Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
උමාඔයට ජීවිතය බිලිදුන් එකම පවුලේ තිදෙනාගේ දුක්බර කතාව - Video

- උමාඔයට ජීවිතය බිලිදුන් එකම පවුලේ තිදෙනාගේ දුක්බර කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,213 Views
අවු 2 මාරක පුංචි දියණිය ගල් තලාවේ සෙල්ලම් කරමින් ඉඳලා..

මිත්තනියද පෙරළී ගොස් දියට වැටිලා...

උමාඔයේ ගිලීමෙන් එකම පවුලේ තිදෙනෙකු පසුගිය (12) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස මියගොස් තිබුණේ 81 වැනි වියේ පසුවූ මිත්තනිය, 32 හැවිරිරදි වියේ පසු වූ මව සහ ඇගේ අවුරුදු 2 හමාරක් වයසැති කුඩා දරුවායි.

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ එකම පවුලේ තිදෙනා පිළිබලඳව නොදත් කරුණු කිහිපයක් ජාතික පුවත් පතක සටහන් වී තිබුණා. එම සටහන පහතින්.

උෟවපරණගම මොරගොල්ල වතුයාය පිහිටා ඇත්තේ වැලිමඩ නගරය අබියස වුවද එය උමා ඔයෙන් එගොඩ පිහිටි නිසා උෟවපරණගම පොලිස් බල ප්‍රදේශයට අයත්ව පවතී.

මොරගොල්ල වතුයායේ පදිංචි කරුපයියා ලෙක්චම් 81 හැවිරිදි වතු කම්කරු කාන්තාවක් වූ අතර ඇය සේවාවෙන් විශ්‍රාම ලබා තම පුතු සමඟ එම වතුයායේ නිවාසයේ සිටියාය.

ඇගේ දියණියගේ සැමියා වූ මුරුගන් ත්‍යාගරාජා 40 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු විවාහපත්ව සිටියේ 32 හැවිරිදි කරුපයියා පුෂ්පවදී සමඟය. ඔවුන් දෙදෙනාට ත්‍යාගරජා ලෙනිනා නම් අවුරුදු දෙකහමාරක දියණියක්ද සිටියාය.

පසුගිය 12 දින මෙම ප්‍රදේශයට ඉර උදා වුවත් එය නොපෙනෙන තරමටම අහස වැසි බරව තිබුණේ මූසල පෙනුමක් ප්‍රදේශය පුරා පතුරුවා හරිමිනි.

එදින ත්‍යාගරාජාට පුරුදු රැකියාව වූ කුලී වැඩක් සොයා යෑමට හෝ ඔහුට සිත් නොදුන්නේ අහසේ වැසිබරතාව නිසාමය.

"ගියත් අද වරුවයි වැඩ කරන්න වෙන්නේ" ගෙදර ඉන්නවා ඊට වැඩිය හොඳයි." ඔහු එසේ සිතන්නට ඇත.

ඔවුන් පදිංචි මොරගොල්ලවත්ත වතු නිවාසවලට මේ කියන දිනවල විශාල ලෙස ජල හිඟයක්ද පැවැතිණි. ඒ නිසා සතියක් පුරා එකතු වූ කුඩා දියණියගේ හා මහලු මවගේ කිලිටි වූ ඇඳුම් තොගයක්ම නිවෙසේ තිබිණි. අහසේ වැසිබර ගතියද නොතකමින් පුෂ්පවදී ඒවා සෝදාගෙන ඒමට දැනට ඇති එකම විසඳුම වූ මොරගොල්ල වතුයාය පාමුල ඇති උමා ඔයේ වටවල අසල ගල්පොත්ත තොටුපළට යෑමට සූදානම් වූවාය.

වැලිමඩ මැදි විදුහලේ ශිෂ්‍ය නේවාසිකාගාරවල ශිෂ්‍ය ශිෂ්‍යවන් දිය නෑම හා ඇඳුම් සේදීම කරනු ලබන්නේද මෙම ගල්පොත්ත නාන තොටුපළෙනි. කාලයකින් මෙම ප්‍රදේශයට සැලකිය යුතු වර්ෂාවක්ද නොලද බැවින් උමා ඔයේ ජල මට්ටම බෙහෙවින් අඩුව තිබිණි.

