මිනිසුන් වෙලා ඉපදුණු අපි හැමෝම හීන දකිනවා. සමහර හීන හරි මිහිරියි. අරමුණු ඔස්සේ ගියොත් ඒ හීන සැබෑවක් කරගන්න පුළුවන්. තවත් සමහරක් හීන සැබෑ කරගන්න බැහැ. අපි කවුරුත් මේ හීන තුළ අතරමං වෙලා ඇති. මේ කියන්න යන්නේ ඒ වගේ ජීවිතය දකින්න වෙහෙස ගන්න අපුරූ තරුණයෙක් ගැනයි. ඔහු ලෝකයටම සතුට බෙදන්නෙක් කිව්වොත් හරි. ඔහු ලංකාවේ උපන් කෙනෙක් නම් නෙමෙයි. ඉන්දියාවේ. ඔහු නමින් සායි කාස්ටුව් (Sai Kaustuv Dasgupta). වයස අවුරුදු 26යි. ජිවත් වෙන්නේ හිතේ හයියෙන් කිව්වොත් වරදක් නැහැ.
ඒ නිසා ඔහුගේ කතාව හිරුගොසිප් පරිවර්තනය කර මෙසේ සටහන් තබන්න හිතුවේ අත් මෙන්ම දෙපා ඇති බොහෝ දෙනා ජීවිතය ඉදිරියට ගෙනයන්න හිතේ හයිය නැතිව ජිවිතයෙන් වන්දි ගෙවන පුවත් නිරන්තරයෙන් අසන්න දකින්න ලැබෙන නිසයි.
ලෝකයේ හොදම motivational speaker දහදෙනා අතර සිටින Eric Thomas,Les Brow,Tony Robbins ,Zig Ziglar අය ගොන්නට දෙඅත් දෙපා අහිමි ලෝකයම කටහඩින් ආකර්ෂණය කරගත් Nick Vujicic එකතු වෙන්නෙත් හිතේ හයියෙන්. ඉන්දියාවේ ජිවත් වෙන සායි දැන් ඔවුන් අතරට එක්වෙමින් ඉන්නවා.
"අවුරුදු ගණනාවක් පුරා මම මගේ ආබාධය මගේ ශ්‍රේෂ්ඨතම තෑග්ග බවට පත් කළා. මගේ ආබාධය මගේ සුපිරි හැකියාව පමණක් නෙමෙයි සැබවින්ම මාව විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් කරනවා. අද මම motivational speaker කෙනෙක්.ප්‍රීතිමත් පුහුණුකරුවෙක්. මගේ උත්සාහය ජනතාවගේ හදවත සතුටින් පිනවන්නයි.ඔවුන්ගේ මුවගට සිනහවක් එක් කරන්නයි "
සායි කාස්ටුව්ගේ සැබෑ වචන ප්‍රකාශයයි ඒ.ඔහු ලෝකයම දිනන්න වෙහෙස ගන්නවා. දැන් වයස අවුරුදු 26ක් වුණත් ඔහුව මුලින්ම ශල්‍යකර්මයකට යොමු කරද්දී ඔහුට වයස අවුරුදු තුනහාමාරයි.ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) නමැති අස්ථි රෝගය හේතුවෙන් ඔහු එක් තැන් වූ බවයි වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන්නේ.
