මෙම අවස්ථාව අපුරු මඟුල් ගෙදරක් මෙන් සිදූ කෙරිලා...
ඇතා ගසින් ලිහා දැමීමට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක්...
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යට සුදනම් වන අවස්ථාවේ දී දේවාලයේ ඇත් ගාලේ ද අපුරු චාරිත්‍රයක් ඊයේ (13 ) සිදූ කෙරුණා.
අලින්ට වැළදෙන කම්බුල් තේමීම හේවත් මද කිපීමේ රෝගය සෑම අලි ඇතකුටම වසරකට වරක් සිදූවෙනවා. මේ අනුව කතරගම දේවාලයේ වාසනා හස්තියාටත් මෙම මද කිපිම වැළදූනු පසුව මාස 05 ක් වැනි කාල සිමාවක් වාසනා හස්තියා ගස් බැඳ තිබෙනවා.
පසුව කන් තෙමීමේ රෝගය අවසන් වු පසු නැවත දෙවියන්ගේ රාජකාරි කටයුතු සදහා සුභ මොහොතින් ඊයේ (13 ) බැඳ තිබු යකඩ දම් වැල් වලින් ලිහා පෝරෝද්ද කඹේ දැමීම නම් ලනුවක් දමා ඇතා බැද සිටි ගසින් ලිහා දැමීම සිදූකරනු ලැබූ බවයි වාර්තාවුණේ.
මෙම ඇතා ගසින් ලිහිමට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක් කර ඇති අතර පසුව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ විසින් ඇත් ගොව්වාන් සඳහා හේණ්ඩුව බාර දී ඇත.
පසුව සුබ මොහොතින් ඇතා මාස 05 ක් බැඳ සිටි ගසින් ලීහා දැමීම සිදූ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව කැවුම් කිරිබත් ඇතුලු රස කැවීලී වලින් හා සිසිල් බිම වලින් ඇතාට සංග්‍රහයන් ලබා දූන් බස්නායක නිළමේ හා කපු මහතුන් ඇතා බලා ගන්නා ලද ඇත් ගොව්වන් සදහා සුභ පැතිමක් ද සිදූ කර ඇත.
මෙම ඇතා ලිහිම අපුරු මඟුල් ගෙදරක් මෙන් සිදූ කෙරුණු බවත් ඇත් ගොව්වන් විසින් රස කැවිළි වලින් ද කිරිබත් පළතුරු වලින්ද පැමිණ සිටි සැමට සංග්‍රහ කිරීමට කටයුතු කල බවත් පැවසෙනවා.
කැවුම් කිරිබත් අනුභව කල කපුමහතුන් ඇතුලු පැමිණ සිටි අය ඇත් ගොව්වන්ට තැගි මුදල් ලබා දීම ද මෙහිදී සිදුවුණා. කතරගම දේවාලයේ වාසනා හස්තියා දෙවියන් පෙරහරේ වැඩම්මා ගෙන යනු ලබන හස්තියා වීම මත මේ වැනි ගරු සත්කාර සිදූකිරීම සැම වසරක දීම සිදූවන බවයි වාර්තාවන්නේ.
මෙම අවස්ථාව සඳහා කිරිවෙහෙර රජමහ විහාරයේ පුජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදූ කල ඇති අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාර ගේ පැමිණ චාරිත්‍ර ඉටු කර ඇත.