මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු හා පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරියෙකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ ආපන ශාලාවල වෙළඳසැල් පරික්ෂා කළ අයෙකු සොයා හැටන් නගර සභාව හා නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිළධාරින් විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.
හැටන් නගරයේ සි.සි.ටීවි කැමරා සවිකර නොමැති තොරා ගත් වෙළඳසැල් ආපන ශාලා කිහිපයකට ඊයේ (12) මෙම සැකකරු ගොස් එහි ඇති අඩුපාඩුකම් ගණනාවක් සම්බන්ධයෙන් එම වෙළඳසැල් හිමියන් දැනුවත් කර ඒ සඳහා රුපියල් විසිපන්දහසක දඩයක් ගැසීමට සිදුවන බවද පවසා නැවත වෙළඳසැලට පැමිණෙන බව දන්වමින් ගිය බවයි එම වෙළඳසැල් හිමියන් පවසන්නේ.
එසේ පැමිණි නිළධාරියාගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙසට වෙළඳසැල් හිමියන් ඉල්ලා සිටියත් ඔහු හැඳුනුපතක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා එම වෙළඳසැල් හිමියන් එම සැකකරුව ජංගම දුරකථනයකින් ජායාරූපයක් ගෙන හැටන් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිළධාරින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම සැකකරුව අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ෂණයක් ආරම්භ කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් සහ නුවරඑළිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ විමර්ෂණ නිළධාරි විමලසිරි ඉලූක්කුඹුර පැවසුවේ.