Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
ප්ලාස්ටික් කෝප්ප විසිකර පොල් කට්ට කාර්යාල මේසය උඩට ඇවිත් - Photos

- ප්ලාස්ටික් කෝප්ප විසිකර පොල් කට්ට කාර්යාල මේසය උඩට ඇවිත් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,930 Views
ප්ලාස්ටික් කෝප්ප වෙනුවට විපක්ප විසදුමක්...

අද වන විට කුණු ප්‍රශ්ණය රටට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා...

පොලිතින් භාවිතය අවම කිරීමට හා තහනම් කිරීමට ගත් තීරණයත් සමඟින් ම ප්ලාස්ටික් කෝප්ප භාවිතය ද ඉවත් කර අපුරු පොල්කටු කෝප්ප  උදෑසන තේ  සදහා යොදාගත් රාජ්‍ය ආයතනයක් පිළිබඳව ඉමදුවෙන් වාර්තා වනවා.

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සාමාන්‍යයෙන්  උදෑසන තේ පාලන සදහා යොදා ගන්නා ප්ලාස්ටික් කෝප්ප අළුතින් ගෙන ඒම නවතා ඒ වෙනුවෙට 13 දින සිට පොල්කටු කෝප්ප භාවිති කිරීම ආරම්භ කර තිබෙනවා.

අදාල පොල්කටු කොප්පය අපුරු ලෙස නිර්මාණය කර තිබු අතර එහි සේවකයින් පැවසුවේ මින් පසු තම කාර්යාලය වෙත ප්ලාස්ටික් කෝප්ප හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙන නොඑන බවත් ඒ වෙනුවට මේ ආකාරයේ විපක්ප විසදුම්වලට යන බවයි.

ඡායාරූපවලින් දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරීන් පොල්කටු කෝප්ප වලින් උදෑසන තේ පානය සිදුකර ආකරයයි.

වර්තමානය වන විට විද්‍යු ත් උපකරණ භාවිතය සීඝ්‍රයෙන් වැඩි වී ඇත. විද්‍යුත් උපකරණ නොමැතිව තම ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි පමණට මිනිසුන් හැඩ ගැසී ඇත. මිනිසා තම අවශ්‍යතාවයට මෙන්ම අවශ්‍ය නොවුනත් විවිධ වූ උපකරණ තම භාවිතයට ගන්නා අයුරු දක්නට ලැබේ. මෙසේ සීමාවකින් තොරව භාවිතයට ගන්නා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පසුව පරිසරයට මුදා හරී. විද්‍යු ත් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාම නිසා පරිසරයට එය දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. මේ හේතු ව නිසා ලෝකයේ  හය දෙනෙකුගෙන් එක් අයෙක් පිළිකා රෝගියට ගොදුරු වී ඇති  බව  ලෝක සෞඛ්‍ය  සංවිධාන 2016 වාර්තාව පෙන්වා දෙනවා.

එක් CFL බල්බයකින් පිරිසිදු ජලය ලීටර් 20000 ක් එකවර වස බවට පත්කළ හැකි බවත්, ගෝලීය උෂ්නත්වය තවත් සෙල්සිස් අංශක 2 කින් ඉහළ ගියහොත් ලෝකයේ සියළුම ජීවින්ගේ බෝ වීමට හා සියලු වගාබිම් විනාශ වි යන බව , වැඩුණු පුද්ගලයෙකු ප්‍රාශ්වාස කරන කාබන්ඩයොක්සයිට් වාතය පමණක්  උරා ගැනීමට හොඳින් වැඩුණු ගස් 96 ක් අවශ්‍ය  බව ලෝකයේ ජනනය වන ඉලෙක්ටොනික අපද්‍රව්‍ය වලින් 80 % ක් 85 % ක ප්‍රමාණයක් කසල බඳුන්වල තැන්පත් කිරීම හෝ  දහනය කිරීම සිදු කරන බව, ජංගම දුරකථන මිලියනයක් ප්‍රතිචක්තීකරණය තුලින් කොපර් (තඹ) රාත්තල් 35274 ක් රිදී රාත්තල් 772 ක් , රත්තරන් රාත්තල් 75 ක් ප්ලැටිනම් රාත්තල් 33 ක් ලබාගත හැකි බව, ඔබ භාවිතා කරන ජංගම දුරකථන බැටරි  පරිසර ගතවීම තුලින් ජල මූලාශ්‍ර සිඳී යන බව දැනට සොයා ගෙන ඇති සත්‍යන්.

මෙම කාර්යන් ලෝක මට්ටමෙන් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණයක් වෙලා.

වසරකට අපද්‍රව්‍ය ටොන් බිලියන 2.5 ක් සාගරවලට පමණක් එකතු වේ. මේ නිසා විවිධ වූ උපද්‍රව්‍ය වලට මිනිසාට මුහුණදීමට සිදුවී ඇත. ගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයන් ඉහළ යමින් පවතී. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට සෘජුවම මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන කාබන්ඩයොක්සයිට් බලපායි.
මෙම වියසනය කළමනාකරණය කර ගැනීම සදහා ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලය මේ වල විට අපුරු ව්‍යාපෘතියක් දියත් කර ඇත.

