Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
14
" කර උස්සලා බැලුවාම තමයි මගෙත් ඇඟේ මවිල් කෙලින් වෙලා තිබුණේ.." - Photos

- " කර උස්සලා බැලුවාම තමයි මගෙත් ඇඟේ මවිල් කෙලින් වෙලා තිබුණේ.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59 Views
"මගේ වම් උරහිස විතරක් වැදිලා මාව විසි වෙලා.."

"ඒකට මම ඇබ්බැහි වෙලා..."

"අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ.."

පුංචි තිරයේ ඉන්න කඩවසම් නළුවෙක් විදිහට ධනංජය සිරිවර්ධනව හදුන්වා දෙන්න පුළුවන්. ධනංජයව නිරන්තරයෙන්ම දකින්න ලැබුණේ පුංචි තිරයෙන් පමණයි. ඒත් ඔහුගේ රංගන පරාසය දැන් සිනමාවෙනුත් දකින්න ලැබෙනවා.ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක් මේ.

ඔබත් දැන් සිංහල සිනමාවට තවත් රජෙක් මැවූ නළුවෙක්. ඔබ කලක් තිස්සේ කල්මැරුවේ මේ විදියේ රජදැක්මකින් සිනමාවටත් පිවිසෙන්නද?
එහෙමම කියන්න බැහැ. ඒත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙනවා නම් ඒ චරිතය මට විශේෂ වෙන්න ඕනය කියලා හැඟීමක් නම් තිබුණේ නැහැ. සිනමාව මා සොයා එනතරු මා ඉවසා මඟබලන් සිටියා. මං රංගනයට පිවිසි කාලේ උස් පහත් වෙමින් තිබුණු සමහර රැලිවලට අවනත නළුවෙක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. එහෙම ඉඳිද්දියි මට අලි කතාවක් වෙච්ච අලි කතාව චිත්‍රපටයේ රජ්ජුරුවන්ගේ චරිතයට ආරාධනාවක් ලැබුණේ.

ඒ වනවිටත් මං ටෙලි නාට්‍ය 150 කට වඩා ප්‍රමාණයකට රංගනයට දායක වී සිටියා. ඉතින් මා සිනමාවෙන් ලැබිච්ච ඒ ආරාධනාව සතුටින් බාර ගත්තා. ඒ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිය සිනමාවේ සද්දන්තයන් හුඟ දෙනෙක් මා කලක පටන් හොඳින් දැන සිටි අය. මහාචාර්ය සුනිල් ආරියරත්න මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ගුරුවරයෙක්. සිංහල සිනමාවේ ජනප්‍රියම මහාචාර්යවරයා ඔහුයි. ඒ හැරෙන්නට චන්න දේශප්‍රිය, මනෝහාරී හේවාවසම් ආදීන් සමඟ වැඩ කිරීම මට අලුත් දෙයක් වුණේ නැහැ. ඒ වනවිටත් ක්ෂේත්‍රයේ ඔවුන් සමඟ වැඩ කළ අත්දැකීම් බොහොමයක් මට තිබුණා. සිනමාවේ මගේ රජ චරිතය සම්බන්ධයෙන් නම් මං කියන්නේ දැනට සිංහල සිනමාවේ අන්තිමට රජවෙච්ච රජ්ජුරුවෝ මං කියලා.

ඒත් සිනමාවෙන් ඔබට ලැබුණු මුල්ම ආරාධනාව අලි කතාව නෙවෙයි නේද? ඔබ ලැබිච්ච අවස්ථා නැතිකර ගත්තේම නැතිද?
ඇත්ත. මං ඒ වගේ අවස්ථා ගණනාවක් නැතිකර ගත්ත කෙනෙක්. ඒත් ඒ පිළිබඳ කිසිම කනස්සල්ලක් මට නැහැ.

හැබැයි ඇඹිටිල්ලං කාලේ ඉඳන් ඔබ කැමරාව ඉදිරියේ උන්නා කියලයි අහන්න ලැබෙන්නේ?
ඒක මං පුංචිම කාලේ දෙයක්. මට දැන් හරිහමන් මතකයක් ඒ ගැන නැහැ. මගේ පියා තමයි මියුසික් වීඩියෝ ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒ කලේ හද බැඳි ගී වැඩසටහනට, නදීකාට මතක නැද්ද, ගීයටයි මං මුහුදු වෙරළේ රංගනයක යෙදිලා තියෙන්නේ.

නමුත් නේත්‍රාංජලී අමතක නැතුව ඇති?
මගේ පියාමයි ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. ඒ මගේ මුල්ම රංගනය. ඒ වෙද්දී මං උසස් පෙළ හදාරමින් සිටියේ. ඒ තමයි මාව රංගනය සොයා යන්නට පෙලඹ වූ අවස්ථාව.

ඉතින් කොහේටද ඒ පෙලඹවීම ගියේ?
මා තුළ සිටි නළුවා සොයාගත් තැනට. රඟපෑම ඉගෙන ගන්නට ගිය මට අන්තිමේදී වඩාත් වටිනා චරිත සහතිකයක් දුන්නු අනෝජා විරසිංහම කීවේ ‘ධනංජය මං ළඟට ආවේ රඟපාන්න ඉගෙන ගන්න. ඔහු ඒ හැරෙන්න රඟ නොපා ඉන්න ඕනෑ කොතැනදි ද කියලාත් ඉගෙන ගෙනයි පිට වුණේ’ කියලා.