"මට මතකයි මම පන්තියේ පළමු තැන හිමි කරගත් මොහොතේ මගේ යාළුවෙකු මට සුබ පැතූ විදිහ.මම නර්තනයට ආසයි. ඒත් මම නර්තනයට ඉතා දුර්වලයි කියලයි කිව්වේ. ඒ නිසා මම ගායන අංශයට යොමු වුණා.සමහර අවස්ථාවලදී සම්මාන ගත්තා.මගේ මුල්ම ගුරුවරයා වුණේ මගේ ආදරණිය අම්මා. ඇය තමයි මට එදා ඉදලම ලොකුම ශක්තිය වුණේ. පුංචි කාලේ දවස ගෙවුණා. එකපාරටම මගේ දකුණු කණ ඇහෙන්නේ නැතිව ගියා.ශ්‍රවණාබාධ කට්ටලයක ආධාරයෙන් තමයි ඇසීම ලබා ගත්තේ.2002 අවුරුද්දේ මගේ කකුල් දෙකම කැඩුනා.ඒකට එක හේතුවක් රෝගය. අනිත් හේතුව රෝගය සුව කරන්න කළ ශල්‍යකර්මය වැරදි යෑම. වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා ඇති වුණු තත්ත්වයක් කියලත් කිව්වා. කොහොම නමුත් අන්තිමට මට දුවපනලා හිටපු කකුල් දෙක අහිම් වුණා. එතැන් සිට මම රෝද පුටුවක ආධාරය ලබා ගත්තා.2009 අවුරුද්ද වෙද්දී මගේ මුළු ශරීරයම රෝගී තත්ත්වය නිසා පිරිහී ගියා.බිඳී ගිය සෑම ඇටකටුවක්ම මාව දැඩි කලකිරීමට ලක් කළා. සන්ධි ගැටළුව ආරම්භ වූ පසුව මගේ උරහිස් කෙලින් කරගන්න බැරි වුණා. අවුරුදු හයක් මගේ කුඩා ඇඳට මම සීමා වුණා"
ඒ වචන ටික පරිඝනකය තිරයේ ඔහු ලියන්නේ දුක්බරව නෙමෙයි. ජීවිතය දිනු තරුණයකුගේ පසුවදනක ස්වරයෙනුයි.
ඔහුගේ පවුලේ අය ජීවත් වෙන්නේ එක් නිදන කාමරයක. ඒ නිසා ඔහු හැමදාම එකම දේ දැක්කේ. එකම බිත්ති, වර්ණ, විදුලි පහන්, මිනිසුන්. ඒ නිසා ඔහු ගැඹුරු මානසික අවපීඩනයෙන් බැහැර වෙන්න පරිගණක භාවිතා කළා. පරිඝණකය ආධාරයෙන් ග්‍රැෆික් නිර්මාණකරණයට යොමු වුණා.අඩපණව ඇති ශරීරය ඔහුව එක්තැන් කරද්දී ඇදක හාන්සි වී එක අතක ඇඟිලි දෙකක් ආධාරයෙන් පමණක් පරිඝනකයෙන් වැඩ කරන්න සායි උත්සහාවන්ත වුණා.
"2015 දී මට විදුලි ඇඳක් හා රෝද පුටුවක් ලැබුණා. අවුරුදු ගණනක් පුරාවට සොබාදහම රස වින්ඳේ නැති මට අවුරුදු 6 ක් තුළ පළමු වතාවට සොබාදහම දැකගන්න හැකියාව ලැබුණා. මට කිසිම දෙයක් කරන්න බැහැ කිසිවකුගේ සහයක් නැතිව. මගේ දෙමාපියන් තමයි මට උදව් කරන්නේ.. හුගක් අය දකින්නේ මම දුකින් කියලා.කවුරු හරි කෙනෙක් මගෙන් ප්‍රශ්න කළොත් ශක්තිවන්තව උත්තර දෙන්න මට පුළුවන්. ඒ විශ්වාසය මා සතුයි.මම සෑම දිනකම ධනාත්මකව ශුභවාදීව සහ සුහදශීලී හැඟීම් සමග ජිවත් වෙන්නේ.රට පුරා මා ලද අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා විවිධ බලධාරීන් සමග කටයුතු කිරීමට මට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මම මගේ අත්දැකීමෙන් ලෝකයම හිනස්සන්න සතුටින් තියන්න වෙහෙස ගන්නවා. ශරීරය වාරු නැතත් ඒ ශක්තිය මා සතුයි..."
ඒ ඔහුගේ වචනයි. දකුණු ඉන්දියාවේ දිනපතා ජාතික පුවත්පතක ඔහුගේ වටිනාකම හා ඔහුගේ උත්සහය පිළිබදවද පසුගියදාක ලිපියක් පළ වුණා. ඔහුගේ ධනාත්මක චින්තනය මුළු ඉන්දියාවම ප්‍රියකරන්නෙක් බවට පත් වෙලා.සායි ඔබට සුබ අනාගතයක්..!!!