පෝල් වෝකර් කියන්නේ මුළු ලෝකයම ආදරය කළ කඩවසම් නළුවෙක්.fast & furious චිත්‍රපටය නිසා ලෝකයේම අවධානය ගත් නළුවෙක් කිව්වොත් හරි. ඔහු රිය අනතුරකින් 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ජිවිතක්ෂයට පත් වෙනවා. ඒ පුවත කණවැකුණු බොහෝ දෙනා කිව්වේ එය හීනයක් දැකීමක් කියලයි. නමුත් ඇත්තටම ඔහු මිය ගියා. බොහෝ හදවත්වල ලැගුම්ගත් මේ ආදරණියයා ගැන යළිත් මතක් කරන්නේ ඇගේ ආදරණිය දියණියයි.
ඇය නමින් ලෝඩ්. දැන් ඇගේ වයස අවුරුදු 18ක්. ඇය මුල්ම වතාවට පසුගියදා Instagram හි පින්තූරයක් පළ කරනවා. ඒ පෝල් සමගින් කුඩා කාලයේදී ගත් පින්තූරයක්. එම පින්තූරය යටින් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කර තිබෙනවා. "හොඳයි, ලස්සන, අලංකාරයි." කෙනෙක් එහෙම අදහස් දක්වද්දී තවත් කෙනෙක් "ඔබේ තාත්තා ඔබ ගැන ආඩම්බර වෙයි" යනුවෙනුත් සංවේදී සටහනක් යොදා තිබෙනවා.