Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
පීලි පැනපු බදුලු දුම්රිය ගොඩ ගන්න ගිය දුම්රියට වෙච්ච වැඩේ - Video & Photos

- පීලි පැනපු බදුලු දුම්රිය ගොඩ ගන්න ගිය දුම්රියට වෙච්ච වැඩේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,770 Views
ඊයේ (13) අලුයම හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර අඩි හැටේ පාලම අසළදී පීලි පැන තිබූ තැපැල් දුම්රිය පීලිගත කිරීමට පැමිණි දොඹකරය සහිත දුම්රියද ස්ථාන දෙකකදී පීලි පැනීමට ලක්ව තිබුණා.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු කළ බවයි.

මේ අතර හානියට පත් දුම්රිය මැදිරි යළි පීලිගත කිරීම සඳහා කොළඹ සිට දොඹකරයක් රැගෙන ගිය අතර එම දුම්රියද නාවලපිටිය සහ ඉඟුරුඔය හයින්පෝට් ප්‍රදේශයේදී ඊයේ (13) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 45 දරණ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (13) අලුයම 2 ට පමණයි අනතුරට ලක්ව තිබුණේ.  

දුම්රිය පීළි පැනීමෙන් දුම්රියේ පසුපස මැදිරි 4කට හානි සිදුව ඇති අතර පාලමට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
මේ අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 1000කට ආසන්න පිරිසක් සිට ඇති අතර තිදෙනෙකු සුළු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් මගීන් ප්‍රකාශ කළ දේ පහතින් -

- නිදන මැදිරි එක පාරටම පෙරළුනා මේ පැත්තට.කොළඹ ඉදන් ආවේ.ආපු ස්පීඩ් එකට වඩා ඉස්සරහ කෑල්ල ගියා.කාටවත් තුවාල වුණේ නෑ.

- කොටගල ස්ටේෂන් එක තියෙනවනේ.කිට්ටුවෙනකෙට එක පාරටම කෝච්චිය දඩබඩ ගාලා සද්දේ ගියා.කෝච්චිය එක පාරටම ඇල වුණා.

අනතුරින් පසු දුම්රියේ ගමන්ගත් අනෙක් මගීන් ඉතිරි මැදිරිවල නංවා එම දුම්රියෙන්ම බදුල්ල දක්වා ප්‍රවාහනයට කටයුතු කෙරුණු බවයි වාර්තා වුණේ.

අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ සිට ගමන්ගන්නා දුම්රියවල ගමනාන්තය හැටන් දුම්රිය ස්ථානය වන අතර බදුල්ල සිට පැමිණෙන දුම්රිය කොටගල දක්වා සීමා වී තිබෙනවා.

විජය සමරසිංහ - දුම්රිය ගමනාගමන අධිකාරි
(දුම්රිය දෙපාර්තමේන්තුව)

- අද රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වුණා.අනෙකුත් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන අතර හැටන් සහ කොටගල අතර බස් රථ මගින් මගීන් හුවමාරු කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.පීලි පැනීමට හේතු සෙවීමට සුළු මණ්ඩලයක් පත් කර තිබෙනවා.තවත් දිනක් වැනි කාලයක් අපි අපේකෂා කරනවා සම්පූර්ණයෙන්ම මෙය යථා තත්ත්වයට පත් කරලා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන්න.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..






   
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,631 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,621 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,250 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,280 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,175 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,826 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,343 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,201 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,087 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top