 ඔබ නිතරම පොත් කියනවා නේද?
ඒක මගේ ඇබ්බැහිකමක්. සමහරු ඒ පුරුද්ද මගෙන් ප්‍රශ්න කරලත් තියෙනවා මොනවද ඒකෙන් ලැබුණේ කියලා. ඒත් මට මගේ පොත් කියවීමෙන් ලැබෙන්නේ අමිල ජීවිත දැනුමක්. මං මේ මොහොතේ කියවන ඒවෑ ප්‍රතිඵල මට අනාගතයේදීයි නෙළා ගන්න ලැබෙන්නේ. නිවේදකයකු විදියට මට පොත් කියවීමේ ප්‍රතිලාභ එමටයි.

රගපාන්න ආ මුලදී ඔබත් හරි කලබලයිලුනේ. විශේෂයෙන් ‘මේ පාරෙන් එන්න’ කරන කාලේ එහෙම?
ඉතින් එහෙම නොවී තිබුණා නම් තමයි මං පුදුම වෙන්න ඕනෑ. ඒ මගේ අත්දැකීම් අඩු කාලෙනේ. ඒ සමයේ හඳගම වගේ අධ්‍යක්ෂවරයෙක් ඉදිරියේ රඟපාන්න ලැබීමම මට ලැබිච්ච ලොකු වරමක්. ඉතින් මං නොසෑහෙන්න වෙහෙසුණා. හඳගම දුවන්න කිවුවොත් මං ඉවක් බවක් නැතිව දිව්වා. මෙලෝ සිහියක් නැතිව දැඟලුවේ හොඳට රඟපාන්න ඕනය කියලා හිතාගෙන.

හඳගම දුවන්න කිව්වොත් දිව්වා කියලා මං කීවානේ. ඒ සමහර වෙලාවල්වල දුවන්න කියන පැත්තෙන් නෙවෙයි මං දුවලා තියෙන්නේ. දුවලා දුවලා ඇවිත් හති වැටිලා නැවතුණාමයි මට කට්ටිය කියන්නේ ඇයි ඒ පැත්තේ දිව්වේ එහේ තවම බිම් බෝම්බ අයින් කරලාවත් නැති ඩේන්ජර් පැත්තනේ කියලා. එතකොට කර උස්සලා බැලුවාම තමයි මගෙත් ඇඟේ මවිල් කෙලින් වෙන්නේ.

 රංගන ජීවිතේ මුහුණ දුන්න මාරක ඇත්දැකීම් එච්චරමද?
අපෝ නෑ. එහෙම ඒවට මුහුණ දුන්න නළුවන්ගෙන් වයස අඩුම කෙනෙක් වෙන්න ඇති මං. වාතවක් රේල් පාර දිගේ ඇවිදින් යන සීන් එකක් මට කරන්න තිබුණේ. ඒ ‘ආදරණිය සුලෝචනා’ ටෙලිය රූගත කරද්දී වැලිගමදී. මං රේල් පාර දිගේ ඇවිදගෙන ගියේම චරිතය ගැන හිත හිතාමයි. මට රේල්ලුවේ නළා සද්දේ කන්දෙක ළඟම ගෝරනාඩු කරන සද්දේ මතකයි. එතැනින් පස්සේ මොකද වුණේ කියලා නිච්චි නැහැ.
මං පස්සෙයි දන්නේ කෝච්චිවල හැප්පුණාම එහෙමලු. වාසනාවට මගේ වම් උරිස්ස විතරක් වැදිලා මාව විසි වෙලා. ඉන් පස්සේ මට හුඟ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නත් සිද්ධ වුණා.

 කොහොමද විවාහ ජීවිතේ?
ඇයයි මමයි එක වගේ නෙවෙයි. අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ. අන්න ඒ නොගැළපීමම තමයි අපේ ගැළපිම. මං කියන්නේ ජෝඩුවක් එහෙම වෙන්න ඕන. එක වගේ අදහස් සිතුම් පැතුම් අපේක්ෂා තියෙන දෙන්නෙක් නෙවෙයි ගැළපෙන්නේ. ඒවා විවිධාකාර වෙන්න ඕන. ඒ අතරේ එක්කෙනාට එක්කෙනා වෙනස් කියලා දෙන්නාට දෙන්නා වටහා ගන්නවා නම් ඒකම හොඳටම ඇති.

බිරියයි මමයි එහෙමයි. අද ඊයේ නෙවෙයි. අවුරුදු 15 ක ඉඳන් මං ඇයව අඳුනන්නේ. ඒ කාලේ ඉඳන් අපි දෙන්නා දෙවිදිහක්. ඒ නිසා අපි දෙන්නා අදටත් එකට සතුටින් ඉන්නවා. ඇය දක්ෂ ගායනයට. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න මං ඇයට හැම සහායක්ම දෙනවා. ඇයගෙන් ළඟදී අලුත් නිර්මාණ කිහිපයක්ම බිහි වෙයි.

 එහෙමනම් ඔබත් අධ්‍යක්ෂණය කරමින් රඟපානවා දකින්න ලැබෙයි නේද?
නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න තරම් මං මුහුකුරා ගිහින් නෑ. එහෙම දවසක් ආවොතින් ධනංජය සිරිවර්ධන කියන අධ්‍යක්ෂවරයා විතරක් ඉඳියි. ඔහු කැමරාව ඉදිරියේ පේන්න නොසිටියි. අධ්‍යක්ෂණ කාර්යය වෙනම වැඩක්. ඒ වැඩ දෙකම එකපාර කරන්න ගියොත් එකක් ගිලිහෙනවා.

 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top