කැලිෆෝනියාවේ සාන් ඩියේගෝහිදී පුද්ගලයෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම පුද්ගලයා නගරයේ උඩුකය නිර්වස්ත්‍රව සිටින විට ඔහු ගැන සැක සහිතව සුදු පැහැති පොලිස් නිලධාරීන් තිදෙනෙකු කතා කිරීමට ඔහු ළගට පැමිණ තිබෙන අතර කිසිවක් කතා කිරීමට ප්‍රථමයෙන් ඔහුගේ දෑත් එකට ගෙන මාංචු දැමීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබෙනවා
නිලධාරින් සමඟ ගමන් කළ K9 සුනඛයා එකවර සැකකරුගේ ඇගට පැන වම් අත තදින් අල්ලාගෙන තිබෙනවා. සැකකරු වේදනාවෙන් කෑගසන විට එක් පොලිස් නිලධාරියෙක් සුනඛයාව ඉවත් කිරීමට උත්සහ ගන්නේ සිද්ධිය ගණන් නොගෙන බවත් එම දර්ශනය පාරේ ගිය පුද්ගලයකු වීඩියෝ ගත කර ඔහුගේ මුහුණත් පොතට මුදා හැර තිබෙනවා. ඒ 'මේ නිලධාරියාට ඔහු ගැන කිසිම පාලනයක් තිබුණේ නැහැ' යැයි සඳහන් කරමිනුයි.
මෙම වීඩියෝව ෆේස්බුක් වටා මිලියනයකට වඩා වැඩි ගණනක් නරඹා ඇති අතර පොලිස් නිලධාරීන් හෝ සැකකරු වැරදියි දැයි විවාද පවත්වා තිබේන බවත් සදහන්.