පුෂ්පවදී නිවෙසේ සියලු කිලිටි රෙදි එක්කර පොට්ටනියකට බැන්දාය.

එය එසවීමට බැරි තරම් බර වැඩිය. දැන් මේවා සෝදා නැවත රැගෙන එන විට තවත් බර වැඩිවන බවද ඇය දන්නේය.

දැන් ඇය කල්පනාවකට වැටුණේ තම මව සමඟ කුඩා ලෙනීනා දියණිය නිවෙසේ සිටියදී තනිවම මෙම කිලිටි රෙදි පොදිය සෝදාගෙන එනවාද නැතිනම් ඔවුන් දෙදෙනාවත් කැටුව යනවාද යන්න ගැනයි.

ඒ සමඟම ඇයට ඔවුන් දෙදෙනාත් කැටුව ගියහොත් කිලිටි රෙදි සේදීමට හා ඒවා රැගෙන ඒමට තම මවගෙන්ද සුළු හෝ සහායක් ලබා ගත හැකිවේයැයිද නොසිතුණා නොවේ.

අවසානයේ එදින උදේ 8.30 පමණ වන විට කුඩා ලෙනීනා දියණිය වඩාගත් ඇගේ මව පෙරටු කරගෙන කිලිටි රෙදි පොදිය හිස තබා ගත් ඇය මොරගොල්ල වතු නිවාසයේ සිට පල්ලම් බැස උමා ඔයේ ගල්පොත්ත නාන තොටුපළට එන්නට වූවාය.

තම මව වයස්ගත වූ නිසාත් ඇයට කුඩා දියණිය වඩාගෙන ඒම අපහසු වූ නිසාත් ඔවුන් තිදෙනා ගල්පොත්ත නාන තොටුපොළට එන විට උදේ 9.00 පසුව තිබිණි.

එදින වැසිබර නිසා ගල්පොත්ත නාන තොටුපළට කිසිවකු හෝ පැමිණ නොතිබූ නිසා ඇය විගසින් ගෙන ආ කිලිටි රෙදි සෝදන්නට වූවාය. මවද පුෂ්පවදී සෝදන ලද රෙදි අසල වූ ගල් තලාවේ අතුරන්නට වූවාය.

එම ඇසිල්ලේ ලද නිදහසින් ඇගේ දියණි ලෙනීනාද ගල් තලාවේ ඔබ මොබ දිවයන්නට වූවාය.

පුෂ්පවදීත් මවත් එම කාරිය වෙත තම අවධානය යොමු කර සිටියා විනා පුංචි දියණිය ලෙනීනා පිළිබදව අමතක වූවා සේය.

ගතවූයේ නිමේෂයකි. ලෙනීනා පුංචි දියණිය ගල් තලාවේ ඔබ මොබ දුව යන විට පය පැකිලී දියඹට වැටිණි.

එය දුටු දැරියගේ මව ඇය බේරා ගැනීමට ඉවුරට යන්නත් මත්තෙන් සිතේ වූ කලබලයටත් වයස්ගත වූ නිසාත් ආච්චි අම්මාත් පෙරළී ගොස් දියට වැටුණේය.

කිසිවක් කර කියා ගත නොහැකි වූ පුෂ්පවදී යටිගිරියෙන්ම මර හඬ නැඟුවද එම හඬ ඇසෙන්නට නොදී පවතින රළු සුළං හඬ එය වළකාලීය. කරන්නට දෙයක් නොමැති වූ ඇය මව හා දියණිය බේරා ගැනීමට දියට පැන්නේ තවත් මොහොතක් ගත නොකරමිනි.

කුලී වැඩකටවත් නොගොස් වතු නිවාසයට වී සිටි ත්‍යාගරාජා සිය පවුලේ අය මුහුණු දුන් ඛේදවාචකය විස්තර කළේ මෙසේය.