මෙහි දී ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඉවත් කරන ආයතන දැනුවත් කර ඔවුන්ගෙන් පරිසරයට එකතු කරන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය භාජන ලබා දී එකතු කරනු ලබනවා.

ඉමදුව ප්‍ර දේශිය ලේකම් කොට්ඨාසය වර්ග කි.මී. 60 ක පමණ වපසරියකින් යුතු ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පරිපාලන ඒකකයකි. ග්‍රාම නිලධාරී වසම් 43 ක 50000 කට ආසන්න ජන සංඛ්‍යාවකගේ ජන ජීවිතය නංවාලීමට කටයුතු කරයි. මතුපරපුර සඳහා පිවිතුරු පිරිසරයක් උරුමකරදීම හා සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් කොට්ඨාසය තුලින් රටට දායාද කිරීම අරමුණු ඇතිව ඔවුන් මෙම විද්‍යුත් අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා පොලිතීන් වලින් පරිසරයට හා මානව සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, භාවිතයෙන් පසු  අපද්‍රව්‍ය  නිවරදි ආකාරයට  පරිසර ගතකිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා එකතු කර ප්‍රතිචක්තීරණයට යොමු කිරීම මෙම වැඩසටහන තුලින් බලාපොරොත්තු වන බව ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඇය මෙසේ ද පැවසුවා,

"අද වන විට කුණු ප්‍රශ්ණය රටට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. තව කාලයක් යන විට මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රශ්නය ඊට වඩා එහා ගිය ප්‍රශ්නයක් වේවි. ඒ සදහා පිලියමක් ලෙස තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මෙහි දී අපි දීර්ඝකාලීන ලෙස පරිසරයට හානි වන විද්‍යුන් අපද්‍රව්‍ය ප්ලාස්ටික් හා පොලිතීන් පරිසරයට බැහැර නොකර නිවරැදි කළමණාකරණයක් තුලින් ප්‍රතිචක්තීකරණට යොමු කිරීම හා විද්‍යුත් අපද්‍රව්‍ය වල ඇති පරිසරයට මානව සෞඛ්‍ය කෙරෙහි වන හානිය පිළිබඳ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම කිරීම සිදු කර පරිසර හානියෙන් තොර විද්‍යුත් උපකරණ භාවිතයට කොට්ඨාසයේ ජනතාව යොමු කිරීම මේ වන විට සිදු කර තිබෙනවා මෙහි දී මුලින්ම මේ සම්බන්ධයෙන් කාර්යාල  නිලධාරීන් දැනුවත් කරා. පසුව කොට්ටාසයේ රාජ්‍ය  ආයතන ප්‍ර ධානීන් හා නිලධාරීන් දැනුවත් කිරීම කරා. ඒ සමඟම පාසල් ළමුන්, ස්වේච්ඡා සමිති, දැනුවත් කරේ. ඊට පසුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාර්යාලයේ නිලධාරීන් මගින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සිදුකරා. පසුව තමයි පරිසර සංගම් හා බද්ධ වෙමින් නාගරික ප්‍රදේශයයන්හි වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීම හා මෙම අපද්‍රව්‍යවලින් පරිසරයට හා මානව සෞඛ්‍යයට වන බලපෑම සම්බන්ධව දැනවත් කිරීමේ පුවරු ප්‍රර්ශනය කිරීම සිදු කලේ."

"අද වන විට මේ සදහා හොද ප්‍රතිචාර තියෙනවා. දකුණු පළාත් ධීවර අමාත්‍යංශය හා එක්ව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බදුන් වෙලඳ ප්‍රජාවට ලබා දුන්නා. ඒවා පිරුණු පසු අපේ නිළධාරීන් එවා ඔවුන් ලඟටම ගිහින් එකතු කරනවා."

මීට වසරකට පමණ පෙර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ආරම්භ කර වැඩසටහන අද වන විට ප්‍රතිඵල ලැබෙන තත්වයක පවතී. යම් දෙයකට ජනතාව හුරු කිරීම අපහසු දෙයක් වුව ද හුරු කර පසු එය කර ගෙන යාම අපහසු නොවෙයි. මෙය අද වන විට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය. කළමනාකරණය තුලින් මනාවට පිළිඹිඹු වනවා.

අද ඉතා සාර්ථකව ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුල පවත්වාගෙන යන මෙම වැඩ සටහන ඉතා ඉක්මනින් මුළු රටපුරාම ක්‍රියාත්මක වේ නම් ඉදිරියේ දී ඇති විය හැකි විශාල උපද්‍රවයකින් මේ රට ගැලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,324 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,296 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,378 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,344 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,568 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,186 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,093 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,890 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,160 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top