2011 ෆයිනල් එක ගැන අර්ජුන කිව්ව කතාවට එරෙහිව ඉන්දීයාවේ ගම්භීර් හා නේරා කට අරී - Video

- 2011 ෆයිනල් එක ගැන අර්ජුන කිව්ව කතාවට එරෙහිව ඉන්දීයාවේ ගම්භීර් හා නේරා කට අරී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,136 Views
වසර 28 කට පසුව 2011 දි ඉන්දීය පිල ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය පිලේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිය අදහස් පළ කර තිබෙනවා.

අර්ජුන රණතුංග පසුගියදා කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව ලැබූ අනපේක්ෂිත පරාජය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඔහු එම තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටි නිසා සැක කටයුතු කරුණු පිළිබඳව හෙළි කළ නොහැකි බවත්, ඔහු එහිදි කියා සිටියා.

කෙසේ වෙතත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රි ලංකා පිලේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර මාධ්‍ය හමුවේ පවසා තිබුණේ සාක්ෂි ඇත්නම් නම් එවැනි චෝදනා ඉදිරිපත් කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට බවයි.

මේ අතර 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී අගනා පිතිහරඹයක නිරත වී ලකුණු 97 ක් රැස් කළ ගෞතම් ගාම්භීර් පවසා ඇත්තේ අර්ජුණ රණතුංග ඒ පිළිබඳ එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම අර්ජුනගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පුදුම වූ බවත් ක්‍රිකට් ලෝකයේ ගෞරවය දිනූ පුද්ගලයෙකු වන ඔහුගෙන් එවැනි බරපතල ප්‍රකාශයක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත් ගම්බීර් වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඉන්දීය පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු මෙන්ම 2011 ලෝක ශූර ඉන්දීය පිලේ ක්‍රීඩකයෙකුද වන අශිෂ් නේරා සඳහන් කර ඇත්තේ අර්ජුනගේ එම ප්‍රකාශය එතරම් අවධානයක් යොමු නොකළ යුතු එකක් බවයි. ඒ ගැන අදහස් දැක්වීමෙන් එම ප්‍රකාශයට පිළිගැනීමක් ලැබෙන බවත් අශිෂ් නේරා පවසා තිබුණා. තවද 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිබඳව කවුරුන් හෝ එවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ නම් එය සාධාරණදැයි නේරා පැනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ ඉන්දීය පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිංගෙන් මාධ්‍ය මේ පිළිබඳව ඇසූ පැනයේදී ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විශේෂ අවස්ථා පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,317 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,287 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,182 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,888 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top