"රෙදි සේදීමට ගිය තිදෙනා යළි නිවෙසට ඒමට හොඳටම වේලා ඇති නිසා මම දහවල් 12.00 වන තුරුත් බලා සිටියා. ඒත් ඔවුන් නැති නිසා අසල වතු නිවෙසක ඥාති දියණියක් වූ සරස්වතී නංගීව උමා ඔයේ ගල් පොත්ත තොටුපළට පිටත් කළා.

ඇය ගොස් ටික වේලාවකට පසු උමා ඔය දෙසින් මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් හඬක් ඇසුණා.

මමත් ඉක්මනට පහළට බැහැගෙන ඇවිල්ලා කෑ ගැහුවේ ඇයි කියලා හොයා බැලුවා.

එතකොට සරස්වතී නංගී පහළ ඉඳන් "රාජා අයියා අම්මයි අක්කයි දුවයි තුන් දෙනාම වතුරේ ගිලිලා. ඉක්මනට එන්න කියලා" කෑගහලා කිව්වා.
මම විගහට ගල්පොත්ත නාන තොටුපළට යනකොට අහල පහළ අය එතන පිරිලා හිටියා.

දෙයියනේ, මගේ බිරියයි, දුවයි, නැන්දම්මායි වටවලේ පාවෙමින් හිටියා. අපට හරියට වතුර වත්තේ තිබුණා නම් ඔය උමා ඔයට රෙදි සෝදන්න යන්නෙ නෑ. ඒ නිසා මේ අපරාධය සිදුවුණේ. ඒ විතරක් නොවෙයි අපිට හරි හැටියකට වැසිකිළියත්වත් මේ වත්තේ නෑ."

මෙහිදී සරස්වති මෙගලි (24) කියා සිටියේ,

"අපේ වතු නිවාසයේ අල්ලපු ගෙදර සිටින රාජා අයියා මට දහවල් 12.00ට විතර කීවා නැන්දයි, බිරියයි, දුවයි උමා ඔයේ රෙදි සෝදන්න ගියා තවම ආවේ නැහැ කියලා.

ඉතින් මට කිව්වා සරස්වති නංගි ටික්ක පහළට බැහැලා ඒ ගොල්ලො එනවද බලන්න කියලා.

මම උමා ඔයේ ගල්පොත්ත නාන තොටුපළට එනකම්ම ඔවුන් පේන්නවත් හිටියේ නැහැ. ඒත් සෝදපු රෙදි ගල් තලාව පුරාම වනලා තිබුණා.

මම වඩ වඩාත් විමසිලිමත්ව බලන විට මුලින්ම පුෂ්පවදීගේ සිරුර ඔය ඉවුරේ පාවෙමින් තිබෙනු දුටුවා.

මම වහා දිවගොස් කෑගසා අසලින් වූ ගල්ගේවත්ත අසල්වැසියන්ට කිව්වා.

එම අසල්වැසියෝ දිව විත් සොයා බලන විට අනෙක් දෙදෙනාගේ සිරුරු දෙකද වටවළේ පාවෙමින් තිබෙනු දැක ඒ බව උෟවපරණගම පොලිසියට කීවා."

මෙම සිදුවීම පිළිබදව එදිනම වැලිමඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චම්පික දිසානායක මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා එම සිරුරු තුන වැලිමඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා යොමු කළේය.

උෟවපරණගම පොලිස් ස්ථානාධිපති කේ.එල්.එම්. ජනකප්‍රිය මහතාගේ උපදෙස් මත මෙම මරණයන් පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

උමා ඔයේ ඉතාම අඩු ජල මට්ටමක් යටතේ සිදුවූ මෙම අවාසනාවන්ත මරණ තුන පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් එකම පවුලේ තිදෙනකුගේ ශෝකාන්තය එදින මෙසේ සිදුව තිබිණි.



 



Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  508 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,486 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,617 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,133 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,074 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,762 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,233 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,918 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,759 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top